IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොලිස්පතිගේ නිර්දේශය එනතුරු කොමිසම බලාසිටී

තරිඳු ජයවර්ධන
 
දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයි රවී ඩබ්ලිව් විජේගුණවර්ධන මහතාට පොලිස්පතිවරයා විසින් ලබා දෙනු ලැබූ ස්ථාන මාරුව අනුමත කිරීමට මේ වන තෙක් ජාතික පොලිස් කොමිෂන් සභාවට එවා නැතැයි පොලිස් කටයුතු ආරංචිමාර්ගවලින් පැවසේ.
 
රත්ගම දී තරුණයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ පැවැති විශේෂ විමර්ශන ඒකකයට චෝදනා එල්ලවීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹට ස්ථාන මරු කරනු ලැබීය.
 
පසුගිය 16 වැනි දා මෙම ස්ථාන මාරුව සිදු කර ඇතැයි ද,  දින පහක් ගතවී ඇතත්   ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට පොලිස් කොමිෂන් සභාවට එවා නැතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.  එම නිසා  දකුණු සහ සබරගමුව පළාත් දෙක භාරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පත් කර නැතැයි ද,  දකුණ සහ සබරගමුව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ස්ථාන මාරුව නිල වශයෙන් පොලිස් කොමිෂන් සභා අනුමැතිය ලබාගෙන නැති නිසා එම පළාත් සඳහා වෙනත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමට නොහැකි වී ඇතැයි ද පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඔහුගේ ස්ථාන මාරුව අනුමත කර ගැනීමට පොලිස් කොමිෂන් සභාවට එවා නැති නිසා විනය ක්‍රියාමාර්ගයක් ගැන තීරණයක් ගැනීමටවත් නොහැකි වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (5)

පොලිස්පතිගේ නිර්දේශය එනතුරු කොමිසම බලාසිටී

tommy Thursday, 21 February 2019 06:03 PM

කිමද නාවේ...... ඇයි නාවේ...

:       24       248

RaveendraFriday, 22 February 2019 03:02 AM

යනවානම් අනේ මං අරන්... යන තැනකට යන්න රත්තරන් ... දෙතොලා නොකී දේ මුනේ ලියවෙනවා .... වසන් කරන විට කොමිසම හිරවෙනවා.....

:       14       128

parakkrama Thursday, 21 February 2019 06:34 PM

මේ ....මං නොදන්නා හින්දයි අහන්නේ. දැන් පොලිසිය තියෙන්නේ කා අතේ ද ?

:       0       28

polishpathi Friday, 22 February 2019 03:40 AM

කොමිසන් සබාව තමා ප්‍රශ්නේ?

:       0       16

saliya Friday, 22 February 2019 06:00 AM

මේ වනවිට ලංකාවේ පොලිසිය මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන්න විශාල සේවයක් කරමින් සිටිනවා. මේ සිද්ධියේ සුලමුල හරිහැටි කව්රුවත් නොදන්නා නිසා පොලීසිය අපහසු තාවයට පත්කරන්න එපා. මම එහෙම කියන්නේ පොලිසිය නැති උනොත් කාන්තාවකට පාරේ යන්න තියා කොල්ලකුට නිවසේ ඉන්න බැරි වනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 158 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 55 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 508 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 580 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1036 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 978 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site