IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කල්යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
අයථා ලෙස රුපියල් කෝටි තුනක මුදලක් උපයා ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාග කටයුතු ලබන ජූනි මස 08 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (03) නියම කළේය.
 
විත්තිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයවැය විවාදයට යෑමට අවසර දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් වූ කරුණු පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
 
2013 ඔක්තොම්බර් මස 01දාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත‍්‍රණය කිරීම සහ රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා  එකොළහක්  යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
 
අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් ‘‘හෙලෝ කෝප්’’ ආයතනය මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වැඩිදුරටත් චෝදනා නගා තිබිණි.
 
දුෂණ විරෝධී පෙරමුණේ  කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට  අනුව කළ විමර්ශනයකින් අනතතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා, පවිත‍්‍රිකා සුජානි බෝගොල්ලාගම, ගුවන් සේවිකාවක් වු නිත්‍යා සේනානී  සමරනායක, ඔරනෙල්ලා ඉරේෂා සිල්වා සහ ඉන්දික ප‍්‍රභාත් කරුණාජීව නමැත්තන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
 
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ විත්තිකරුවෝ හා සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.
 
ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් වැඩිදුර විභාගය ලබන ජූනි මස 08 වැනිදා දක්වා කල් තැබීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට හා සාක්කිකරුවන්ට නියම කළේය.
 
පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන සම්පත් මෙන්ඩිස්, ගනේෂ් ධර්මවර්ධන සහ ජීවන්ත වීරසිංහ යන මහත්වරු ද ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් ද පෙනී සිටියහ.



අදහස් (16)

නාමල්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කල්යයි

UAE Sanath Wednesday, 03 April 2019 10:29 AM

ලංකාවේ උසාවි තියෙන්නේ නඩු කල් දාන්න විතරද? ලෝකේ කොහෙවත් මේ වගේ අකාර්යක්ෂම අධිකරණ පද්ධතියක් නැහැ.

:       0       570

chathuri Wednesday, 03 April 2019 11:27 AM

මේ වගේ කාලකන්නින්ගෙන්ද? අයවැය තර්කයට උදව් ගන්නේ... නාමල් විමල්ගේ නූගත්කම කැපී පෙනුණාට මිලියන ගණනින් මුදල් වංචා කරලා තියෙන්නේ. මේ කට්ටියගේ නඩු පුදුම විදියට කල්දමන්නේ, මිලියනයට එක පෙරකදෝරුවා බැගින්... කට්ටියක් එනවා. නඩු දිනයට හොරුන්ට කඩේ යන්න. මේ නඩේ තමයි, මේ නඩු කල් දමන වැඩ. කරන්නේ මොවුන් ටිකයි, අධිකරණයේ ටිකයි නඩුඅහන්නේ නැතිව බලෙන් කූඩුවට දමන්න ඕනෑ...

:       23       331

Galbamunuarachchi Wednesday, 03 April 2019 11:36 AM

කල් දැමීම හැර මොකක්ද කරන්නේ? මෙහෙම කල් ගිහින් ආණ්ඩුව වෙනස් වුණොත් ඔය මිනිස්සු නිදහස් වෙන්නේ නිදොස් කොට... ඊට පස්සේ හොරු වීරයෝ වෙනවා. මේක නම් මේ රටේ මහා කරුමයක්...

:       0       241

Hafeel Wednesday, 03 April 2019 11:53 AM

ජනතාව රවට්ටන්න තවතවත් විශේෂ මහාධිකරණ විවෘත කරන්න.

:       2       57

casmir Wednesday, 03 April 2019 12:32 PM

1.රන්ජන් රමනයක හරියටම හරි 2.ජාත්‍යන්තර අධිකරණ ඉල්ලීමට වලංගු භාවයක් ලබා ගත හැක 3. කල්ගිය සෑම නඩුවක්ම ලබන වසරේදී නිශ්ප්‍රභා විය හැක 4.මොහු මොලේ කළඳක් නැති දූෂිත දේශපාලකයෙක් පමණි...

:       0       223

sirimal Wednesday, 03 April 2019 12:36 PM

තව මාස පහයි. ඊට පස්සේ මේ ගොල්ලන්ට නඩු දාපු උන්දැලාට තමයි ගස් යන්න වෙන්නේ. ඒවා නම් මේවගේ කල් දාන්න දෙන එකක් නැහැ.

:       0       122

smn Wednesday, 03 April 2019 12:42 PM

නඩු දාපු උන්දැලාට ඕනෑ වෙලා තියෙන්නේ නඩු කතා කරකර ඇද ඇද ඉඳලා ජනතාවත් රවට්ටගෙන ඊළඟ චන්දෙට යන්න.

:       8       3

මම සපුමල් Wednesday, 03 April 2019 01:54 PM

රටේ ජනතාවගේ සල්ලි... එවුන් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ සුදනෝ වගේ. පට්ට හොරු දැන් දැන් එළියට ඇවිත් සුද්දවන්තයෝ වගේ පාරම් බාන්නේ අධිකරණ ක්‍රියාවලියේ ඇති මෙවැනි දුර්වලතා නිසා. රටේ ජනතාව අසරණ කරන්න එපා. දවසක ජනතාව බලය අතට ගත්තොත්, හොරුන්ටයි, ඔය ලොකු ටෝක් දෙන කෙරුමොන්ටයි, නඩුකල් දදා ඉන්න හොර පෙරකදෝරුවන්ටයි යන කලදසාව බලාගන්න පුළුවන්. අපි කියන්නේ ජනතාව ඒ තත්වයට පත් කරන්න එපා. රටේ අයිතිකාරයෝ, බදු ගෙවන මේ ජනතාව.. ඒ මිනිස්සුන්ගේ අයිතීන් ආරක්ෂා කරලා දෙන්න ඕනෙම කෙනෙක් දැනගන්න ඕනේ...

:       196       269

RaveendraFriday, 05 April 2019 12:27 PM

සහතික ඇත්ත සැමදා නියං එකදා වැහි වලාවේ කිව්වා සේ මේ සියල්ල වෙනස් විය හැක. 225 වූ ගවයන් ගෙන් එකෙක් නැත. කුඩා දරුවන්ට කීමට අනේ පුතේ අහවල් මහජන නියෝජිතයා අවංකව රට වෙනුවෙන් සේවය කරනවා කීමට. " උරුගු රටේ ජනාධිපතිතුමාගේ " කතා වස්තුව මෙම පුවත්පතේම තිබෙන බැවින් එය කියවීමට ගවයන් 225ටම හැකි වේවා!!!

:       0       0

Chanak Los angeles Wednesday, 03 April 2019 08:20 PM

පේනවා නේද රටේ සියලු දෙනාම මේ අයට විරුද්ධව කතා කරන හැටි. ඒ වුනාට බමුණා ඇවිල්ලා පක්ෂව මෙතන මෝඩ අදහස් ටිකක් ලියයි.

:       0       0

රාජුන් Wednesday, 03 April 2019 09:39 PM

සත්‍යය නම් අපේ අධිකරණ පදධතිය ඉතා බලගතු, කාර්යක්ෂම නිර්භීත ආයතනයක්. ප්‍රශ්නය තියෙන්නෙ ඒ පද්ධතිය ඉදිරි පස සිට තීරණ ගන්නා (සමහර) විනිශ්චය කාරවරුන්ගේ ඔතෑති කමත්, මුදලට බලයට ඇති කෑදරකමත්, බියගුලු කමත් නිසා මේ උතුම් ආතයනය හෑල්ලුවට ලක් වෙනවා.

:       0       0

Don Thursday, 04 April 2019 02:54 AM

මේවා අහන නඩු නෙවි............

:       0       0

Mahee Thursday, 04 April 2019 03:11 AM

අනේ රන්ජන්, ඔබට නඩු 26 ක් වැටිලා තියෙන්නේ ඇත්ත කියන්න ගිහිල්ල බව අපි නම් හොඳටම දන්නවා. නාගානන්දටත් ඒකමයි වුණේ. ඔබටත් බැරිද නඩු දවසට පාර්ලිමේන්තු යන්න ඕන කියල නඩු කල් ගන්න. කෙප්ප ඇදබාන නැති මන්ත්‍රීෙකනෙක්ට පුළුවන් නම් ඔබ වගේ ඇත්ත කතාකරන කෙනෙකුට බැරිද? නඩු 26 ක් තියෙන හින්ද ක්‍රිස්තු වර්ෂ 2500 දී විතර පුළුවන් වෙයි ඉවරයක් කරලා දාන්න.

:       0       1

senith Thursday, 04 April 2019 07:00 AM

මේ ක්‍රමය වෙනස් විය යුතුයි කියන්නේ ඕකට තමයි...

:       0       1

Rata Perata Thursday, 04 April 2019 07:58 AM

මුන් වගේ අය නේ තාම වීරයෝ වගේ කෑ ගහන්නේ? ඔක්කොම හොරු.

:       0       0

Bamunuarachchi Friday, 05 April 2019 03:17 PM

මේ පොටෝ එකේ ඉන්න හාදයා පනාවක් දැකලාවත් නැහැ වගේ. යකෝ කොණ්ඩය පීරා ගනින්කෝ... සූප්පු කොරපු අඹ ඇටේ වගේ ඔලුව තියාගෙන ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1874 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 953 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 757 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 361 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 626 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 567 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site