IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්නාරමේ අක්කර 40ක ඉඩම ගැන සාක්කිකරුවන්ගේ වාර්තා කැඳවයි

(නිමන්ති රණසිංහ)

කර්මාන්ත හා වාණීජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරා වූ උතුරු මැද පළාත් පළාත් සභා මන්තී‍්‍ර රිෆ්ඛාන් බදියුදීන් මහතා විසින් රුපියල් ලක්ෂ 240ක් වටිනා මන්නාරම තෙලෙයිමන්නාරමේ පිහිටි අක්කර 40ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කර ගත්තැයි කියන සිද්ධියකට අදාළ සාක්ෂිකරුවන්ගේ සම්පිණ්ඩන වාර්තාවක් ලබන අගෝස්තු 22 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියෝග කළාය.
 
මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.
 
මෙම සිද්ධියේ රිෆ්ඛාන් බදියුදීන් නැමැත්තා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සදහන් කර සිටියේ තම සේවාදායකයා මෙම සිද්ධියේ  අගතියට පත්වී ඇති බැවින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසය.
 
මෙම සිද්ධියේ අගතියට පත්වී ඇත්තේ මුල් පැමිණීලිකරු විනා එම ඉඩමට බලෙන් ඇතුළු වූ රිෆ්ඛාන් බදියුදීන් නැමැත්තා නොවන බැවින් අගතියට පත් පාර්ශවය ලෙස සළකන ලෙස කරන ලද ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන බව මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය සිය නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් පැවසුවාය.
 
එසේම, මේ වන තෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් නොකළේ මන්දැයි අද (18) මහෙස්ත‍්‍රාත්වරිය එම දෙපාර්තමේන්තුවෙන් විමසුවාය.
 
මෙම සිද්ධියට අදාළ රිෆ්කාන් බදුර්දීන් සම්බන්ධයෙන් මන්නාරම ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයෙන් වාර්තා කැඳවූ බවත් එහිදී ඉඩම් 23කට අදාළ තොරතුරු වාර්තා වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
 



අදහස් (3)

මන්නාරමේ අක්කර 40ක ඉඩම ගැන සාක්කිකරුවන්ගේ වාර්තා කැඳවයි

jagathwana Thursday, 18 July 2019 12:04 PM

ඇයි එදා කොමිසම හමුවේ කිවේ රිෂාඩ් බදුයුදීන්ට ඉඩම් නෑ කියල, තියනවානම් ඔක්කොම රජයට පවරගන්න කියල. දැන් ඉතින් ඔය ඔක්කොම ඉඩම් විල්පතුවත් ඇතුළුව රජයට පවරගන්න තමයි තියෙන්නේ.

:       0       0

jagathwana Thursday, 18 July 2019 12:11 PM

ඇයී රජයේ තක්සේරුව මෙච්චර අඩු, අක්කරේ රු 60,000 යි, පර්චස් එකක් වෙන්නේ රු 375 යි.

:       0       0

Asanka Thursday, 18 July 2019 12:59 PM

මොකටද බොරුවට උසාවියේ කාලේ නාස්ති කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 282 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 41 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 127 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 621 3

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 213 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 273 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site