IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


නාඋල බිනර සංහාරයක්

(ඉන්දික අරුණ කුමාර)

නාඋල බොබැල්ල ප්‍රදේශයෙන් පමණක් හමුවන සුවිශේෂි බිනර ශාක පිහිටි ප්‍රදේශය පස් දමා විනාශකර ඇතැයි පරිසර සංවිධාන චෝදනා කරයි.

එග්සගන් පෙඩන් කිවුලාටා (Egsegan pedenculata) යන උද්භිත විද්‍යාත්මක නමින් හඳුන්වන මෙම බිනර විශේෂය 1983 වසරේ දී පේරාදෙණිය උද්භිත උද්‍යානයේ උද්භිත විද්‍යාඥ ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා විසින් සොයා ගන්නා ලදී.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙම බිනර ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර සංවිධාන මෙන්ම සිවිල් සංවීධාන රැසක් හඬ නගා ඇත.

මේ වන විටත් මෙම සුවිශේෂි බිනර ගහනය පිහිටි ප්‍රදේශය රක්ෂිත භුමියක් බවට පත්කිරිම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් යන බව මේ සම්බන්ධයෙන් කල විමසීමක දී පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතා කීය.

මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ නාඋල සිට බොබැල්ල දක්වා මාර්ගය සංවර්ධනය කිරිමේ දී  ඉවත් කරනු ලබන පස් මෙම බිනර ව්‍යාප්තීය පවතින භූමියට දමා ඇතැයි ඔවුහු කීහ.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ පෞද්ගලික සමාගමක් විසින් මාර්ග සංවර්ධන කටයුතු සිදුකරනු ලබයි.

බිනර මහේදී මල් හටගන්නා මෙම භුමියේ මේ වන විට මිලියන ගණනක් වූ බිනර බීජ තැම්පත්ව පවතින බවත් පස් දැමීම හේතුවෙන් ඒවා විනාශ වීමේ අවදානමක් පවතින බවත්  සමරවික්‍රම මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් දුම්බර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති ආනන්ද කනහැරආරච්චි මහතා කියාසිටියේ බොබැල්ලේ දී හමුවන පෙති හතරේ බිනර විශේෂය ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයකින් හමුනොවන බව නොදැනුවත්කම හෝ හිතා මතා හෝ මෙම පරිසර පද්ධතියට මේ වනවිටත් විවිධ බලපෑම් එල්ල වන බවත්ය.

මෙම බිනර විශේෂය හටගන්නා ප්‍රදේශයේ සංචාරය කල අපට දැකගැනීමට ලැබුණේ බිනර මල් හටගන්නා ප්‍රදේශයේ මේ වන විට වගාව සිදුකර ඇති බවයි.

වසරකට වරක් මුළු පළාතම සුන්දරත්වයෙන් අලංකාර වන මෙම  බිනර විශේෂය ලංකාවේ බොහෝ පිරිසකගේ ආදරයට  පාත්‍රව තිබේ.

එවැනි පසුබිමක මෙම ස්ථානයට පස් දැමීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය සඳහන් කළාය.

කෙසේ වෙතත් පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතා පැවසුවේ බිනර බීජ මතට හෙළා ඇති පස් තට්ටු ඉවත්කිරිම තුළින් ද බිනර බීජ වලට හානි සිදුවිය හැකි බවයි. ඒ සඳහා දැනුම ඇති විද්‍යාඥයකුගේ සහාය ලබාගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

මේ වන විට පවතින අධික උෂ්ණත්වයත් සමඟ  පස් තට්ටුවේ පවතින උෂ්ණත්වය ද හේතුවෙන් බිනර බීජ වලට හානි සිදුවිය හැකි ප්‍රවණතාව වැඩි බවද හෙතෙම වැඩිදුරටත් කීය.

මාර්ග සංවර්ධන කටයුතුවල දී බැහැර කරනු ලබන පස් හා අනෙකුත් ද්‍රව්‍ය පිළිබඳව කටයුතු කිරිමට අදාළ සමාගමේ  පරිසර නිලධාරින් සිටින බවත් බිනර ගහනය පිහිටි භුමියට පස් දැමීමෙන් සමාගමේ දැනුම පිළිබඳ ගැටලු පැන නගින බව ද සමරවික්‍රම මහතා කියා සිටියේය.

අවම වශයෙන් මෙම බිනර ගහනය පවතින භූමියට ආක්ෂික වැටක් හෝ යෙදීම සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික සමාගම කටයුතු කළ යුතු බව ඔහු කීය.

බොබැල්ලේ දී පමණක් හමුවන මේ සුවිශේෂි බිනර ශාක ආරක්ෂා කිරිම සදහා රජය කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව ද සමරවික්‍රම මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

 



අදහස් (7)

නාඋල බිනර සංහාරයක්

දිලුම් Wednesday, 19 June 2019 08:29 AM

ගහක් වැලක් වන සතෙක් කුරුල්ලෙක් සමනලයෙක් මොකෙක් ගැනවත් නිනව්වක් නෑ ඔහේ වැඩ කොමිස් සංවර්ධනේ. අන්තිමට කාන්තාරයක හදපු පාරවල් ටිකක් විතරක් තියෙයි මෙහෙම ගියොත්.

:       74       174

sana Wednesday, 19 June 2019 09:44 AM

ඉඩමකට පස් දැම්මාම කොමිස් හම්බවෙන්නේ කොහොමද? මෙතන තිබෙන්නේ අතිශය සියුම් ප්‍රශ්නයක්. යම් හෙයකින් මෙම ඉඩම අයිති වෙලා තිබ්බේ පුද්ගලයෙකුට නම් ඔහු ඒකට අවසර දීලා තිබ්බා නම් මේ පරිසර සංවිධානය මොකක්ද කරන්නේ? ශාකයක් ‍රැක ගැනීම ගැන ප්‍රශ්නයක් නෑ. ඒත් දැන් දාපු පස් අයින් කරන්නත් එපා නම් ඒකට මහා විද්‍යාඥයෙක් කැඳවන්නත් යනවා නම් මේ පරිසර සංවිධානය සැරසෙන්නේ නොකෙරෙන වෙද කමට කෝඳුරු තෙල් හොයන්නද?

:       149       42

sana Wednesday, 19 June 2019 09:44 AM

ඉඩමකට පස් දැම්මාම කොමිස් හම්බවෙන්නේ කොහොමද? මෙතන තිබෙන්නේ අතිශය සියුම් ප්‍රශ්නයක්. යම් හෙයකින් මෙම ඉඩම අයිති වෙලා තිබ්බේ පුද්ගලයෙකුට නම් ඔහු ඒකට අවසර දීලා තිබ්බා නම් මේ පරිසර සංවිධානය මොකක්ද කරන්නේ? ශාකයක් ‍රැකගැනීම ගැන ප්‍රශ්නයක් නෑ. ඒත් දැන් දාපු පස් අයින් කරන්නත් එපා නම් ඒකට මහා විද්‍යාඥයෙක් කැඳවන්නත් යනවා නම් මේ පරිසර සංවිධානය සැරසෙන්නේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හොයන්නද?

:       64       79

asanga Wednesday, 19 June 2019 09:53 AM

කෝ මේ පරිසර වේදියෝ...

:       12       33

AmalWednesday, 19 June 2019 01:28 PM

පරිසර වේදියෝම එනකන් බලන් ඉන්න එපා .එත් මිනිස්සු , ඔය පළාතේ වෙන මිනිස්සු නැද්ද ?

:       0       73

Ravi DarshanaThursday, 20 June 2019 08:30 AM

අපි පරිසරය ගැන නොසිතන අයට ඡන්දය දීලා, පරිසර වේධින්ට ඇගිල්ල දික්කරල වැඩක් නෑ නේද ?

:       0       0

සරත් Wednesday, 19 June 2019 11:39 AM

ලස්සනට තිබ්බ කැලේ කපලා වායුදූෂණය වෙලා කියන අපි බාගෙට පැහුණු ගෙඩිවලට බෙහෙත් ගහලා ඉදවලා පලතුරු රස නැහැ කියන අපි... ලස්සනට, පිරිසිදුවට තිබ්බ වතුර ටිකට වහ හලලා, ප්ලාස්ටික් හලලා, කාර්මික අපද්‍රව්‍ය හලලා වතුර නිසා වකුගඩු රෝග හැදෙනවා කියන අපි...සාෆි ඕනේ නැහැ .. ආත්මාර්ථකාමී නොසැලකිල්ලට පින්සිද්ද වෙන්නම.. ඉක්මනටම වඳ වෙලා යයි…

:       0       310

ඔබේ අදහස් එවන්න

දියත

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 888 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 426 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 569 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 346 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1769 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 868 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site