IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බ්‍රිගේඩියර් ප්‍රියංකගේ නඩු තීන්දුව දේශපාලනික පෙළඹවීමක්

එක්සත් රාජධානියේ මහ මැතිවරණය ආසන්නයේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට දුන් නඩු තීන්දුව දේශපාලනික පෙළඹවීමක් මත කරන ලද්දක් යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස 1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 31 වැනි වගන්තියට අනුව බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය හිමිවන බව ද එම නිවේදනයේ දැක්වේ.

පෞද්ගලික වශයෙන් නඩු පැවැරීම, බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තිය තහවුරු කිරීමට අපොහොසත් වීම, එක්සත් රාජධානියේ මහ මැතිවරණය ආසන්නයේ ඇති මොහොතක දී මෙම තීන්දුව ලබාදීම, නඩු විභාගය අතරතුරදී එල්.ටී.ටී.ඊ. ධජ රැගත් පැමිණිලි පාර්ශවයේ ආධාරකරුවන්ගේ නොහික්මුණු හා බියගන්වන සුළු හැසිරීම පිළිබඳ චෝදනාව, පෞද්ගලික වශයෙන් නඩු පැවැරීම මඟින් විත්තිකරු විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වරප්‍රසාදිත තොරතුරු පොදු මාධ්‍ය වෙත කාන්දුවීම පිළිබඳ චෝදනාව යන කරුණු තුළින් මෙය දේශපාලනික පෙළඹවීමක් මත කරන ලද ක්‍රියාවක් බව මනාව පැහැදිලි වන බවද එහි සඳහන් වේ. 

විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

"මජුරන් සත්‍යානන්දන් එදිරිව බ්‍රිගේඩියර් ආඬිගේ ප්‍රියංක ඉඳුනිල් ප්‍රනාන්දුගේ නඩුව 2019 නොවැම්බර් 19 වැනි දින වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ දී අවසන් කරන ලද අතර, ඒ පිළිබඳ තීන්දුව 2019 දෙසැම්බර් 6 වැනි දින වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ලබා දෙන ලදී. ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් එක්සත් රාජධානියේ මහජන සාමය පිළිබඳ පනතේ 4 (අ) වගන්තිය යටතේ තීන්දුව ලබා දී, පහළ මට්ටමේ සංකල්පීය මූල්‍ය දඬුවමක් නියම කළ නමුත්, වරෙන්තුවක් නිකුත් කිරීම සුදුසු යැයි නොසළකන ලදී. විත්තිකරු රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තියෙන් ආරක්ෂාව නොලබන බවට මීට ඉහත දී තීන්දු කළ විනිසුරුවරිය, එම තීන්දුව පිළිබඳව නැවත සළකා බැලීමක් ද නොකළාය. නඩුව පිළිබඳ ක්‍රියාවලිය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ තර්කය ද ඇය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස, 1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 31 වැනි වගන්තියට අනුව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතාට රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය හිමිවන බව ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කියා සිටී.

2019 ජනවාරියේ දී වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රථම වරට සිතාසි නිකුත් කළ අවස්ථාවේ දී, එවකට ශ්‍රී ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විදේශ ලේකම්වරයා විසින් කැඳවනු ලැබූ අතර, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය නොසලකමින් චෝදනාවට ලක්වූ සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අධිකරණ මඟින් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව විරෝධය පළ කරන ලදී. එම අධිකරණය විසින් ජාත්‍යන්තර නීතිය පිළිබඳ වරදවා වටහා ගැනීම සහ විනිර්මුක්තිය ඉල්ලා ශ්‍රී ලංකා රජය විසින් එවන ලද රාජ්‍ය තාන්ත්‍රික සටහනේ අන්තර්ගතය එම අධිකරණයේ පරිපාලනය මගින් මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කිරීමට අතපසු වීම සම්බන්ධයෙන් සිදුව ඇති අඩුපාඩු නිවැරදි කිරීම සඳහා, වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ඇතුළු ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හරහා විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය වෙත ඉල්ලීමක් කරන ලදී. මේ පිළිබඳව විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලයීය කාර්යාලය සමඟ තවදුරටත් කටයුතු කිරීමට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියට ද උපදෙස් දෙන ලදී. මෙම අන්‍යෝන්‍ය බැඳීමට ගරු කරන ලෙස එක්සත් රාජධානියේ රජයෙන් ද ඉල්ලා සිටින ලදී.

මෙහි දී සිතාසි පටිපාටිය නිසි අයුරින් සිදු නොකරන ලද බවත්, එය නැවත නඩු විභාගයකට තුඩු දුන් බවත් නඩු විභාගයේදී අධිකරණය විසින් පිළිගන්නා ලදී. පවතින සාක්ෂිවලට අනුව, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වූ පෙලපාලිකරුවන් විසින් මෙන්ම, අධිකරණයේ නඩු විභාගයේ දී වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී විරෝධතා දැක්වූ පුද්ගලයින් විසින් ද එක්සත් රාජධානියේ තහනම් සංවිධානයක් වන එල්ටීටීඊ සංවිධානයේ ධජ භාවිතා කර තිබේ.

මෙම සිදුවීම්වල අනුපිළිවෙල, එනම්, පෞද්ගලික වශයෙන් නඩු පැවරීම, බ්‍රිගේඩියර් ප්‍රනාන්දු මහතාගේ රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය තහවුරු කිරීමට අපොහොසත් වීම, එක්සත් රාජධානියේ මැතිවරණය ආසන්නයේ ඇති මොහොතක දී තීන්දුව ලබා දීම, අධිකරණ නඩු විභාගය අතරතුර දී එල්ටීටීඊ ධජ ද රැගෙන සිටි පැමිණිල්ලේ ආධාරකරුවන්ග නොහික්මුණු හා බියගන්වනසුළු හැසිරීම පිළිබඳ චෝදනාව, පෞද්ගලික වශයෙන් නඩු පැවරීම මගින් විත්තිකරු විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වරප්‍රසාදිත තොරතුරු පොදු මාධ්‍ය වෙත කාන්දු වීම පිළිබඳ චෝදනාව යන කරුණු තුළින් මෙය දේශපාලනික වශයෙන් පෙළඹවීමෙන් සිදු කරන ලද ක්‍රියාවක් බව මනා ලෙස පැහැදිලි වෙයි".

(055)



අදහස් (13)

බ්‍රිගේඩියර් ප්‍රියංකගේ නඩු තීන්දුව දේශපාලනික පෙළඹවීමක්

Rata Perata Sunday, 08 December 2019 08:23 AM

හැමතැනටම වහල් බූවල්ලෝ රිංගලා වගේ. මොනවද මේ නිවේදන? වැරදි කියලා හිතෙනවා නම් නඩු තීන්දුවට අභියෝග කරන්න.... නීතියට අනුව. මේ වගේ නිවේදන වලින් වහල්ලු චූන් වෙයි. රාජ්‍ය සම්බන්ධතා පලුදුවෙයි.

:       122       265

පියල් Sunday, 08 December 2019 10:12 AM

මේ වගේ විහිලු කතාවක් කාලෙකට පස්සේ ඇහුවාමයි. මේ සිදුවීම ගැන බ්‍රිතාන්‍යයේ කිසිම මාධ්‍යයක් වාර්තා කර නැති බවයි පෙනෙන්නේ. මෙවර බ්‍රිතාන්‍ය මැතිවරණයේ කතාබහට ලක්වී ඇති ප්‍රධාන මාතෘකාව වෙන්නේ යුරෝපා සංගමයෙන් ඉවත්වීම මිස මේ කොහෙවත් යන තානාපති කාර්යාල සේවකයෙකුගේ නඩු හබයක් නොවේ...

:       375       543

ruchiSunday, 08 December 2019 12:02 PM

කොහෙවත් යන කාර්යාල සේවකයෙක්? හොඳට මතක තියාගන්න. කොන්ද කෙලින් තියාගෙන ඩයස්පෝරාවට විරුද්ධව අපේ රට නියෝජනය කරපු නිර්භීත නිලධාරියෙක්...

:       153       582

දේසප්‍රියSunday, 08 December 2019 12:59 PM

රාජ්‍යතාන්ත්‍රික උසස් නිලධාරියා තමුන්ගේ නිලයට නොගැලපෙන විදියට කටයුතු කරපු හැටි මුලු ලෝකෙම දැක්කා. පටු අදහස් තියෙන, මොලේ උඩ ඉන්න අයට කෙසේ වෙතත් මේවා බාල වැඩ...

:       667       687

sumith dhanushkage - uk Sunday, 08 December 2019 02:12 PM

නිර්භීත කෙනෙක් නිසාද පිටිපස්සට වෙලා අතින් බෙල්ල කපනවා යන සංඥාව දුන්නේ...? නිර්භීත කියන්න පුළුවන් ඔන්න ඉස්සරහට ඇවිල්ලා පිහියකින් කොටියෙකුගේ බෙල්ල ඇත්තටම කැපුවා නම්.. මට ආරංචි විදිහට දැන් දඩය ගෙවලා.. මෙයාව ලන්ඩන් නගරය පුරාවට වාහනවලින් පෙරහැරකින් ගෙනියන්නලු ලැහැස්තිය... බලාගෙනයි.. කොටි පැනලා මිනිහව අරන් ගියොත් ප්‍රශ්නය දිග්ගැස්සේවි... එහෙම වුණොත් ඔවුන්ට ඒ ඉල්ලන කෑල්ල දෙනකම්ම මේ මනුස්සයාව ප්‍රාණ ඇපකරුවෙක් විදිහට තබාගනිවී. මේ රට ඇතුලේ ඉන්න සමහරක් මෝඩ ගෝත්‍රිකයින් හිතන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා.

:       340       348

jagath Sunday, 08 December 2019 10:50 AM

මේ තීන්දුව පටු දේශපාලන වාසි ගැන නොතකා.. රට ගැන සිතන්න. සාධාරණව මේ ගැන දෙවතාවක් හිතන්න ඕනේ...!!!

:       0       13

sena Sunday, 08 December 2019 12:00 PM

මේ විහිළු ලියලිය ඉන්නේ නැතුව මේ නඩුතීන්දුවට එරෙහිව ඇපීල් කරන්න බැරිද? මේක මෙම නිලධාරියාට පමණක් සම්බන්ධ දෙයක් නෙවෙයි. සමස්ත විදෙස් සේවයට සම්බන්ධ දෙයක්..

:       28       160

සංජීව Sunday, 08 December 2019 02:34 PM

දැන් මේ ගොල්ලෝ ලංකාවේ නිවේදන නිකුත් කරකර හිටියම අර මනුස්සයා නිදහස් වෙනවද? කරුණාකරලා විකාර කරන්නේ නැතුව ඔහුව බේරාගන්න වැඩපිළිවෙලක් කරන්න. ඡන්දය තියෙන්නේ එහේ මිසක් මෙහේ නෙවෙයි.

:       0       3

Asanka Sunday, 08 December 2019 04:20 PM

යුද්ධයෙන් නොමැරුණු කොටි කී දෙනෙක්නම් ලංකාවේ තව ඉන්නවද කියලා බලාගන්න මේ අදහස් කියවලා බලන්න... මිනිසුනේ නුඹලා ලක්මවට මේ පොළවට සාපයක්...

:       21       17

ramaniSunday, 08 December 2019 09:53 PM

ලක්මවට ශාපයක් වෙලා තියෙන්නේ ඔබගේ ඔය නිලධාරියානේ. හමුදා නිලධාරියෙක් කියන්නේ තද විනයක් ඇති කෙනෙක්... ඒ වගේ කෙනෙක් මේ වගේ පිස්සුවක් කෙළපුවම ලක්මවට ආඩම්බරද...? ඔබ වැනි වහල්ලු නම් ලක්මවට ශාපයක් තමයි...

:       0       2

C.K.LankaputhraMonday, 09 December 2019 01:22 AM

ලංකාව කොටි දෙනෙක් සියලු සැප විඳිමින් ලංකාවේ ඉන්නවා. කේ.පී, , කරුණා, පිල්ලෙයාන්, දයා මාස්ටර්. අසන්ක මහත්තයට ඒවා දැන් පෙනෙන්නෙ නෑ වගෙයි. ඉස්සර පෙනුනෙත් නෑනෙ.

:       0       1

Bandara Monday, 09 December 2019 01:55 AM

කොමෙන්ට්ස් දකිද්දී යහපාලනයට කඩේ යන අය කොටියට සපෝර්ට් කියලා හොඳට තේරෙනවා.

:       4       1

athuraMonday, 09 December 2019 04:31 AM

දැන් ආයි කොටි සීන් එකද අර මුස්ලිම් සීන් එක ඉවරද.? මෙහෙමත් වහල්ලු.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1432 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 674 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 576 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 314 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 546 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 498 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site