(මනෝප්රිය ගුණසේකර )
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිලවරණයේදී 2019/2020 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාද ලේකම්වරයා ලෙස නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතාද අද පැවැති නිලවරණයෙන් තේරී පත්විය.
2019/2020 වර්ෂය සඳහා සභාපතිවරයකු හා ලේකම්වරයකු තෝරා ගැනීම සඳහා කොළඹ ඇතුළු රටපුරා ඡන්ද මධස්ථාන 83කදී පැවැත්වූ ඡන්ද විමසීමේදී සෙසු තරඟකරුවන් පරාජයට පත් කරමින් ඔවුන් එම නිල සඳහා තේරී පත්විය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේදී එහි සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ ඉන්ද්‍රතිස්ස මහතා සහ නීතීඥ මහින්ද ලොකුගේ මහතාද ලේකම්ධුරය සඳහා කෞෂල්‍ය නවරත්න මහතා සහ නීතීඥ සමන් වැලිඅංග මහතාද තරඟ කළහ.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මෙවර නිලවරණයේ ප්‍රධාන තේරිම් බාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කරන අතර කොළඹින් පිටස්තර ඡන්ද මධ්‍යස්ථාන 82 තේරිම් බාර නිලධාරීන් වශ්‍යයෙන් ඒ ඒ පළාත්වල දිසා විනිසුරුවරුන් කටයුතු කළ බවද නීතීඥ සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
නීතීඥ සංගමයේ නිලවරණය සඳහා ඡන්ද විමසීම අද පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්විණි.
අපේක්ෂකයන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පහත දැක්වේ.
කාලිංග ඉන්ද්‍රතිස්ස 4702
මහින්ද ලොකුගේ 1346
කෞෂල්‍ය නවරත්න 5061
සමන් වැලිඅංග 898
කොළඹ ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ නගර සභාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන්
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නිතීඥ සංගම් නව සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස - ලේකම් කෞෂල්‍ය නවරත්න
Amila Wednesday, 20 February 2019 03:47 PM
කාලිංග ඉන්දතිස්ස මහතා කියන්නේ දක්ෂ නීතීඥ මහතෙක්. උණුසුම් සුබපැතුම්!
Raveendra Wednesday, 20 February 2019 04:51 PM
ලංකා නීතීඥ සංගමයේ අලුත් නිලධාරී මඩුල්ලට අපගේ සුබ පැතුම්!! අවංක පුරවැසියන් හැටියට අප නව නිලධාරි මඩුල්ලෙන් කාරුණික ඉල්ලීම කිරීමට කැමැත්තෙමු. අපගේ මාතෘභූමිය වැටී ඇති අගාධයෙන් මිදීමට ඔබලාට වැදගත් යුතුකම් කීපයක් පැවරී ඇති බව පළමුව සඳහන් කරන්නෙමු. ඔබ සියල්ලන්ටම යම්කිසි සම්මුතියකට පැමිණීමට හැකිනම් රට විනාශ කරන කුඩුකාරයන් වෙනුවෙන් පෙනී නොසිටීමට, මොවුන් වෙනුවෙන් පෙනී නොසිටීමට, මහජන දේපොළ හොරාකන්නන් වෙනුවෙන් පෙනී නොසිටීමට එමගින් ඔබලා මෙලොවදීම පින් රැස්කර ගන්නේය. සරලව කියනවා නම් "මුදල් වෙනුවෙන්ම " අනාගත පරපුර විනාශ කරන කුඩ්ඩන්ව හොඳ මිනිසුන් ලෙස පෙන්වීමට තර්ක විතරක් නොකර සිටීමයි.
MaheeWednesday, 20 February 2019 06:41 PM
අනේ රවීන්ද්‍ර මහත්තයෝ, ඒ ටික අත හැරියාම කා වෙනුවෙන්ද නීතිඥයෝ පෙනී ඉන්නෙ?
Amila Thursday, 21 February 2019 12:12 AM
ඇත්තටම රවීන්ද්‍ර මහත්තයෝ හරියට සාක්ෂි සහ කරුනු නැතිව ඉදිරිපත් වෙන සිද්දි තමයි ගැටලුව වෙන්නේ. ඒකට නීතිවේදියෝන්ට කරන්න දෙයක් නෑ නේ. අනික හිතමු කවුරු හරි තරහකාරයෙක් ඔබතුමාට කුඩු දාලා හරි ගන්ජා දාලා හරි මාට්ටු කරා කියලා, එවිට ඔබේ නිදොස්භාවය සනාත කිරීම සදාහා නිතීඥ සහාය බොහෝ වෙලාවට ඕන වෙනවනේ. පසුගිය කාලයේ වුනු මාධ්‍ය වේදින් ඝාතන සහ මහජන මුදල් අවභාවිතය ගැන කියවුන සිද්දි බොහෝමයක් ඔප්පු කරගන්න තරම් සාක්ෂි නොමැති වීම හෝ දුර්වල ලෙස ගොනු කරපු සිද්දි තමයි හේතුව.
RaveendraThursday, 21 February 2019 02:05 AM
Mahee මයා වෙත, ඔබගේ අදහස් නිවැරදි උවත් අපගේ අදහස් වලින් අඩුතරමින් නීතීඥයන් කිපදෙනේකුවත් මේ අය වෙනුවෙන් පෙනී නොසිටියි යන්න අපගේ එකම බලාපොරොත්තුවයි.
kamal Thursday, 21 February 2019 02:32 AM
ජයෙන් ජය