IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දේවාල වලට ගොස් සීල ව්‍යාපාර පවත්වා මේ තත්ත්වයට මුහුණ දෙන්න බෑ

(නිමල කොඩිතුවක්කු)

දේවාල ගානේ ගොස් සීල ව්‍යාපාර පවත්වා  ඒවායින් අනිශංස ලබාගෙන මෙවැනි ව්‍යසනකාරි තත්වයන්  නිරාකරනය කර ගත නොහැකි බව  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ කොළඹදී පැවසූහ.

රාජගිරිය පිහිටි  පිහිටි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (26) පැවති මාධ්‍ය හුමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියෝ මෙසේද කීහ.

       ‘‘වැඩිහිටි කියමනක් තියෙනවා  ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැක ගන්නේ කියලා. ඒ නිසා අපි බලන්න  ඕන නැවත මෙවැනි දෙයක් වළක්වගන්නේ කොහොමද කියලයි.

දේවාල ගානේ ගිහින් සීල ව්‍යාපාරයක් කරලා  ඒවායින් අනිශංස  ලබාගෙන මෙවැනි තත්වයක් වළක්වා ගන්න බැහැ. එහෙම  නැතුව මහනායක හිමියන් බැහැ දැකලා, කාදිනල් තුමා බැහැ දැකලා අනේ අපේ රට  ආරක්ෂා කරන්න කියන ඉල්ලිම් වලින් මේ වෙලාවේ වැඩක් නැහැ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්  මේ මොහොතේ රට පත්ව තිබෙන තත්වයට මුහුණ දීමටනම්  අපි වෙනත් ක‍්‍රියාමාර්ගවලට යොමුවිය යුතුයි. ලෝකයේ මෙවැනි ව්‍යසන වුනහම ඒ රටවල  බුදධිමත් පාලකයන් ගත් ක‍්‍රියාමාර්ග  ඕන තරම් තියෙනවා. අපිත් එවැනි ක‍්‍රියාමාර්ග වලට යොමුවිය යුතුයි.

මේ ත‍්‍රස්තවාදයත්  එක්ක හරියට හැප්පෙන්න  ඕන. ඒ සඳහා මේකත් එක්ක එයට වඩා පුළුල්  යුධමය බලවේගයක් ගොඩනැගිය යුතුයි. මේ න්‍යායන් දන්න කෙනෙක් මෙහි නායකත්වය සඳහා යෙදවිය යුතුයි’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.



අදහස් (18)

දේවාල වලට ගොස් සීල ව්‍යාපාර පවත්වා මේ තත්ත්වයට මුහුණ දෙන්න බෑ

indika Friday, 26 April 2019 01:53 PM

අනිත් කෙනත් එළියට ඇවිත් ඉන්නේ... ඔව් අපි ඔහේ කියනකම් තමා හිටියේ..

:       1218       1721

Pradeep Friday, 26 April 2019 02:00 PM

ඔබ වහන්සේට දැන්වත් තේරුණා නම් හොඳයි.

:       50       343

මේඝවර්ණ අභය Friday, 26 April 2019 02:14 PM

කල්ක්‍රියාවෙන් පෙනෙන්නේ කන්ට දෙන්ට විදිහක් නැති හේතුවෙන් දෙමාපියන් විසින් කුඩාකල සසුනට බාර දීමෙන් පසු බඩගින්නට අහිංසක බෞද්ධයන් දුක් මහන්සියෙන් වෙරවීරියෙන් උපයා කර්මඵල අදහා පූජා කරන බුද්ධබෝග පරිහරණය කර අතුරුඵල ලෙසයි. මෙහෙම ලිව්වාට පව් නැත. අපද නිවන් දකින්නට පැවිදි වූ, ඒ නිවන් මඟ වඩින, ඒ නිවන් මඟ සිවුවනක් පිරිසට කියාදෙන උතුම් මහ සඟරුවන නිති බැහැදකින්නන්ය. එබැවින් භික්ෂූන් වහන්සේලා සහ චීවරධාරීන් වෙන් වෙන්ව හඳුනා ගන්නට අපට හැකිය.

:       526       967

ධනුෂ්ක Friday, 26 April 2019 02:21 PM

ඔබවහන්සේ හරි. දේවාල ගානේ ගිහින් මේවා විසඳන්න පුලුවන් නම්... දෙයියෝ මේවා දිහා බලනවා නම් මේ අපරාධ වෙන්නේ නෑ. බුදු හාමුදුරුවෝ දේශනා කලේ නිවනට යන මග... එ්ත් අපරාධකාරයන් එ් මග නොයා අපිත් එක්කරගෙන දෙවියන් ළඟට යන්න හදනවා නම්. අපිට දෙවියන් ළඟට යන්න වුවමනා නෑ කියලා ඔවුන් දෙවියන් ළඟට කඩිනම්න් යැවිය යුතුය. මේ අවස්ථාව දඩමීමා කරගෙන සියළු අන්තවාදයන් ජාතිවාදයන් බෙදුම්වාදයන් මුලිනුපුටා දැමිය යුතුය.

:       70       218

Manoj Friday, 26 April 2019 02:21 PM

මොකෝ යහපාලන කතා ඉවරද?!!!. රටම විනාශයට ඇදලා දැම්මා ...!!!

:       156       821

Jayantha Friday, 26 April 2019 02:23 PM

ඔන්න එළියට බැහැලා කාලෙකට පස්සේ... කාගෙන්හරි මොකුත් හම්බවෙලා වගේ මේ පාරත්...

:       156       681

පිටිගල මිලානෝ Friday, 26 April 2019 02:27 PM

පහුගිය දවස් ටිකේම ඔබ වහන්සේයි, අර මහාචාර්යතුමයි, ලැම්බෝගිනි කට්ටියවයි ගොඩක් දෙනෙක් හෙව්වා. අැයි ආරංචි නැද්ද? කොහෙද වැඩහිටියේ අපේ හාමුදුරුවනේ? වෙනස ෂෝක් නේද?

:       226       752

chamath Friday, 26 April 2019 03:34 PM

සන්තෝසමක් ලැබුණා නේද?

:       10       263

Bamunuarachchi Friday, 26 April 2019 03:48 PM

හලෝ ඔයගැන කලින් කතා කරපු අයට ඔහේ කීවේ ජාතිවාදීන් කියලා නේද? ඔහේලා සාධාරණ සමාජයක ඉන්නවා නම් ගෑස් එකෙන් වැටුප් ගන්න එක සාධාරණද? ඔබ සමග ගනුදෙනු කරපු අයෙක් පාපකර්මයට අසුවන්නේ නැත.

:       3       406

සමන් Friday, 26 April 2019 03:57 PM

දැන් ඉතින් හරි නොවැ ඔයාලට බාර දුන්න වැඩේ කලානේ

:       0       0

Anuradha Friday, 26 April 2019 04:37 PM

ඔබ වහන්සේ දැන්වත් මේ ආණ්ඩුව ගැන තේරුම් ගන්න...

:       0       0

hesa Friday, 26 April 2019 05:50 PM

දහමත් අමතක වෙනවා. ඇත්තට මොනවා කියන්නද මොනවා ලියන්නද නෑ මට වැටහෙන්නේ...?

:       0       28

dan Friday, 26 April 2019 05:52 PM

ගෑස් වල බලය ඔය සියල්ලට වඩා ප්‍රබලයි

:       0       13

sarath Friday, 26 April 2019 08:32 PM

අහා මේ ඉන්නේ...!!! රට කාලා, ඩොලර් ගිලපු නඩේ...

:       0       0

jeewan Saturday, 27 April 2019 02:53 AM

කොන්ද පණ නැති වගකීම් විරහිත ආණ්ඩුවක් පත් කර එහි විනාශකාරී විපාක අත්දකිමින් සිටින කාලයක් එළැඹ ඇත. සිරිසේන ජනාධිපතිට පින් සිද්දවෙන්න ලංකාව තුළ පොදු අපේක්ෂකයා සංකල්පය ජනතාවට පිළිකුල් වී ඇත. මේ ආණ්ඩුව පත් කිරීමට මුල් වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය, පුරවැසි බලය, අද සිරිසේනට බනිමින්, ගෝලීය ත්‍රස්තවාදයක් ගැන කියමින් අත සෝදාගනියි. රාජපක්ෂලාට හෝ එවකට ආණ්ඩුවේ දූෂිත නිලධාරීන් යැයි කියන අයට නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දී නැත. ඒ අනුව ඒ කළ චෝදනා අතිශයෝක්තියෙන් ගෙන හැර පෑ සිරිසේනගේ වචන වලින් කියනවා නම් දේශපාලන කතාය.

:       0       15

prakaash Saturday, 27 April 2019 03:50 AM

මේ එන්.ජී.ඕ. ඩොලර් කාක්කා දැන් මොනවාද කියවන්නේ. මේ අය තමයි පාලකයින්ව පත් කරගෙන රට පාවා දෙන්නේ.

:       0       0

CHATHURANGA Saturday, 27 April 2019 05:35 AM

දානෙ ගෙනාවා. කාලා සැතපිලා ඉන්න හාමුදුරුවනේ. කළ සේවේ හොඳටම ඇති

:       0       12

jayasekara Saturday, 27 April 2019 06:11 AM

ත්‍රස්තවාදය ට උඩගෙඩි දීල... ආණ්ඩුව සතුටු කරලා..... දැන් එනවා බණ කියන්න.....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 6 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 15 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 78 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2488 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1333 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1000 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site