IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නෙළුම් කුළුණේ වැඩ නිමවීමට ආසන්නයි

ශාන්ත රත්නායක


ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද (15) නෙළුම් කුළුණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී අදහස් දැක්වූ අමත්‍යවරයා සඳහන් කළේ නෙළුම් කුලුනේ ඉදිකිරීම්  කටයුතු මේ වන විට බොහෝ සෙයින් අවසන් වී ඇති බවයි.

තව සති කිහිපයක් තුළ ඉදිකිරීම් අවසන් කර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පවරාදීමට ඉදිකිරීම් සමාගම් කටයුතු කරනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.



අදහස් (19)

නෙළුම් කුළුණේ වැඩ නිමවීමට ආසන්නයි

Nimal Friday, 15 March 2019 10:36 AM

තවත් චීන ණය උගුලක්ද?

:       81       128

ane manda Friday, 15 March 2019 12:13 PM

නැට්ට හරි නැහැ. නැට්ට දැහැට පෙනෙන්න බැහැ. ජනතාවට... අනේ මන්දා?

:       9       353

RaveendraFriday, 15 March 2019 03:29 PM

ඔබ විසින් නිවැරදි අදහස් සදහන් කිරීම පිලිබදව අප අගය කරන්නෙමු. මෙම අදහස් වලින් පැහැදිලි වන්නේ ඔබ අවට පරිසරය පිලිබදව හොද නිරීක්ෂණයකින් සිටින පුද්ගලයකු බවය.

:       17       85

vipula Friday, 15 March 2019 12:56 PM

නෙලුම් කුලුනෙන් කරන වැඩේ පොල්ගහකින් කරන්න පුළුවන් කියලා එක්තරා එක්සත් ජාතික දේශපාලකයෙක් ප්‍රකාශ කලා බලයට එන්න කලින්.

:       43       274

menna Friday, 15 March 2019 02:58 PM

ලංකාවේ ආශාවනේ... කමක් නැහැ ණයක් අරන් හරි කුළුනකුත් හැදුවනේ ඉතින්. උඩට යන්න ගන්න මිල ගණන් කීයක් විතර කියයිද දන්නේ නැහැ...

:       111       52

Mahen Friday, 15 March 2019 11:20 PM

එක්සත් ජාතික පක්ෂෙට අනුව නම් මේකත් සුදු අලියෙක්. කලින් අයව විවේචනය කරන්නේ නැතුව දැනට තිබෙන සම්පත් යොදාගෙන රට ඉදිරියට ගෙන යන්න බැරි නම් ඔබලා, තමන් ගැනම ලැජ්ජා විය යුතු. ඕක තමයි නොහැකියාව

:       13       84

Nandalal DE SILVA - France Friday, 15 March 2019 11:27 PM

රටට දරන්න බැරි අති විශාල ණයක් චීනාගෙන් ගිණි පොලියට අරගෙන, "ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ" කියන න්‍යායය රාජපක්ෂ රෙජීමය යලිත් වරක් මනාවට ඔප්පු කර තිබෙනවා, අනවශ්‍ය කුළුණක් හැදීම සඳහා! චීනාගේ යෝජනාවට අනුව මේ කඩුත්තුව හැදුවේ ඉන්දියාවේ වැඩකටයුතු කෙලින්ම චීනයේ සිට නිරීක්ෂණය කිරීම අපහසු නිසා, කවදා හෝ ඉන්දියාව අපේ රටට එරෙහි උනොත් එදාට උඩින් වැටෙන්නේ පරිප්පු නොවෙයි, මේ කුළුණට ඉන්දියන් බෝම්බ ටොන් ගණනින් බව යුධ නිරීක්ෂකයන් දැනටමත් අනාවැකි පළකර තිබෙනවා !

:       410       64

bandula Saturday, 16 March 2019 12:44 AM

මේක නෙලුම් පොහොට්ටුවක්, ඒක නිසා මේකේ නම "පොහොට්ටුව " වෙන්න ඕන. එහෙම පක්ෂේකුත් තියෙනවා .

:       79       96

සරත් Saturday, 16 March 2019 03:06 AM

නන්දලාල් ද සිල්වා..., එතකොට අයිෆල් කුළුණ තියෙන්නේ එංගලන්තේට පේන්න වෙන්න ඇති. අනේ ඔයා....

:       0       199

janatha anura Saturday, 16 March 2019 03:28 AM

අයිපල් කුලුනත් එහෙම එකක්ද ? අපේ මිනිස්සු මේ රටවල් වල හිටිය නම් ඔය කුළුණු එකක් වත් නැහැ එම කුලුන ඉදිකර ඇත්තේ එම රටේ මිනිස්සු අපේ රටේ එහෙම නොවේ කුළුණු ගැන කතා ලියන එක .

:       1       27

lanka china Saturday, 16 March 2019 03:43 AM

ඉන්දියාවෙන් බෝම්බ දාන කම් චීන්නු බලාගෙන ඉඳීවි 1985 පමණ ඉන්දීය ආක්‍රමණය වැලක් වුවේ චීනය සහ පකිස්ථානය බව අමතක උනාද ? ඉන්දියාව තර්ජනය කර අපේ ගුවන් සීමා ආක්‍රමණය කල, චීන නායකයා කෙලින්ම ඔවුන් ගෙන්වා ලංකාව ස්වාදීන රජයක් බව පවසා ඉන්දීය දේස සිමාවේ හමුදාව තර කර ඔවුන් බිය ගැන්වුව ලංකාවේ මිනිස්සු දේසපාලනය තම රැකියාව ආගම ලෙස සලකනවා මුල අමතක වෙනවා උදවු කල යුත්තේ දෙවරක් සිතාය

:       1       208

janatha anura Saturday, 16 March 2019 03:46 AM

ඉන්දියන් බෝම්බ ටොන් ගණනින් වැටෙන කම් බලා සිටින රටවැසියෙක් ?? අපිට බෝම්බ දැම්මොත් ඔවුන්ට ආසියාවෙන්ම පරමාණු බෝම්බ වැටෙනු ඇත ඔවුන් එය දනී

:       1       63

asoka Saturday, 16 March 2019 06:45 AM

ඔය කුලුන කියලා කීවට ඔතන මොනවද කෙරෙන්නේ කියන එක දන්නේ ටික දෙනා විතරයි. ඒක අපේ රටට සැහෙන්න වටිනා දෙයක්. අනෙක ඕකේ නිර්මාතෘවරයා මහින්ද හිටපු ජනාධිපති.

:       1       62

rohana kumara mendis Saturday, 16 March 2019 10:22 AM

අනේ කොහොම හරි තව ඕලු, මානෙල් කුළුණු 2ත් හදන්න සම්පූර්ණ වෙන්න. කුළුණු විතරයි අපිට අඩු... අනික් සේරම සියල්ල සම්පූර්ණයි.

:       56       5

smn Saturday, 16 March 2019 10:25 AM

කවුරු කළත්, කොහොම කළත් රටට ලැබිලා තියෙන්නේ ලාභයක්.. ඒකට සතුටු වීම හොඳ ගතියක්…

:       0       76

nali Saturday, 16 March 2019 06:26 PM

මෙහි යතාර්ථය පිළිබඳව කාටවත් දැන්මම මුකුත් කියන්න බැහැ. කලක් යනකොට හොඳ හොඳ ආරංචි අහන්නට ලැබේවි.

:       1       2

Chanak Los angeles Saturday, 16 March 2019 09:51 PM

නිර්මාතෘගේ සාක්කුවට මෙයින් කීයක් වැටුනද කියල දන්නේ නැතුව ඇති නේද ?

:       1       3

sirimal Sunday, 17 March 2019 09:29 AM

එතකොට උප්පැන්න සහතිකේ දෙන එක කවදද සම්පුර්ණ වෙන්නේ?

:       0       53

Sapumal. Tuesday, 26 March 2019 08:36 AM

සත්‍ය වශයෙන්ම මෙය රටට අලංකාරය ගෙන දෙන්නක්. ඒත් මේ කොන්ක්‍රීට් නෙලුම් පොහොට්ටුව සඳහා ණය කන්දරාවක් ගත්තේ නම් ඒවාට පොලියත් සමග ගෙවන මුදලට වඩා ආදායමක් මෙයින් රටට ලැබෙනවාද ? මෙයින් ව්‍යාපාරික වශයෙන් රටට වැඩි වාසි ලැබෙන්නේ නම් යහපත් වෙයි. ඒත්,එසේ වෙනවාදැයි නොදනිමි. නොඑසේ නම් මෙය යමෙකුගේ හෝ පිරිසකගේ පම්පෝරිය හෝ බලපුලුවන්කාරකම පේන්නට හැදූ නෙලුම් පොහොට්ටුවක් පමණද ? අර කව්ද කිව්වා වගේ නැට්ට හරි නැහැ. කෙලින්ම තියෙන්නේ නැතිව පොඩි හෝ ඇදයක් ආවානම් ගතියක් තිබුණා. අප එහෙම කිව්වාට එසේ ඉදිකිරීමට අපහසු කමක් ඇති.

:       0       85

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 84 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 442 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 325 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 79 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 331 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 248 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site