IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


බදුර්දීන් - අසාද් සාලි ගාවගත්තොත් මගේ සහය නෑ

(විනීතා එම්. ගමගේ)

        ශ්‍රී ලංකාව තුල මුස්ලිම් අන්තවාදය පෝෂණය කිරීමට ඍජු දායකත්වයක් ලබා දෙන බවට හෙළි වී ඇති රිෂාඩ් බදුර්දීන් හෝ අසාද් සාලිගේ සහය ලබන කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට පිවිතුරු හෙළ උරුමයේ සහය ලබා දෙන්නේ නැතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

        තම පක්ෂය කොතරම් ප‍්‍රිය කරන අපේක්ෂකයෙකු වුවත් මුස්ලිම් අන්තාවාදීන්ගේ සහය ලබන්නේ නම් ඒ අපේක්ෂකයාට සහය නොදීමට පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභාව රැස්ව තීන්දුවක් ගත් බව ද ගම්මන්පිල මහතා කීය.

අන්තවාදය ත‍්‍රස්තවාදයක් බවට පෙරළී පාස්කු ඉරිදා මහ විනාශය සිදු කරන තෙක් එය පෝෂණය කිරීමට සෘජුවම වගකිවයුතු දේශපාලකයින් දෙදෙනෙකු ලෙස මොවුන් දෙදෙනා හඳුනා ගෙන ඇති බවත් අන්තවාදීන් සුළු පිරිසකට මේ රට නටවන්න, රිදවන්න, සොළවන්න පුළුවන් වී ඇත්තේ සිංහලයා දෙකට බෙදී, ආණ්ඩු හදන්නට අන්තවාදීන් වන්දනා කරන නිසා යැයි ද හෙතෙම කියා සිටියේය.

විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා සහ තමන් දිගු කාලයක් තිස්සේ මේ රටේ දෙමළ බෙදුම්වාදය සහ ඉස්ලාම් අන්තවාදය පිළිබඳව අනතුරු අඟවද්දී සතුරු පිලේ මෙන්ම මිතුරු පිලද තමන් අන්තවාදීන් ලෙස දුටුවේ යැයි කී මන්ත‍්‍රීවරයා තමන් කී දේ මහ පොළොවේ ඇත්ත බවට පත්ව ජාතියේම ඇස් ඇරී ඇතැයි ද පැවසීය.

රටම භයානක අවදියකට පත්ව ඇති බවත් ජීවිත 200කට වැඩි ගණනක් අහිමි කළ, 500ගණනකට තුවාල සිදු කළ බෝම්බ ප‍්‍රහාරයේ දෝංකාරයෙන්වත් මර නින්දේ සිටින මේ ආණ්ඩුව ඇහැරවිය නොහැකි වී ඇති බවත් කී ගම්මන්පිල මහතා ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට මේ ආණ්ඩුව කිසිදු පියවරක් නොගත් බවත් ඉතා වගකීමෙන් කියා සිටින බව ද කීය.

ආණ්ඩුවට විතරක් නෙවෙයි ජනතාව තෝරා දුන් මහජන නියෝජිතයන් විදිහට මේ රටට ඇත්තටම ආදරේ නම් පාර්ලිමේන්තුවක් විදියට ගත යුතු ක‍්‍රියාමාර්ග කිහිපයක් ඇති බවත් පක්ෂ විපක්ෂ සියලු දෙනාම මේ යෝජනා රටේ නීති බවට පත්කරන්න තැනට තල්ලු කිරීමටත් බලාපොරොත්තු වෙන බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

ප‍්‍රධාන පක්ෂ දෙක අසරණ කරමින් අන්තවාදීන්ට මේ රට නටවන්න පුළුවන් වී ඇත්තෙ වත්මන් මැතිවරණ ක‍්‍රමය නිසා බවත් මේ නිසා දිස්ත‍්‍රික්කයක වැඩිම ඡන්ද ගන්නා පක්ෂයට ප‍්‍රසාද මන්ත‍්‍රී ධුරයක් දෙනවා වෙනුවට  ජාතික වශයෙන් වැඩිම ඡන්ද ගන්නා පක්ෂයට ප‍්‍රසාද මන්ත‍්‍රී ධූර 15 ක් ලබා දීමට තම පක්ෂ්‍ය යෝජනා කරන බව පිවිතුරු හෙළ උරුමය නායකයා කීය.

මෙතරම් විනාශයක් වී තිබියදීත් තවමත් බුර්කාව තහනම්කර නැතැයි ද හදිසි නීති රෙගුලාසි යටතේ තහනම් කළා යැයි කීම බොරුවක් බවත් මේ දක්වා ගැසට් නිවේදනයක් නොදුටු බවත් කී ගම්මන්පිල මහතා රටේ නීතිය හැදී නොමැති බැවින් ජනතාව නීතිය අතට අරගෙන බුර්කා අඳින අයගේ බුර්කා ගැළවීමට යෑමෙන් රටේ අනවශ්‍ය පීඩනයක්, කලහාකාරී තත්වයක් ඇතිව පවතින්නේ යැයි ද සඳහන් කළේය. වහාම බුර්කාව තහනම් කරන්න නීති සම්පාදනය කළ යුතු බවත් යමෙකු මුහුණු ආවරණයක් පැළඳ යනවා නම් ඒ පුද්ගලයා අතේ මුහුණු ආවරණයක් පැළැඳීමට අවශ්‍ය වෛද්‍ය නිර්දේශ තිබිය යුතු බවටත් නීති පනවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද කීය.     

රටම එක විවාහ නීතියකට යටත් කරමින් ආගම් භේදයකින් තොරව සෑම අයෙකුගේම විවාහ වීමේ වයස අවුරුදු 18 බවට පත් කිරීමටත් එක් පුද්ගලයෙකුට විවාහ විය හැකි බිරියන් ගණන එක් අයෙකුට සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතුයැ ද හෙතෙම කියා සිටියේය.

මද්‍රාසා විෂය නිර්දේශය අනුමැතියක් ලබා ගත යුතු අතර බුද්ධි අංශ විසින් මද්‍රාසා ගුරුවරු සහ ඉගැන්වීම් සෘජු අධීක්ෂණයට යටත් කළ යුතුව ඇතැයි කී ගම්මන්පිල මහතා ආගම් ඉගැන්වීමේ පෞද්ගලික විශ්වවිද්‍යාල විෂය නිර්දේශ ගුරුවරු අනුමත කිරීම ඇතුළු සියලු කටයුතු විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සෘජු අධීක්ෂණයට යටත් කිරීමට කටයුතු කළ යුතු යැයි ද පැවසීය.

අන් ආගම් ප‍්‍රතික්ෂේප කරන හෝ ප‍්‍රචණ්ඩත්වය දිරිමත් කරන ආගමික ඉගැන්වීම් ජනමාධ්‍ය හරහා ප‍්‍රචාරය කිරීම තහනම් කළ යුතුයැයි ද ශ්‍රී ලංකාවේ ආගමික සංවිධාන ඇතුළු සියලුම රාජ්‍ය නොවන සංවිධානවලට ලැබෙන අරමුදල් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලය සෘජුව අධීක්ෂණය කළ යුතු යැයි ද ප‍්‍රකාශ කළේය. 

සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම තමන්ට අරමුදල් ලබා දෙන පුද්ගලයින් සහ ආයතන, එකී මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වාර්ෂික වාර්තාවක් රටේ සෑම පුද්ගලයකුටම දැන ගත හැකි ආකාරයට ප‍්‍රසිද්ධ කළ යුතු බවත් කී ගම්මන්පිල මහතා නිසි පෙර අනුමැතියකින් තොරව ආගමික සිද්ධස්ථාන ඇති කිරීම ආගමික ගැටුම්වලට ප‍්‍රබලම හේතුවක් යැයි අත්දැකීමෙන් දැකිය හැකි බැවින් සියලුම ආකාරයේ නිසි පෙර අනුමැතියකින් තොරව ඉදි කරන සියලුම ආගමික සිද්ධස්ථාන කඩා ඉවත් කළ යුතු බව ද ස`දහන් කළේය. 

නීති විරෝධී සංක‍්‍රමණිකයන් පැමිණ ඇති රටවල් හඳුනගෙන එම රටවලට පැමිණි විට ලබාදෙන වීසා ලබා දීම වහාම නැවැත්විය යුතු බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය හමුව ඇමතූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ ජීවිත 300ක් නැතිවී, දරුවන් නැතිවූ මවුපියන් අ`ඩනවා බලමින් මේ ඛේදවාචකය මතක හිටින මානයේ තබාගෙන අපි ආරක්ෂිතයි කියා සිතන්නේ නම් එතරම් මිත්‍යාවක් තවත් නැති බවය.

ත‍්‍රස්තවාදින් ඉන්නේ 150ක් කියා එයින් 80%ක් අල්ලා ඇතැයි රටේ ජනාධිපති කියන නමුත් රටේ හැම තැනකින්ම කඩු අසුවන බවත් ඒවා පෙන්නන්නට එපා යැයි මාධ්‍යයට වාරණ දමන බවත් පල්ලිවලින් කඩු අසුවන කඩු කාගෙ බෙල්ලට මේවා පතිත වෙන්නේ ද? කවදා පතිත වෙන්නේ ද? යැයි කිව නොහැකි බවත් කී වීරවංශ මහතා මේ කඩු හුරතලේට හදන ඒවා විය නොහැකි බව ද කියා සිටියේය.

මේ ගැන විවිධ ප‍්‍රකාශ කරමින් ජන විඥාණයට අවමන් කරමින් මුස්ලිම් දේශපාලඥයන් කටමැත දොඩවන බවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප‍්‍රහාරවලින් ඇති වන වේදනාවට වඩා  මේ කටමැත දෙඩවීම්වලින් ඇති වන වේදනාව වැඩි බවත් මන්ත‍්‍රීවරයා පැවැසීය.

ත‍්‍රස්ත කි‍්‍රයාදාමයන්ට එරෙහිව තවමත් ඒකාබද්ධ අණ දෙන මූලස්ථානයක් ආරම්භ කර නැතැයි පෙන්වා දුන් වීරවංශ මහතා  ත‍්‍රස්ත ක‍්‍රියාවලට එරෙහිව මොන නීතිය යටතේ ද අධිකරණයට දාන්නේ කියා තීරණය කරන්නේ පොලිසිය යැයි ද පැවසීය.

පොලිස් ස්ථානාධිපතිවරයෙකුට ලක්ෂ පහක් දීමට ගොස් එතුමා ගරු කටයුතු කෙනෙකු වන බැවින් ප‍්‍රතික්ෂේප කර නීතිය ක‍්‍රියාවේ යෙදෙවූ නමුත් තව කීදෙනෙක් අල්ලස් දී මිදුණ ද කියා තමන් නොදන්නා බවත් කියා සිටියේය.

එබැවින් ත‍්‍රස්තවාදයට එරෙහිව නීතිය පොලිසියට හෝ කාටවත්  ඕන අන්දමට ක‍්‍රියාත්මකවීමට නොදිය යුතු බවත් යම් මධ්‍යගත කේන්ද්‍රස්ථානයකින් එය පරිපාලනය වියයුතු බවත් කී විමල් වීරවංශ මහතා කවුරු ඇල්ලූවත් එම සැකකරුට කරන්නේ කුමක් ද යන්න තීරණය කිරීමේ  බලය එම මධ්‍යස්ථානයට දිය යුතු බවත් ස`දහන් කළේය.

මුස්ලිම් ජනතාවගේ සිත් තැවුල් අපි ඉක්මණින් විස`දන්නම් යැයි රටේ ජනාධිපති කියා සිටින බවත් ප‍්‍රහාරයට ලක්වුණේ මුස්ලිම් ජනතාව ද කතෝලික ජනතාව ද යන්න ජනාධිපතිවරයා දන්නේ දැයි සැක මතුවන බවත් මරාගෙන මැරුණ සහරාන් ගේ බිරි`ද මරාගෙන මැරෙන ඉරණමට ලක්වුණ තැන බලන්න රටේ ජනාධිපති යන්නේ වින්දිතයා කවුදැයි නොදන්නා නිසා විය  හැකි බවත් මන්ත‍්‍රීවරයා  වින්දිතයා සනසනවා වෙනුවට ප‍්‍රහාරකයා සනසන ක‍්‍රමයක් ඔවුන්  ළඟ ඇතැයි ද කීය.

මෙහේ නායකයන් වින්දිතයාට සමච්චල් කරන බවත් චූදිතයා සනසන බවත් වහබ්වාදයේ පියෙකු ලෙස චෝදනා එල්ල වූ රිෂාඩ් බදුර්දීන්ගෙන් මුජිබර් රහමාන්ගෙන් අද මේ වෙනතුරු කටඋත්තරයක් නොගත් බවත් පෙන්වා දුන් වීරවංශ මහතා ඔවුන්ට අවශ්‍ය පරිදි කඩු ඇල්ලීම ප‍්‍රසිද්ධ කිරීම නම් නැවැත්තු බව ද ස`දහන් කළේය.

ලංකාව සිංහල රටක් නොවෙයි කියා මුදල් ඇමති මංගල සමරවීර කියද්දී මේක සිංහල බෞද්ධ රටක් යැයි කාදිනල් තුමා කියන්නේ යැයි ද  කාදිනල්තුමාට තේරෙන දේ මුදල් ඇමතිට තේරෙන්නේ නැතැයි ද පවසා සිටි ජාතික නිදහස් පෙරමුණේ නායකයා  විදේශීය විශේෂඥයන් මේ රට ඇතුළට ගෙනත් මේ ගින්න තව අවුළුවන්නට රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ  කරන්නේ යැයි ද කීය.    

 

 

     



අදහස් (0)

බදුර්දීන් - අසාද් සාලි ගාවගත්තොත් මගේ සහය නෑ

ඔබේ අදහස් එවන්න

දියත

පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 133 0

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 12 0

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 901 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 451 2

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 535 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 1004 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1419 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site