IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බඩගින්නේ ඉන්න බැරිව දුම්රියට පනින්න හැදූ මවත් දුවත් බේරා ගැනෙති

සැමියා හැර යාම නිසා දින ගණනාවක් තිස්සේ ආහාරක් නොමැතිව කුසගින්නේ සිටි මවක සහ ඇගේ දියණියක දුම්රියට පැන දිවි නසා ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට හැකි වූ බව  ගල්ගමුව පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකය පවසයි.    

මෙසේ දිවි නසා ගැනීමට උත්සහ දරා ඇත්තේ ගල්ගමුව පොලිස් වසමට අයත් මහගල්ගමුව ප්‍රදේශයේ 38 හැවිරිදි එක්දරු මවක සහ දස හැවිරිදි එකම දියණියයි.

ගල්ගමුව වෙල්රොදවත්ත කැලෑ බද ප්‍රදේශයක දුම්රිය මාර්ගය ආසන්නයේ කාන්තාවක හා කුඩා දැරියක අඬමින් සිටින බවට දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකු දැනුම් දුන් බව පොලිසිය පවසයි. 

ගල්ගමුව ප්‍රජා පොලිස් ඒකකයේ කොස්තාපල් ප්‍රියන්ත සෙනරත් බණ්ඩාර මහතාට ලැබුණු එම දුරකතන ඇමැතුමත් සමගම පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයට පිටත්ව ගොස් ඇත.

තමා එම ස්ථානයට යන විටත කාන්තාව හා ඇගේ දියණිය දුම්රිය මාර්ගයේ අඬමින් සිටි බව පොලිස් කොස්තාපල්වරයා කීය. ඔවුන් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගත් සැණින් කොළඹ කොටුවේ සිට වවුනියාව දක්වා ධාවනය වූ දුම්රිය එම ස්ථානය පසු කර ගිය බව ද පොලිස් කොස්තාපල්වරයා පැවැසීය.     

පොලිස් කොස්තාපල්වරයා ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා ජීවිත දෙකක් ගලවාගත හැකි වූ බව  දුම්රිය සේවකයෝ පවසති. 

මෙම මව සහ දියණිය පොලීසියට රැගෙන ගොස් කරුණු විමසීමේ දී වඩු කාර්මිකයකු වන සැමියා දිනපතා අධික ලෙස බීමත්ව පැමිණ තමන්ට සහ දියණියට හිරිහැර සිදු කරන බවත් දරුපවුලට කෑමට බීමට අවශ්‍ය කළමනා ගැනීමට අවශ්‍ය වියදම් පවා ලබා නොදීමෙන් තමාත් දියණියත් නිතරම බඩගින්නේ සිටි බව කියා සිටියාය.

ඇය මෙසේ ද කීවාය.

මීට දින ගණනාවකට පෙර බීමත්ව පැමිණි සැමියා කුඩා දියණියට ද බලහත්කාරයෙන් කසිප්පු පෙවීමට උත්සාහ ගත්තා. මා ඊට විරෝධය පළකිරීමෙන් පසුව සැමියා මා සහ මගේ දරුවා දමා  නිවෙසින් පිටව ගියා. ඔහු නැවත ආවේ නෑ.

සැමියා එසේ අතහැර ගියාට පස්සේ අපට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නෑ. කිසිම ආදායමක් නෑ. මගේ දියණිය සහ වයෝවෘද්ධ ආබාධිත පියා ජීවත් කරවීම සඳහා කඩයප්පන් සකස් කළා. එය සාර්ථක වුණේ නෑ.  පස්සේ බඩ ගින්න ඉවසා ගන්න බැරිම තැන පාරේ යන එන අයට අත පා ජීවත් වීමට උත්සාහ ගත්තද අපට උදව් කරන්න කෙනෙක් හිටියේ නෑ. 

කන්න බොන්න දෙයක් නැතිව ජීවත්වන්න අසීරු නිසා අන්තිමේ දී දියණිය සමග දුම්රියට පැන දිවිනසා ගැනීමට තීරණය කළ බව ද ඇය කීවාය.

මේ කාන්තාවට සමෘද්ධි සහනාධාරය මුලින් තිබි ඇති බවත්, කුඩා කණ්ඩායම් ක්‍රමය යටතේ සමෘද්ධි බැංකුවෙන් ණය ලබාගෙන ඒ ණය නොගෙවීම නිසා සමෘද්ධි සහනාධාරය ද කපා හැර ඇතැයි දැන ගැනීමට ලැබුණු බවත් පොලිස් කොස්තාපල් ප්‍රියන්ත බණ්ඩාර මහතා කීය.    

මව හා දස හැවිරිදි දියණිය ජීවත් වන්නේ කටු මැටි ගැසු පැල්පතක බවත් එහි ආරක්ෂාවක් නොමැති බවත් දැරිය ප්‍රදේශයේ පාසලක පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් පොලිසිය සඳහන් කළේය.      

ගල්ගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද නයනසිරි මහතාගේ උපදෙස් මත ඒ දෙදෙනාට දින කීපයකට සෑහෙන්න වියළි ආහාර ද්‍රව්‍යය ද සපයා දී ඔවුන් නිවෙසට කැඳවාගෙන ගියහ.

මේ සම්බන්ධයෙන් මහගල්ගමුව ග්‍රාම නිලධාරි ජේ.එම්. විජේදාස මහතාගෙන් විමසීමක දී මෙසේ කීය

”_ඔය කියන කාන්තාවගේ සැමියා ඇයව අතහැර ගිහින් ඉන්නේ. ඒ වාගේම ඇගේ පියා ඉන්නෙත් ඒ ගෙදර. ඔහුට වයස අවුරුදු හැත්තෑවක් විතර ඇති. යන්න එන්න බෑ. දැඩි ලෙස රෝගාතුරව ඉන්නෙ. දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්නත් හැකියාවක් නෑ. මේ නිසා ඇය මානසික පීඩනයකින් ඉන්න ඇති. මමත් ඒ නිවෙසට බොහෝ අවස්ථාවල ගිහින් ඇයට උපදෙස් දීලා තියෙනවා .”_                                                            
ඒ කාන්තාවගේ ගේ හදලා දෙන්න නිවාස සංවර්ධන අධිකාරියෙන් ණය ඉල්ලා තියෙනවා. හතර වන අදියරට තමයි ඒ ණය ලැබෙන්නේ. ටිකක් පමාවෙලා තියෙනවා. මම අදත් (09) නිවාස සංවර්ධන අධිකාරියට කතා කළා. අර වයසක පියා වැඩිහිටි නිවාසයකට අරන් යන්න අපි සුදානම් වුවත් ඒ කාන්තාව ඒකට කැමැති වුණේ නෑ. සමෘද්ධිය කැපිලා. ඒත් දැන් ඇයට රුපියල් 2000 දීමනාවක් අනුමත කරලා දීලා තියෙනවා. සමෘද්ධි බැංකුවට මුදල් ගිය සතියේ ඇවිත් තියෙනවා. ගම්වැසියන් උදවු කළත් පවුලේ අය උදවු නොකිරීම ගැනත් ඇය කනගාටුවෙන් හිටියා.”                                                 

මේ ගැන ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනි පතිරාජ මහත්මියගෙන් විමසු විට මෙසේ කිවාය.                                                              
 “ඔය සිද්ධිය දැන ගත් වහාම මම නිලධාරීන් ඒ නිවසට යැව්වා තොරතුරු සොයන්න. මම දැන් කාර්යාලයේ නෙමෙයි ඉන්නේ. උදෙන්ම රාජකාරියකට පිටතට ආවා. ඒ නිසා මට විස්තර අහන්න බැරි වුණා. එන වේලාවක් නම් කියන්න අමාරුයි. මං තවම හරි විස්තරයක් දන්නේ නෑ.”

කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව, නිකවැරටිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි උපුල් චන්දන මහතා මෙම සිද්ධිය පිළිබඳව ගල්ගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ද දැනුම්වත් කර, සැමියා නොමැතිව අසරණභාවයට පත්ව සිටින එම කාන්තාවගේ පවුල පිළිබඳව සොයා බැලීමට පියවර ගෙන තිබේ.



අදහස් (45)

බඩගින්නේ ඉන්න බැරිව දුම්රියට පනින්න හැදූ මවත් දුවත් බේරා ගැනෙති

Kumara Wednesday, 10 July 2019 05:47 AM

මම මෙහෙම කිවුවට හිත කලබල කර ගන්න එපා. කාටද කොන්දක් තියෙන්නේ මේ මත්පැන් අපේ රටේන් තුරන් කරන්න........

:       21       406

ලුම්බිණි Wednesday, 10 July 2019 05:51 AM

ඉතාම කනගාටුදායක තත්වයක්. පොලිස් කොස්තාපල්වරයාට මේ කරපු දෙයට රජය විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. මම හිතනවා යම් අයෙක් (දේශපාලකයන්) මේ අයට උදවු කරාවි කියල.

:       28       212

saman Wednesday, 10 July 2019 05:56 AM

හරිම කනගාටු දායකයි. නමුත් නායකයන්ට අනුව නම් බඩගින්නේ ඉන්න මිනිස්සු තියා පොල් අතු වහපු ගෙයක්වත් මේ සිරිලක නෑ

:       110       319

Indunil Wednesday, 10 July 2019 06:10 AM

පුලුවන්නම් ගිණුම් විස්තර හොයලා ඊ මේල් කරන්න. තව එක අදහසක්, මේ අයගේ ඡායාරූප පල කිරීම නුසුදුසු නේද?

:       0       406

Raveendra Wednesday, 10 July 2019 06:33 AM

පාර්ලිමේතුව නැමති මඩුවේ සිටිනා 225 න් එක අයකුට හෝ මෙම පුවත කියවීම කෙසේ වෙතත් දැකීමට හැකි වේවා!!!

:       38       282

මවුමිමේ අනාතයා Wednesday, 10 July 2019 06:38 AM

අපගේ ගුවන්සේවයේ පාඩුව රජයේ ආදායමෙන් 10% එසේ තිබියදීත් ඒවා වහන්නේ නෑ රටේ අභිමානයට කැලලක් නිසා.

:       11       110

sandy123 Wednesday, 10 July 2019 06:41 AM

ඔන්න සැබෑ දුක්මුසු යථාර්තය.... අතලොස්සක් සැප විදිනකොට සෑහෙන ප්‍රමාණයක් අධික විදිහට අපා දුක් විදිනවා.

:       54       194

සේන Wednesday, 10 July 2019 06:43 AM

කරුණාකර ඔවුන්ගේ විස්තර දැනගන්නා ආකාරය සඳහන් කරන්න. මේ සිංහල බෞද්ධ රටේ කිසිම මිනිහෙක් බඩගින්නේ මැරෙන්නෙ නෑ. පිංවත් සත්පුරුෂයින් පිරුණු රටක් මේ

:       1       132

shan Wednesday, 10 July 2019 06:44 AM

රජයෙන් එක එක හේතු කියමින් එක එක අයට ශිෂ්‍යත්ව ලබාදෙනු ලබයි නිවාස ලබා දෙනු ලබයි ඒ ආකාරයට මේ දරුවාගේ ඉගෙනීම කරගන්න ශිෂ්‍යත්ව ලබා දී ඉන්න නිවසක් හා ආධාරයක් ලබා දිය නොහැකිද? මේ රෝගී වූ පියා මැයට තනිවම රැක බල ගැනීමට නොහැක හොදම දෙය මහලු නිවාසයකට යොමුකර ඔහුගේ සුවදුක් හැකි ලෙස සොයා බලා කරලීමයි.

:       1       62

sharm warnWednesday, 10 July 2019 07:37 AM

ශාන් , මම ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් එකග වෙනවා නමුත් මහලු පියා ව නිවාසයක ට යවන්න කියන එක කොයි තරම් මානුෂික ද කියලා හිතමු ද ? අපි අපේ අම්මා තාත්තාව එහෙම අතාරින්න සුදානම් නැහැ නේද මොන දුෂ්කරතා තිබුනත් ? අපේ සිංහල කම ඒක නෙමෙයි නේද ?? අපිට බැරිද මේ දියණිය වෙනුවෙන් කැපකරු මවක් පියෙක් වෙන්න ?

:       23       90

shanWednesday, 10 July 2019 03:42 PM

මම එ්ක නොදන්නවා නෙවේ... මම එහෙම කීවේ හැමෝගෙම හොඳට... ඔයාලට පේනවා නේද ඒ පියා දැන් ඉන්න තත්වය? මෙයාව මීට වඩා හොඳින් බලා කියාගන්න පුළුවන් තැනකට යොමු කළොත් අඩු තරමේ 3 වේල... කාලා බෙහෙත් ටික බීලා තෙමෙන්නේ නැතිව දුක් නොවිඳ ඉන්න පුළුවන්... මේ අයට මේ දේවල් කරන්න බැහැ.. අපේ දෙමාපිය සෙනෙහස කියලා එයාලව හොඳින් බලාගන්න වත්කමක් නැතිව දුක් විඳවන එක හොඳයි කියලා මට හිතෙන්නේ නැහැ. අපිට කළ හැකි හැමදේම කරනවා... පුළුවන් හැම වේලාවේම ගිහින් ළඟ ඉඳගෙන සාත්තු කරනවා. ඒ ටික මේ දරුවට රැකියාවක් කරන ගමන් හෝ කරන්න පුළුවන් අපට මුකුත් කරගන්න බැරුව පියා දුක් විඳලා මැරෙන්න දෙන එක පාපයක් නෙවේද? අපි ඔලුව පාවිච්චි කරලා වැඩ කරමු... හිතට මුල් තැනදී... පසුව විඳවනවට වඩා එය ගොඩක් හොඳයි...

:       0       0

lal Wednesday, 10 July 2019 06:48 AM

ගල්ගමුව සිංහල බෞද්ධ ග්‍රාමයක්. ප්‍රදේශයේ පන්සල් විශාල ප්‍රමාණයක් තියනවා. ඇයි මේ වගේ අහිංසකයන්ගේ දුක එම ස්වාමීන්වහන්සේලාට නොපෙනුනේ? ඔන්න ඕකයි අද සිංහල බෞද්ධයන්ගෙ තත්වය..

:       89       266

tarzan Wednesday, 10 July 2019 06:50 AM

වඳ සැත්කම් කරගෙන තියෙන්නේ මෙහෙම තමා

:       68       26

දිමුත් Wednesday, 10 July 2019 06:56 AM

හරිම දුකයි. කන්න නැතුව ළමයි මැරෙනවා, පවුල් කෝච්චියට පනින්න හදනවා, මේක දැන් සෝමාලියාවක් වගේ.

:       212       307

rizna Wednesday, 10 July 2019 06:57 AM

ශ්‍රී ලංකාව දැන් ඉහල ආදායම් මට්ටමේ රටක් - ලෝක බැංකුව

:       18       19

SMD Wednesday, 10 July 2019 07:00 AM

කරුණාකරලා මෙයාගේ බැංකු ගිණුම් විස්තර ලබාදෙන්න. පුළුවන් විදියකට උදව් කරන්න කැමතියි මම.

:       0       1174

Raveendra Wednesday, 10 July 2019 07:14 AM

225 ක් සිටිනා දියවන්න ඔයේ ..// දැක්කේ නැද්ද දුක දොම්නස් දුප්පත් මේ පවුලේ..//

:       1       67

mahinda Wednesday, 10 July 2019 07:25 AM

රටේ පාර්ලිමෙන්තුවා නියෝජනය කරන මන්ත්‍රීන් අතිබහුතරය මෙම දෙදනාද ඇතුලුව මුලු මහත් ජනතාවම ගෙවන බදු මුදලින් ලබාගන්නා වාහනය අසීමිත වටිනා කමකට විකුනාගනී. මංත්‍රීවරයකුගේ එක් ආහාරවේලක වටිනාකම රු 1500/ ඉක්මවයි දුරකථන, ඉන්දන, සංග්‍රහ, නිවාස හා පැමිණීම් (පාර්ලිමේන්තුවට ) ඇතුලු මාසික ආදායම ලක්ෂ 5 ඉක්මවයි. තවද පලාත් සභා පලාත්පාලන මංත්‍රීන්. රටේ ජතාව කුසගින්න සිය දිවි හානිකගන්නවා අපිරිමිත දේශප්‍රේමයෙන් රට උතුරා ගොස් ඇත.

:       1       90

AsankaWednesday, 10 July 2019 10:48 AM

කොච්චර ඕවා එළිකළත් අපේ මිනිස්සුමනේ ඔය කියන මන්ත්‍රීලාට වැඳගෙන පස්සෙන් යන්නේ... ඔවුන්ව රජ කරවන්නේ අපේම මිනිස්සු තමයි.

:       0       48

ravi Wednesday, 10 July 2019 07:27 AM

අපේ කාන්තාවන්ට උපදෙස් සහ සහයෝගය ලබා දෙන්න ඕනේ. සුරා සුදුවෙන් තොර මිනිස්සුත් එක්ක පවුල් ජීවිතය ආරම්බ කරන්න . මේ අහිංසක කාන්තාවන්ගේ ජීවිත අපායකට පරිවර්තනය කරන්නේ. අපි අපේ කන්න්තාවන් මේ රකුසාගෙන් ආරක්ෂා කරගත යුතුයි ..!

:       0       108

ආනන්ද පිටබැද්දර Wednesday, 10 July 2019 07:28 AM

වටිනා ජීවිත දෙකක් බේරා ගත් පොලිස් නිලධාරී මහතාට සහ තොරතුරු ලබාදුන් අයටත් අනේක පිං.

:       0       90

DCM Wednesday, 10 July 2019 07:45 AM

ගල්ගමුව පොලිස් ස්තානයට සම්බන්ද වී විස්තර ලබගන්න.

:       0       55

Hafeel Wednesday, 10 July 2019 08:32 AM

ඉතාම කණගාටුදායක ප්‍රවෘත්තියක්. ඉතා දුප්පත් පවුලක්. එහෙම තියද්දීත් නිවාස සංවර්ධන අධිකාරියෙන් ණයනේද දෙන්නේ? මෙහෙම ආදායම් නොමැති පවුලක් කොහොමද ඒ ණය ආපහු ගෙවන්නේ? මේක ණය නැතුව ආධාරයක් හැටියට දුන්න‍ා නං කොච්චර හොඳයිද? මේ සමෘද්ධි සොච්චම් මුදලින් පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද? සමෘද්ධි ලබන කිසිම පවුලක් දියුණු වෙලා නැහැ. යම් පුද්ගලයකුට ණය දුන්නා නං ඔවුන් නගා සිටුවීමට අවශ්‍ය උපදෙස් දීලා, ඔවුන්ව ආර්ථික මට්ටමින් දියුණු කලයුතුයි. එහෙම නැතුව ඔවුන් අසරණ වුණායින් පසු නඩු ගොනුකරන්නයි, බ්ලැක් ලිස්ට් කරන්නයි සාධාරණ නොවේ...

:       0       42

Hafeel Wednesday, 10 July 2019 08:38 AM

පදනම් විරහිත මුස්ලිම් ජනතාවට අනවශ්‍ය චෝදනා කරන රතන හාමුදුරුවෝත්, ඥානසාර හාමුදුරුවෝත් මෙවැනි අසරණ පවුල් පිළිබඳව අවධානය යොමු කළානම් හොඳයි. බලන්න මත්පැන් නිසා නේද මේ පවුලට මේ ඉරණම වෙලා තියන්නේ. කෝ රතන හමුදුරුගේ ධර්ම රාජ්‍ය?

:       0       396

raviWednesday, 10 July 2019 09:51 AM

හාමුදුරුවරු කියලා ජාතියක් අපේ රටේ නැහැ.. ! එ්ත් කහපාට රෙද්දක් කරේදාගත්ත මානසික රෝගියෝ රැලක්නම් ඉන්නවා..

:       101       61

උපුල Wednesday, 10 July 2019 08:41 AM

කරුණාකර බැංකු ගිණුමක් ඇර ගිණුම් නොම්මරය ලබාදෙන්න. මාසිකව රුපියල් 2500/- ගණනේ මෙම ගිණුමට අවුරුද්දක කාලයකට මගේ ගිණුමෙන් මුදල් බැර කිරීමට මාගේ බැංකුවට විධානයක් දීමට මම කැමැත්තෙමි. මගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ඔවුන්ගේ විස්තර එවන්නට හැකිද?

:       0       110

upaliWednesday, 10 July 2019 09:17 AM

මමත් කැමැතියි. මට ඊමේල් කරන්න.

:       0       28

WijeWednesday, 10 July 2019 10:05 AM

ඔබලාට ගොඩක් පිං

:       0       20

ඊ.සි.ජේ. ප්‍රියන්ත Wednesday, 10 July 2019 08:52 AM

ලංකාවේ දරුවන් ඉතා අසරණ තත්වයකට ක්‍රමයෙන් නතුවන බව නිරීක්ෂණය වෙනවා. එක් අවස්ථාවකදී දරුවන් සමග නිල්වලා ගඟට පැන දිවි හානිකරගත් දරුවා සහ මවගෙන් පටන් කාමරංකා බඩගින්නට කා බඩපුරවාගෙන මරණයට පත්වුණු දරුවන් නියඟලා අල තම්බා‍ගෙන කන්නට උත්සාහ ගෙන අසල්වැසියකුගේ මැදිහත් වීමෙන් දිවිබේරාගත් දරුවන්ද මේ නොබෝ දිනක මන්දපෝෂණයෙන් මියගිය දරුවාත් සිහිකරන විට දැඩි අවාසනාවන්ත තත්වයක් උද්ගතවී ඇති බව පෙනෙනවා. ග්‍රාමීය මෙන්ම, නාගරිකව ජීවත්වන දරුවන්ගෙන් සැලකිව යුතු පිරිසකගේ මව හෝ පියා හෝ දෙදෙනාම නොමැති උදාහරණ සොයාගත හැකියි. දරුවන් මේ නිසා අනාරක්ෂිතවීම මන්දපෝෂණය දූෂණයට සහ අපචාරයන්ට ගොදුරුවීම ඛේදනීයයි. දුප්පත් දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් රැකගැනීම දෙමාපියන්ගේ ආදායම් තත්වය දියුණු කිරීම කළයුතුමයි. මේ සඳහා දේශපාලන නායකත්වය නිලධාරින් පන්සලේ නායක හාමුදුරුවෝ ප්‍රධාන මෙහෙයුම් කමිටුවක් ඇතිකර ඔවුන්ට උපකාර කළ යුතුයි. අපේ හාමුදුරුවනේ දැන් පන්සල් හැදුවා ඇති... සිංහල බෞද්ධ දරුවන් බේරාගනිමු. මන්දයත් අනිකුත් ජාතින්ගේ දරුවන්ට මෙසේ නොවීමට සිදු නොවන බැවිනි. මුස්ලිම් ජාතික දරුවන් කෙදිනක හෝ මෙවැනි තත්වයකට මුහුණ දී ඇතිද? කරුණාකර විමසනු මැනවි...

:       0       44

NuwanWednesday, 10 July 2019 10:52 AM

මුස්ලිම් අයට පුළුවන් තරම් ළමයි හදන්න කියලා බල කරන ගමන්ම හදන ළමයින්ට සහ බිරින්දෑවරු 4, 5 ක් නඩත්තු කරන්න මැද පෙරදිග මුස්ලිම් රටවලින් පල්ලි හරහා සල්ලි එවනවා. නමුත් බෞද්ධ රටවල් පන්සල් හරහා අපට එහෙම සල්ලි එවන්නේ නැහැ. අනික බෞද්ධයින්ට ළමයි දුසිම් ගණන් හදන්න හෝ එපා කියලත් ඉගැන්වීමක් නැහැ ලෝකයේ සිංහල බෞද්ධයින් සුළුතරයක්. අන්‍ය ජාතීන්ට ඕනෑ මේ විදියට සිංහල ජාතිය නැතිවෙලා විනාශ වෙලා යන්න තමයි. අපි සිංහල නායකයෝ කියලා හිතන් ඉන්න අයත් සිංහල වෙස් ගත් අන්‍යාගමිකයන්.

:       0       0

SiriWednesday, 10 July 2019 10:43 PM

ඇයි නැත්තේ? බුදුන් කියල තියෙන්නේ තමන්ගේ අදායමට සරිලන පවුලක් හදාගන්න කියල

:       0       0

Chandana Wednesday, 10 July 2019 09:18 AM

කරුණාකර ගිණුම් විස්තරත් පෝස්ට් කරන්න.

:       0       10

Fernando Wednesday, 10 July 2019 09:27 AM

කරුණාකර බැංකු ගිණුම් අංකය එවන්න. හදිසියි.

:       0       0

මම මුස්ලීම් Wednesday, 10 July 2019 09:29 AM

අනේ මං අහන්නේ කෝ ඔය සංවිධාන...? ළමයි ගොඩාක් හැදුවම දෙනවා කියපු දීමනා..

:       0       91

Naushad Wednesday, 10 July 2019 09:36 AM

ඉතාම දුක් බර පුවතක්,උදව් කිරීමට කෙමෙත්තෙන් සිටිමි ක්‍රමයක් ඇත්නම්.

:       0       0

nalaka Wednesday, 10 July 2019 09:42 AM

මේවා ඇහෙනකොට මට මගේ රට ගැන ඇඩෙනවා. අපි මේ තරම් අවාසනාවන්ත රටක් වුනේ කොහොමද?

:       0       1

අනුර Wednesday, 10 July 2019 09:48 AM

මෙවැනි පුරවැසියෝ ජීවත්වන බව පාලකයෝ කොහෙත්ම දන්නේ නෑ. ඒකනේ ඒ ගොල්ලෝ ළමයින්ට ටැබ් දීලා ජාත්‍යන්තර තත්වයට ගේන්න හදන්නේ...

:       0       1

Wije Wednesday, 10 July 2019 09:51 AM

ඥාණසාර හිමියනි, රතන හිමියනි, අන්තවාදය පතුරුවා ජාතිවාදය අවුස්සන්නේ නැතිව මගේ වගේ බෞද්ධ පවුල් හඳුනාගෙන උදව් කරන්න වැඩපිළිවෙළක් සකස් කරන්න. පිනක්...

:       1       38

amarapaalaThursday, 11 July 2019 04:35 AM

ඔය දෙන්නට ඔව්වා බලන්න වෙලාවක් නැහැ. තම්බියගේ කඩේ සිංහලය පස් පාගනවද බලන්න. ජමියතු උලමාවට සුෆි මුස්ලිම්ලා දමන්න, දොස්තර සාෆි වඳ සැත්කම්ටික හරියට කළාද නොකළාද බලන්න... සිරාව නැවත මහප්පුටුවේ ඉන්දන්න... තව... තව කොච්චර වැඩ තියෙනවද?

:       0       1

gayan Wednesday, 10 July 2019 10:48 AM

කරුණාකර පුළුවන් නම් ඇමතුම් විස්තර එවන්න.

:       0       0

kap Wednesday, 10 July 2019 10:50 AM

දැන් " අපේ කාලේ නම් මෙහෙම වුනේ නෑ හාමුදුරුවනේ" කියාගෙන සෙට් පිටින් මේ අයව බලන්න යයි.

:       0       28

සේනාරත්න Wednesday, 10 July 2019 12:30 PM

ඉන්දික බණ්ඩාරනායක හිටපු නියෝජ්‍ය නිවාස ඇමැතිතුමා ඉන්නේ මේ කියන හරියෙම.. දැනටත් එතුමාගේ බලය ඒ වෙනුවෙන් තියනවනේ.. ඉතිං නරකද මෙයාලට ගෙයක් හදලා දෙනවා නම්... ඔවැනි අයටනේ රජයෙ උදව් වුවමනා...

:       0       1

Chanaka Lakshan Wednesday, 10 July 2019 10:58 PM

ඉතාම කණගාටුදායක තත්ත්වයක්.

:       0       0

ජගත්‍ බණ්ඩාර Thursday, 11 July 2019 07:29 AM

මේ රටට කෙලවෙලා තියෙන්නේ මධ්‍යසාර නිසයි. මම නම් කියන්නේ සියලු මත්පැන් තහනම් කළයුතුයි. බොරුවට මත්ද්‍රව්‍ය නිවාරණ වැඩමුළු, සති, වැඩසටහන් තියලා වැඩක් නෑ. ඒවා නිකං එකෙකාගේ මාර්කටින් විතරයි. මේ රටේ කිසිම ආණ්ඩුවකට කොන්දක් නෑ... එ්ක කරන්න. බදු සල්ලි ටික නැති කරගන්න බයයි. ඒ වෙනුවට වෙන ආදායම් මාර්ග හදාගන්න හැකියාවක් නෑ මොවුන්ට... අසරණ මිනිසුන්ව බිල්ලට දීලා භාණ්ඩාගාරෙට සල්ලි හොයාගන්නේ... මේ ඇල්කොහොල්ම තමයි මේ ජාතියේ විනාසෙටත් ප්‍රධාන හේතුව...

:       0       0

lee gunawardena Sunday, 14 July 2019 08:15 AM

දුප්පත් කම රටෙන් තුරන් කරලා දමන බවක් රටේ ජනාධිපති සහ අගමැතිත් ඒවගේම කැබිනට් එක ඇතුලේ ඉන්න රැලත් කියා තිබුණා නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 52 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 155 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 733 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 82 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 251 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 240 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site