(නිමල කොඩිතුවක්කු)
විශ්‍රාම වැටුප් ගැටලු හා සේවක සුභසාධන ප්රතිලාභ මත බදු අයකිරීම යන ගැටලු මුල් කරගනිමින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවක සංගම් 19ක සහභාගීත්වයෙන් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා කොළඹදී පැවැසීය.
තම ගැටලු සම්බන්ධයෙන් අවස්ථා ගණනකදී ලිඛිතව සහ වාචිකව මුදල් අමාත්‍යාංශය දැනුවත් කළද මෙතෙක් ඒ සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද හෙතෙම සඳහන් කළේය.
මරදාන පන්සල පාර පිහිටි ලංකා බැකු සේවක සංගම් කාර්යාලයේ අද(17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රන්ජන් සේනානායක මහතා මේ බව පැවැසීය.
රාජ්‍ය බැංකුවලට 1996න් පසු බැදුණු සේවකයන්ට ස්ථාපිත කර ඇති විශ්‍රාම වැටුප් ක්‍රමවේදයන්හි පවතින ගැටලු සහ නව අදායම් පනත මගින් සේවක සුභ සාධන ප්රතිලාභ මත උපයනවිට ගෙවීම් බදු පැනවීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ලබන 20 වනදා මුදල් අමාත්‍යංශය සමග අවසන් සාකච්ඡා පවත්වන බව පැවසූ ඒ මහතා එහිදී විසඳුමක් නොලදහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා සිය වෘත්තිය ක්‍රියාමාර්ග මෙහෙයවන බව පැවසීය.
මෙම අවස්ථාවට ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා, රජයේ සහ පෞද්ගලික බැංකු සේවක නියෝජිතවරු ඇතුලූ පිරිසක් එක්වූහ.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බැංකු සේවක සංගම් 19ක් වර්ජනයකට සැරසේ
SHAN Monday, 17 June 2019 11:55 AM
බැංකු සේවකයන් මේ කරන වර්ජනය කුමන කාලයකට බල පාන්නේද දැන්ව සිටියොත් හොදා නැත්නම් අප පිට රටවල සිට එවන මුදල් පවුල්වල අයට ලබා ගැනීමට නොහැකි වීම නිසා ගැටළු ඇති වෙනවා නැත්නම් අපට ලංකාවේ බැංකු වලට එවීම අත් හිටවීමට සිදුවනවා
Raveendra Monday, 17 June 2019 02:21 PM
මේ අනුන්ගේ මුදල්වලින් ජැන්ඩියට ටයි, කෝට් ඇඳ පැළඳගෙන ඉංග්‍රීසි චුට්ටක් කටේ ගාගෙන එනවා අපේ කටේම උලන්න....
JagsMonday, 17 June 2019 05:28 PM
ඉතින් ඔයා සල්ලි ටික ළඟ තියාගෙන ඉන්නකෝ. මොකටද බැංකුවේ දාන්නේ...? අනේ නිකන් යන්න... හැම රෙද්දෙම අඩුපාඩු දකින හරක් වැඩ කරන අය හින්දා තමයි අද රටට මෙහෙම කෙලවෙලා තියෙන්නේ...
mohan Monday, 17 June 2019 02:56 PM
පෙන්ෂන් එකයි, ඊ.පී.එෆ්. එකයි ඕනෙවෙන්නේ බැංකු සේවකයන්ට විතරයිද?
සෙනෙවිරත්න Monday, 17 June 2019 06:16 PM
ලද දෙයින් සතුටු වීමට පුරුදු විය යුතුය
දිමුත් Tuesday, 18 June 2019 10:52 AM
මේගොල්ලන්ට ලැබෙන ප්රතිලාභ මදිවටද? ඒ මදිවට අවුරුද්දකට වැඩිම නිවාඩු ලබාගන්න ක්ෂේත්‍රයත් මේගොල්ලොමයි.
keshara kottegoda Thursday, 20 June 2019 11:15 AM
මේ කියන විදියට බැංකු සේවකයන්ගේ විතරක් නෙවෙයි හැමෝගෙම වැටුපෙන් මේ බද්ද ගන්නවනේ.