(නිමල කොඩිතුවක්කු)
විසිඑක් වන සියවසේ ජීවත්වනවා වෙනුවට බලය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය ගෝත්‍රිකයන් ලෙස කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය.
ජාතිවාදය සහ ආගම්වාදය පිලිබඳ කතාකරනවා මිස ඔවුන්ගෙන් රටට බලාපොරොත්තු විය හැකි දෙයක් නොමැති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේද කීය.
‘‘අපේ රජය ගතවූ වසර හතර තුළ රටේ විශාල සංවර්දන වැඩපිළිවෙළක් ගෙන ගියා. ජනතාවගේ යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවාව, අධ්‍යාපන සේවය, ගම්වල පාරවල් හදන්න විශාල මුදලක් වෙන් කළා. මේ අවුරුද්දේත් ගම්පෙරලිය වැඩසටහන මගින් එක ආසනයකට මිලියන තුන්සීක් වෙන් කරලා විශාල වැඩපිලිවලක් කර ගෙන යනවා.
අපේ රජය යටතේ පසුගිය වසර හතරහමාර තුළ මේ රටේ සංවර්ධනය, දියුණුව, දේශපාලන ප්‍රතිසංස්කරණ, රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම, නීතියේ ආධිපත්‍ය තහවුරු කරමින් අධිකරණයේ ස්වාධීනත්වය ඇතිකරමින් ආපු ගමනක් අපි දැක්කා. ඔක්තෝබර් මාසයේ සිදුවූ ඒ කුමන්ත්රණයත් එක්ක යම් ප්‍රමාණයකින් පස්සට යන්න අපිට සිදුවුණා. මේ තත්වය නිවැරදි කරමින් අපි ආපු ගමන පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක නැවත ආපස්සට හැරිලා තියෙනවා.
ඒ ගමන ආපස්සට හරවන්න මේ බෝම්බය පිපිරෙනකම් බලාගෙන හිටපු පිරිසක් අද රටේ ඉන්නවා. ඒ අය මේ පාස්කු ඉරිදා ප්‍රහාරය නිකං අවුරුද්ද සමරනවා වගේ සමරනවා. මේ රටේ අහිංසක ජනතාවගේ මලමිනී උඩින් ගිහින් තමන්ගෙන් ගිලිහුනු බලය යලි ලබා ගැනීමේ උත්සාහයක ඔවුන් නිරත වෙලා සිටිනවා.
අද ඔවුන් සංවර්ධනය පිළිබඳ ආණ්ඩුවට චෝදනා එල්ල කරන්නේ නැහැ. ප්රජාතන්ත්රවාදය, ආර්ථිකය ගැන ඔවුන් කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් ජාතිවාදය ආයුධයක් කරගෙන දඟලනවා.
ජාතිවාදය මගින් බලයට ඒමට අද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න සමහර දේශපාලන නායකයො කටයුතු කරනවා. ඒ සදහා ඔවුන් ඉතාම ගෝත්රක විදියට මේ රටේ ජනතාව අතර සැකය වෛරය අවුස්සන්න කටයුතු කරගෙන යනවා. ඔවුන් පහුගිය කාලයේ උතුරේ ආවා කල්ලිය හැදුනම ඒක ලොකූ බිල්ලෙක් මවලා නැවත එල්.ටී. ටී. ඊ සංවිධානය බිහිවුණා කියලා ජනතාව අතර කාවද්දන්න විශාල උත්සාහයක් දැරුවා.
දවසගානේ මේ රටේ ජනතාව අතර සැකය, වෛරය, අවිශ්වාසය ඇතිකරන සඨන්පාඨ නිතරම ඔවුන්ගේ මාධ්‍ය සාකච්ඡාවල ඔවුන් කතා කරනවා. එක්කො ඇවිත් දොස්තර සාෆි ගැන කියනවා, එක්කො ඇවිත් ජනගහනය ගැන කියනවා. එහෙම කියලා අපිව බෙදලා වෙන්කරලා අපි එකෙනිකා අතර සැකයෙන් බලන මානසිකත්වයක් මේ රටේ ඇති කරන්න අද ඒකාබද්ද විපක්ෂය උත්සාහ කරනවා.
මේ ඇතිවූ ත්‍රස්තවාදී උවදුර අද වනවිට මුළුමනින්ම විනාශ කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ ගැන අපි ආරක්ෂක අංශ වලට ස්තූතිවන්ත විය යුතුයි’’ යැයිද මන්ත්‍රීවරයා එහිදී පැවැසීය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බලය වෙනුවෙන් විපක්ෂය ගෝත්‍රිකයන් ලෙස ක්‍රියා කරනවා’