(මනෝප‍්‍රිය ගුණසේකර)
කුඩු ජාවාරම්කරුවකුට පක්‍ෂපාති වන අන්දමට අධිකරණය හමුවේ පරස්පර සාක්කි ලබාදුන් බව කියන පොලිස් සැරයන්වරයකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.
අධිකරණය හමුවේ පරස්පර සාක්කි ලබාදුන් බව කියන පොලිස් සැරයන්වරයාගේ අක්‍ෂි සම්බන්ධයෙන් විශේඥ අක්‍ෂි වෛද්‍යවරයකුගේ වාර්තාවක් හා ඔහුගේ මානසික තත්වය පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක්ද කැඳවීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ බදුල්ල දුෂණ මර්දන අංශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන් (54092) චන්ද්‍රරත්න මහතාය.
2006 ජනවාරී මස 17 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්තේදී හෙරොයින් ග්‍රෑම් 43.44ක් ළඟ තබාගෙන ජාවාරම් කළ බවට මොහොමඩ් සාහිර් මොහොමඩ් ගඩාපි නමැත්තාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මාලිගාවත්ත පොලිසියේ දුෂණ මර්දන අංශය විසින් කරන ලද වැටලීමකදී විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධ නඩුවේ පැමිණිල්ලේ 10 වැනි සාක්කිකරු වශයෙන් මෙම පොලිස් සැරයන්වරයා අධිකරණයට කැඳවනු ලැබ ඇත.
මෙම නඩුව යළි කැඳවන ලබන 21 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක
හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බොරු සාක්කි දුන් පොලිස් සැරයන් රිමාන්ඩ්