IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පක්ෂයේ උන්නතිය වෙනුවෙන් එක්වන්නැයි සජිත්ට - රවීට ඉල්ලීමක්

(නිමල කොඩිතුවක්කු)

ගැටුම් අවසන් කර පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තවදුරටත් කැපවන ලෙසට තමන් රවී කරුණානායක හා සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කරන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැවැසීය.
 
ඕනෑම ගැටළුවක් පක්ෂය අභ්‍යන්තරයේ  සාකච්ඡා කර විසඳාගෙන  ඉදිරි මැතිවරණ වෙනුවෙන් එකමුතුව කටයුතු කළ යුතුව ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
 
අමාත්‍ය නවින් දිසානායක මහතා මේ බව පැවසුවේ නුවරඑළිය 2019 මල් ප‍්‍රදර්ශනය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිණි.  
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නවින් දිසානායක මහතා මෙසේද කීය.
  
‘‘එක්සත් ජාතික පක්ෂය දැවැන්තයන්ගේ දේශපාලන පක්ෂයක්. සමහර අවස්ථාවල මේ දැවැන්තයන් අතර මත භේද ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම 1980 ගණන්වලත් මට මතකයි එක්සත් ජාකිත පක්ෂයේ දැවැන්තයන් වු පේ‍්‍රමදාස මැතිතුමා හා මාගේ පියාණන් අතරත් මතවාද ඇති වුණා. 

මේ මත වාදවලින් කිසිසේත්ම ඒත්තු ගන්නන්න බෑ පක්ෂය දෙදරනවා කියලා. මතවාද තියෙන එක හොඳයි. ප‍්‍රශ්න ඇතිවීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්ෂයක විශේෂ ලක්ෂණයක්.

අපේ පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත්. එක මතයකට අපි ඔළුව නමලා යට වෙලා ඉන්න අවශ්‍ය නැහැ. 

පක්ෂයේ දැවැන්තයන් වන රවී කරුණානායක මැතිතුමා හා සජිත් පේ‍්‍රමදාස මැතිතුමා මා ඉතාමත්ම අගය කරන ගරු කරන ආදරය කරන චරිත දෙකක්. ඔවුන් අතරේ යම් කිසි ප‍්‍රශ්නයක් ඇතිවෙලා නම් අපි මැදිහත් වෙලා එය විසඳාගත යුතුයි.

මේවා ප‍්‍රසිද්ධියේ කථා කරන්න අවශ්‍ය නෑ,  පක්ෂය ඇතුළේ සාකච්ඡා කරලා එකමුතුව කටයුතු කරන්නයි නායකතුමා ඔවුන්ට දෙදෙනාටම කථා කරලා අවවාද කරලා තියෙනවා. 

මමත් ඔවුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා එලෙස කටයුතු කරන්න කියලා. 
 
අනාගතේදී රාජපක්ෂ කඳවුර තමයි අපගේ ප‍්‍රධාන අභියෝගය. අප පක්ෂයට එකමුතු වෙලා එක මාතවාදයකට ඇවිල්ලා ඉදිරි මාස හතර පහේ කටයුතු කිරීමට විශාල ජවයක් ඇති බව මට පැහැදිලයි. 
 
මීට වඩා ප‍්‍රශ්න පොහොට්ටුවේ තියෙනවා. පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගන්න යටකොට ඒ අපේක්ෂකයන්ට විරුද්ධව කුමාර වෙල්ගම මැතිතුමා මීට වඩා දැඩි දරුණු ප‍්‍රකාශ කරලා තියෙනවා. 
 
අපි පක්ෂයක් හැටියට අපේක්ෂකයෙක්ව තෝරලා ඒ අපේක්ෂකයව ඉදිරිපත් කරනවා. එක්සත් ජාතික පක්ෂය තෝරන  ඕනෑම අපේක්ෂකයෙකුට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා කියන එක පැහැදිලිව මා මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.



අදහස් (14)

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් එක්වන්නැයි සජිත්ට - රවීට ඉල්ලීමක්

TD Thursday, 18 April 2019 01:56 PM

පක්ෂයේ අනාගතය සහ උන්නතිය වෙනුවෙන් මේ දෙදෙනා ගැනම පාක්ෂිකයා සිටින්නේ ඉතා හොද අවධානයකින් සහ අවබෝධයකිනි. මේ දෙදෙනාගේ ක්‍රියාකාරකම් ගැන පාක්ෂිකයා හොදින් දනී නමුත් මේ දෙදෙනා අතර පවතින වෛරී වාග් යුද්දය පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් නවතා දැමීමට මේ දෙදෙනාම වගබලා ගත යුතුය. සුදුසු නායකයා සුදුසු වෙලාවට තොරගනු ලැබේ එයට වාග් සටනකට යාමට අවශ්‍ය කාරණයක් නොවේ

:       3       37

කැකිරාSaturday, 20 April 2019 04:44 AM

පක්ෂ වෙනුවෙන් නොව රට වෙනුවෙන් එකතු වෙයල්ලා... එහෙම අයට පමණක් ඡන්දෙ දීපල්ලා.. පෙර ගොන්කම් නොකරපල්ලා

:       0       0

BamunuarachchiSaturday, 20 April 2019 06:00 PM

එකතු වෙලා හිටපු කාලයට රටට මොනවාද කලේ?

:       0       0

liayage Thursday, 18 April 2019 06:18 PM

රවී කරුණානායක හා සජිත් පේ‍්‍රමදාස, ඔවුන් අතරේ යම් කිසි ප‍්‍රශ්නයක් ඇතිවෙලා නම් අපි මැදිහත් වෙලා එය විසඳාගත යුතුයි. ඕනෑම ගැටළුවක් පක්ෂය අභ්‍යන්තරයේ සාකච්ඡා කර විසඳාගෙන ඉදිරියට යා යුතුයි මේවා ප‍්‍රසිද්ධියේ කථා කරන්න අවශ්‍ය නෑ, පක්ෂය ඇතුළේ සාකච්ඡා කරලා එකමුතුව කටයුතු කලයුතුබව කියා සිටි.

:       0       7

Nandasiri Kottege Thursday, 18 April 2019 11:58 PM

ජාතික සංවිධායක හැටියට ඔබ ඉතාමත් වටිනා අදහස් පෙළක් ප්‍රකාශ කර ඇත . ඔබ වැනි අය පක්ෂයේ නායකත්වයට පැමිණිය යුතුය

:       1       20

Aluthge n Friday, 19 April 2019 12:39 AM

පක්ෂය තුල අභ්‍යන්තර පුශ්ණ නැත්තෙ මොන පක්ෂය තුළද????

:       181       1

Saththaya Friday, 19 April 2019 01:35 AM

මේ රටේ තියෙන්නේ බල තණ්හාව . මහජන සේවයක් ගැන හිතන්නේ නැහැ . දේශපාලනය කරන අය හිතන්නේ නායකත්ව ගන්න . ආයේ දෙන්න නම් නෙමේ . ඒ නිසා තමයි මේ රට පිරුහුණේ . දැන් ගොඩ ගන්න බැරි තරමට දුෂිත වෙලා . ජනතාව දුක් විදිනවා .

:       0       85

Sunil Friday, 19 April 2019 07:52 AM

බැංකු කොල්ලකරුවන් ගාව ගන්න එපා.

:       1       45

Hafeel Friday, 19 April 2019 09:47 AM

මාමණ්ඩිය සමග ඔයා ඇතුළු 17ක් පක්ෂය දාලා යනකොට කෝ අර උන්නතිය? එදා රනිල් තිත්තයි. අද රසයි. කන්න ලැබුණොත් කබරගොයත්, තලගොයා වෙනවා වගේ තමයි මේ කතාවත්...

:       0       60

BamunuarachchiFriday, 19 April 2019 06:17 PM

හලෝ රනිල්... මේ රටේ සිංහල ජනතාවට අබිං වලට වැඩිය තිත්තයි. මට නම් වහකදුරු වගෙයි.

:       3       137

HafeelSaturday, 20 April 2019 01:10 AM

සිංහල ජනතාවට පමණක් නොවේ, සියලු ජනකොටස්වලට තිත්තයි.

:       0       15

කල්පනා Friday, 19 April 2019 12:09 PM

මේ දෙදෙනා ජාතික වශයෙන් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති මොනවාද කියන්න.ඒ අනුව අපි සුදුස්සාට සලකන්නම්.

:       3       5

BamunuarachchiSaturday, 20 April 2019 12:08 AM

මේ දෙදෙනා ජාතික වශයෙන් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති මොනවාද?

:       0       0

SIRI Saturday, 20 April 2019 10:59 AM

නවීන් මහත්තයෝ, ඔයත් වාසි තියනකොට ඔයත් කරනම් ගැහුවේ නිකන් නෙමේ නේද? දැන් නිකන් හිතන් ඉන්නේ මම සුදනා කියලා නේද..?

:       31       10

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 335 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 213 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 880 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 56 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 16 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2205 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site