IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දෙමව්පියන් අහිමිවුවහොත් සුරක්ෂා රක්ෂණයෙන් ලක්ෂ 2 ක්

(නිමල කොඩිතුවක්කු)

පාසල් දරුවකුගේ දෙමව්පියන් කවර ආකාරයකින් හෝ අහිමිවුවහොත් රජය මගින් නොමිලේ හඳුන්වාදී ඇති සුරක්ෂා රක්ෂණය මගින් එම දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙතෙක් එම රක්ෂණ ප්‍රතිලාභ හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික මරණයකදී පමණක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

2019 දෙසැම්බර්  01 වැනිදා සිට ඉදිරියට බලපැවැත්වෙන පරිදි දරුවන්ට එම  ප්‍රතිලාභ හිමිවේ.

සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ වයස අවුරුදු 5 – 21  වයස් සීමාවේ  පසුවන සියලුම පාසල් දරුවන් වෙත ලබාදීම රජයේ අරමුණ වී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ  ලබා ගැනීමේදී  යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටලුවක් ඇතිවුවහොත් අධ්‍යාපන අමාතත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112 784 163, 0113 641 555, 0112 784 872 යන දුරකතන අංක වලට දැනුම් දෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

 

 



අදහස් (5)

දෙමව්පියන් අහිමිවුවහොත් සුරක්ෂා රක්ෂණයෙන් ලක්ෂ 2 ක්

රටේ සල්ලි හොර කමු Friday, 13 December 2019 09:21 PM

දැන් මේක අලුත් කළ දෙයක්ද? නව ඇමති කිව්වා වගේ දේශපාලන බේදයකින් පසුගිය රජයෙන් ඇතිකළ මෙම අගනා ව්‍යාපෘතිය අගය කළ යුතුයි. මේකට එරෙහිව කතා කරන බොහෝදෙනා මෙය තුළින් පෞද්ගලික වාසි ගන්න බැරිවුණු හා බලාඉන්න අයයි. නේවි එකෙන් කරපු ව්‍යාපාරය මංකොල්ල කාලා තමන් නිර්මාණය කළ එකක් වගේ රටේ සල්ලි හොරකන් කළා වගේ මේකට වෙන්න දෙන්න එපා...

:       67       139

රටේ සල්ලි හොර කමු Friday, 13 December 2019 09:21 PM

දැන් මේක අලුත් කළ දෙයක්ද. නව ඇමති කිවුවා වගේ දේශපාලන බේදයකින් පසුගිය රජයෙන් ඇතිකළ මෙම අගනා ව්‍යාපෘතිය අගය කළ යුතුයි. මේකට එරෙහිව කතා කරන බොහෝදෙනා මෙය තුලින් පෞද්ගලික වාසි ගන්න බැරි වුණා බල ඉන්න එවුන්. නැවි එකෙන් කරපු ව්‍යාපාර මංකොල්ල කලා තමන් නිර්මාණය කල එකක් වගේ රටේ සල්ලි හොරකන් කළා වගේ මේකට වෙන්න දෙන්න එපා??

:       69       127

Wije Saturday, 14 December 2019 01:12 AM

ලොකු වැරදීමක් ඔය ලක්ස දෙකක් වන්දි ලැබීම 2019 ජනවාරි වල සිටම ලබාදුන්නා. අනික දෙමාපියන්ගේඕනම මිය යාමකදි වන්දි දෙන්න ගත්තේ 201 නොවැම්බර් මාසයේ සිට. කොහේද අපේ අය දැන්වත්වෙනවට වාඩා විවේචන අධික වුණේ. වත කෙනෙක්ට බලය දෙන්න

:       6       232

ajith Saturday, 14 December 2019 02:14 AM

මේ පරණ යෝජනාවම නේ, වචන එහා මෙහා කරලා පමණයි. යහපාලන රජය කළ යහපත් වැඩක්. ඉදිරියටත් පවත්වාගෙන යාමට තීරණය කිරීම කොපමණ හොඳ දෙයක්ද?

:       7       186

Waruna Abayarathna Saturday, 14 December 2019 07:08 AM

දෙමව්පියන් මියගියා නම් කරන්න ඕනේ ළමයගේ පාසල් අධ්‍යාපනය නිමාවන තෙක් ළමයාගේ වියදම් දැරීම සහ උසස් අධ්‍යාපනය නිමවනතෙක් නැවත රජයට ගෙවීමේ පදනම මත වියදම් දැරීම... මෙමගින් මුදල් අපහසුවකින් අධ්‍යාපනය අඩාලවන දරුවන්ට රැකවරණයක් සහ නැවත අයකර ගැනීමේ කොන්දේසි මගින් ඔවුන්ට වගකීමක් පැවරෙන අතර සහ මහපොල වගේ අරමුදලක් පිහිටුවා ගැනීම කළයුතුයි...

:       0       34

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 564 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 268 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 613 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 97 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 19 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 74 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site