(අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ආබාධිත වූ දරු දැරියන් සඳහාත් මාපියන් මියගිය සහ ආබාධිත වීමෙන් අනාථ වූ දරුදැරියන් සඳහාත් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
මෙම ළමා අරමුදල රුපියල් මිලියන 500 කින් සමන්විත වන අතර, රුපියල් මිලියන සියයක් රජයේ ප්‍රදානයක් ලෙස ද, ඉතිරි මිලියන 400 ආධාර ලෙස ද එම අරමුදලට එක් කෙරෙනු ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ විශේෂ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍යවරයා විසින් හෙට (04) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව කී අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා අරමුදලේ ඉදිරි කාර්යයන් අධීක්ෂණය හා ක්‍රියාත්මක කරලීම උදෙසා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් ද පත් කරන බවද සඳහන් කළේය.
එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ආබාධිත වූ පුද්ගලයන්ට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය අවස්ථාවල රජය විසින් වියදම් දැරීම හා වින්දිතයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා කටයුතු කිරීමට ද රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද රජය තීරණය කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 261 දෙනෙක් බවට දැනට තහවුරු වී ඇති අතර එයින් 174 දෙනෙකු වෙනුවෙන් මේ වන විට වන්දි ලබා දී ඇතැයිද තුවාල සිදුවූ 407 දෙනෙකු අතරින් 226 දෙනෙකු පිළිබඳ වෛද්‍ය වාර්තා දැනට ලැබී ඇති අතර ඒ සියලු දෙනා වෙනුවෙන් වන්දි ලබා දී ඇති අතර ඉතිරි වෛද්‍ය වාර්තා ලැබුණු විගස වන්දි ලබා දීම සඳහා පියවර ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.
මීට අමතරව විනාශයට පත් දේවස්ථාන යළි පිළිසකර කිරීමට අවශ්‍ය මුදල් ප්රතිපාදනයන් ද රජය විසින්මේ වන විට ලබා දී තිබෙන බව කී අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථාන ගොඩනැගිල්ල පුළුල් කරලීම උදෙසා වරාය අධිකාරියට අයත් පර්චස් 9 ක ඉඩම් ප්‍රමාණයක් ද ලබා දී තිබෙන බව සඳහන් කළේය.
වින්දිතයන්ට වන්දි සහ සහන සැපයීම උදෙසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුල් ම කැබිනට් පත්‍රිකාව අප්‍රේල් 22 ඉදිරිපත් කරන ලද බව කී හෙතෙම ඊට අප්‍රේල් 25 වන දා කැබිනට් අනුමැතිය ලැබුණු බවද පසුව ඇතිවූ කලබලකාරී තත්වයන් නිසා හානියට පත් මුස්ලිම් දේවස්ථාන පිළිසකර කිරීමටත්, වින්දිතයන්ට සහන සැලසීමටත් අනුමැතිය පතමින් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මැයි 23 වන දා අනුමැතිය ලැබුණු බවද පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාස්කු ප්‍රහාරයෙන් මියගිය - අනාථ වූ දරුවන් වෙනුවෙන් අරමුදලක්