( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් එම ප්‍රහාරයෙන් සිය දරු දෙදෙනා අහිමිවූ පියෙකු ගොනු කළ පෙත්සම සහ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයකු විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 31 වැනිදා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 21) තීන්දු කළේය.
ප්‍රහාරයෙන් දරු දෙදෙනා අහිමි වු පියෙකු ගොනු කළ පෙත්සම අද දින මෙම පෙත්සම කැඳවු අවස්ථාවේදී අදාළව වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පති වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න සහ ජනාධිපති නීතීඥ කිෂ්මාල් වර්ණසූරිය යන මහත්වරුන් පෞද්ගලිකව පෙනී සිටියේය.
මෙම පෙත්සම බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.
පෙත්සම කැදවූ අවස්ථාවේදී වගඋත්තරකාර හිටපු ආරක්ෂක ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා කියා සිටියේ තමන්ට නොතීසි නොලැබුණු බවත් පුවත්පත් හී පළවූ ප්‍රවෘත්තිය දැක තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටි බවයි.
එම කරුණු සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට නොතීසි දන්වා යළි බාර දෙන ලෙසට පෙත්සම්කරුගේ නීතීඥවරයාට දැනුම් දුන්නේය.
ඒ අනුව ලබන 31 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීන්දු කළේය.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
කන්කසන්තුරේ තිස්ස රජ මහා විහාරයට ඇතැම් ද්‍රවිඩ දේශපාලඥයන් වරින්වර පැමිණ වන්දනා නඩවලට අවහිරයක් වන අන්දමින් කටයුතු කිරීම ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොලිස්පති - හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි නඩුව කල්යයි
Raveendra Tuesday, 21 May 2019 09:59 AM
" සදා " "කල් " යන හුටපටයක් වගේ
KAMAL Tuesday, 21 May 2019 05:16 PM
මේ වැඩේ කාගේ හරි කොන්ත්‍රාත්තුවක් වගෙයි
tharindi Tuesday, 21 May 2019 06:09 PM
නොදැන කරන වැරදි මේවා