IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නව පනත් කෙටුම්පතක් 20 වැනිදා පාර්ලිමේන්තුවට

(නිමල කොඩිතුවක්කු)

 

පැලවත්ත සහ සෙවනගල  සීනි කර්මාන්ත ශාලාව ඇතුළු ආයතන 36ක්  රජයට පවරා ගනිමින් 2011 වසරේ ඉදිරිපත් කළ ඌණ ක‍්‍රියාකාරි ව්‍යවසායකයන් හෝ ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත ඉවත් කරමින් නව පනත් කෙටුම්පතක්  බ‍්‍රහස්පතින්දා (20)  පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

නව  පනත මගින් පැලවත්ත සහ සෙවනගල  සීනි කර්මාන්ත ශාලාව ඇතුළු ආයතන 36 යළිත් පෞද්ගලික අංශයට පැවරීමක් නොවන බවත් සඳහන් කළ කිරිඇල්ල මහතා එම ආයතන තවදුරටත් රජය භාරයේම පවතින බවත් කීය.

ඌණ ක‍්‍රියාකාරි ව්‍යවසායකයන් හෝ ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත මගින් ව්‍යාපාර පවරාගැනීමක් සිදුවන බවට  ආයෝජකයන්ගේ ඇති භය  නැති කර ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මෙම පනත ඉදිරිපත් කරන බවත් ඔහු පැවැසීය.

පැලවත්ත සහ සෙවනගල  සීනි කර්මාන්ත ශාලා යළි දයා ගමගේ මහතාට පැවරීමේ අරමුණින් මෙම පනත ඉදිරිපත් කර ඇතැයි නැගෙන චෝදනා ප‍්‍රතික්ෂ්ප කරන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (5)

නව පනත් කෙටුම්පතක් 20 වැනිදා පාර්ලිමේන්තුවට

rasika Tuesday, 18 June 2019 03:50 PM

මෙහෙම ආණ්ඩුවක්, මෙහෙම රටක්. පැලවත්ත සීනි කම්මල 70 දශකයේදී මුළු ආසියාවේම වැඩිම සීනි නිපදවපු කර්මාන්තශාලාව. අපි සීනි අපනයනය කලා. දැන් මේක පාඩු ලබන්න සලස්වලා

:       106       117

samanWednesday, 19 June 2019 02:05 AM

මෙහෙමත් ආණ්ඩුවක් නෙවෙයි මේ රටේ ආණ්ඩු කරපු ඔක්කොම මේකට වගකිව යුතුයි.

:       1       15

athuraWednesday, 19 June 2019 04:29 AM

මේක මේ ආණ්ඩුවේ වරදක් විතරමද?

:       4       47

Ratnamalala Wednesday, 19 June 2019 12:15 AM

මේ පනතට අර කන්තලේ සීනි කම්හලට උනා වගේ වැරදිලා පෙර අයිතිකරුට හිමිවන ලෙස කොටසක් ඇතුලත් වෙන්න බැරි කමකුත් නැතුවාම නොවේ.

:       0       12

Mahee Wednesday, 19 June 2019 05:51 AM

මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියෙන් කෝටි ගණන් ගසා කාල තියෙන හැටි විගණකාධිපති පෙන්නලා තියෙනවා. මේ හැරෙන්නෙත් ඒ පොල් පැලේටම තමයි කියල අපට නම් පැහැදිලියි.

:       53       128

ඔබේ අදහස් එවන්න

දියත

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 144 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 489 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 507 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1304 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2755 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1809 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site