IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


බදියුදීන්ගේ චෝදනා ගැන වාර්තාව සති දෙකෙන් දෙන්න’යි අගමැතිගෙන් ඉල්ලීමක්

(අංජුල මහීක වීරරත්න)
 
පාස්කු ඉරුදින ඇතිවූ සිද්ධිය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ තේරිම් කාරක සභාවේ පළමු වාර්තාව සති 2 ක් තුළ දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් අද (23) ඉල්ලීමක් කළේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කළේ අදාළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව පත් කිරීමත් සමඟය. 

කර්මාන්ත හා වාණිජ කටයුතු, සදාකාලික අවතැන්වූවන් නැවත පදිංචි කිරිමේ, සමූපකාර හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට මෙන්ම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග 2 ක් ඉදිරිපත්ව ඇති බැවින් තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති 2 ක් තුළ දිය යුතු බව අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමේ සඳහන්ය.
 
රජයට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ විට ඊට ප්‍රමුඛත්වය දීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බැවින් තේරීම් කාරක සභා වාර්තාව ඉක්මණින් ලැබිය යුතු බව රජයේ ස්ථාවරය වී තිබේ.



අදහස් (7)

බදියුදීන්ගේ චෝදනා ගැන වාර්තාව සති දෙකෙන් දෙන්න’යි අගමැතිගෙන් ඉල්ලීමක්

sarath Thursday, 23 May 2019 07:00 AM

මේ මිනිස්සු මෙච්චර විනාශයක් වෙනකල් මහජනයා කියපු හැමදෙයක් ම ප්‍රතික්ෂේප කළා... ඒ විතරක් නෙවෙයි.. අසල රටකින් ලැබුණු බුද්ධි තොරතුරුත් කමකට ගත්තේ නැහැ. දැන් මේ හෝරාව බේරන්න හදනවා. එක පාරක් මහබැංකු හෝරාව නිදහස් කරපු එක අපට අමතක නැහැ.

:       0       0

සේන Thursday, 23 May 2019 07:08 AM

කමිටුවක් පත් කිරීම... කෝකටත් තෛලය සහ ප්‍රශ්නය යට ගැහීමේ කූඨ උපක්‍රමය. තව කොයි කාලයක් මෙසේ ජාතිය රවටාවිද?

:       0       0

wimal Thursday, 23 May 2019 07:40 AM

ඔබතුමා ලෝකප්‍රසිද්ධ මහා බැංකු මගඩිය ගැනත් ඔයවගේ වාර්තාවක් අරගෙන නෝ ප්‍රොබ්ලම් කියලා හිටියා නේද? බරපතල පාපකර්ම කියලයි මම නම් හිතන්නේ...

:       0       0

ගල්කටස් Thursday, 23 May 2019 08:19 AM

ඔය වාර්තාවෙන් එයා ඉහළින්ම නිදහස්.. අන්තිමට අපි තමයි ත්‍රස්තවාදීන්ට උදව් කරලා තියෙන්නේ...

:       0       0

Cisco Thursday, 23 May 2019 08:25 AM

අපේ නෑයෝවන ගෙදරක අයියා කෙනෙක් ඉන්නවා. ගෙදර කට්ටිය ඒ අයිය කැමති නැති දිහාවකට යන්න ලෑස්ති වෙනකොට කිසිම හදිස්සියක් හෝ වැදගත්කමක් නැතිදෙයක් ඕනෑ කියලා ගමන පුළුවන් තරම් පරක්කු කරනවා හෝ ගමන නොගිහින් ඉන්න වෙන විදියට වැඩ සිද්ද කරනවා. මට මතක් වෙන්නේ එහෙම කතාවක්...

:       0       0

chandima Thursday, 23 May 2019 08:58 PM

කමිටුවක් පත් කරන්නේ ඊට පස්සෙද?

:       0       0

Lanka Friday, 24 May 2019 04:20 AM

මහ බැංකුවට පත් කරපු කමිටුව වගේ එකක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1153 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 2765 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1136 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 198 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 917 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 428 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1630 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site