(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
වසර පහළොවක විස්සක සිට මේ රට ජාතිය ආගම වෙනුවෙන් කළ මෙහෙවරට අවසානයේදී ලැබුණේ හිරේ විලංගුවෙ වැටීම පමණක් බවත් රට අනතුරේ වැටී ඇති වෙලාවක මේ රටේ තරුණ පිරිස සහ මහා සංඝරත්නය ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ.
ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ බන්ධනාගාරයෙන් නිදහස්වීමෙන් අනතුරුව කොට්ටාව රුක්මල්ගම ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණ පූජ්‍ය ඉත්තෑපානේ මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මේ බව කීහ.
අනතුරුව උන්වහන්සේ මෙසේද පැවැසූහ.
‘‘මේ රට අද වන විට දැඩි අනතුරක නිරතවෙන්නේ. ඒ බව වසර පහක සිට අපි කිව්වා. ඒ වෙලාවේ අපිට නොර්වේ ප්රොජෙක්ට්කාරයෝ කීවා.ඩීල්කාරයෝ කීවා.කුමන්ත්‍රණකාරයෝ කීවා.ඒත් අපි ඒ දේවල් රටට හෙළි කළා.
අපේ චරිත ඝාතනය කළා.අන්තිමට නොමරා මැරුවා.හිරෙත් දැම්මා.ඒත් අද සත්‍ය ජයඅරන් තියෙනවා.මේ වෙලාවේ ජනාධිපතිවරයා ගත්ත තීන්දුවට ස්තූතිවන්ත වෙනෙවා.මොකද අවුරුදු 19 ක් ලබාදුන් සිරදඬුවම ජනාධිපති සමාව යටතේ ලබා දීම පිළිබඳව.
මේ වෙලාවේ මම කිවයුතුයි, මාව නිදහස් කරන්න එපා කියලා මේ රටේ සහ විදේශයන්ගෙන් සහ අපිත් සමඟ හිටිය අය කියලා තිබුණා.එවන් තත්ත්වයක් මත මා නිදහස් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු සියලුම රට වැසියන්ට ස්තූතිවන්ත වෙනවා.
මේ වෙලාවේ අපි මේ රටේ ජනතාවගෙන ඉල්ලා සිටින්නේ විවිධ පාර්ශ්ව ඇවිත් අපේ ගමන කඩාකප්පල් කරන්න ගැටුම් හදන්න හදයි.ඒ නිසා මේ රටේ තරුණයන්ගෙන් සහ මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටිනවා ඉවසීමෙන් හා බුද්ධිමත්ව ක්‍රියා කරන්න කියලා.‘‘
(ඡායාරූප - ලහිරු හර්ෂණ)
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දශක දෙකක මෙහෙවරට ලැබුණේ සිර දඬුවමයි
K Perera Thursday, 23 May 2019 06:53 PM
දැන්වත් පන්සලකට වෙලා දැහැමිව ඉන්න! රටේ ආරක්ෂාව ආණ්ඩුව පොලිසිය සහ ත්‍රිවිද හමුදාව බලාගනීවි. බොදුදහම මේරටේ සදහටම තිබෙනවා. ඒක නැතිකරන්නට කිසිවෙකුට බැහැ.
Chanak los angeles Thursday, 23 May 2019 08:19 PM
හිරේට ගියේ අධිකරණයට හා විනිසුරුට තර්ජන හා අපහාස කිරීම නිසාය. ඒ ගිහිල්ලත් හිටියේ බන්දනාගාර රෝහලේ.
BamunuarachchiFriday, 24 May 2019 07:55 AM
ඉතින් මොකක්ද ප්රශ්නය? අපේ හාමුදුවන්ට කළහැකිදේ හාමුදුරුවෝ කළා. අධිකරණය අධිකරණයේ බලතල අනුව වැඩකළා. ජනාධිපති ඔහුගේ බලතල අනුව වැඩකළා. මොකුත් කරගන්න බැරි අය තප්පුලනවා.
BamunuarachchiFriday, 24 May 2019 07:59 AM
පාදඩ සිංහලයින්ට වැදුණු පයින් පහර නියමයි.
Chanak los angelesFriday, 24 May 2019 04:45 PM
අපිට නම් පෙනෙන්නේ මේක සාටකළාට වැදුණු පා පහරක් වගෙයි...
Chanak los angeles Thursday, 23 May 2019 08:31 PM
යහපාල නීතිය නවලා නිදහස් කලේ ඡන්දය බලාගෙනයි.... ලැබෙයි ලැබෙයි ඇපයත් නැතිවෙන්නම ලැබෙයි ..
Lalith Perera Friday, 24 May 2019 12:16 AM
මේ ස්වාමින් වහෙන්සේට තිබෙන චෝදනා මේ වගේ හිර දඩුවමකට සුදුසුද? අපෙගේ ටැමිල් සහෝදරයන් කියන ආකාරයකට හයිබ්‍රිඩ් අධිකරණ මේ රටට අවශ්‍ය බව මගේ අදහස.
Vijitha Friday, 24 May 2019 12:58 AM
හාමුදුරුවනේ හිරේ විලංගුවේ වැටුනේ දශක දෙකක් කල් සේවයට නොවේ . මේ රටේ නීතියෙන් දඬුවම් කල හැකි වැරදි කල නිසයි . වැරදි කලොත් දඬුවම් ලැබිය යුතුයි නේද ?
Gihan Friday, 24 May 2019 01:04 AM
ජනාධිපතිතුමනි, ඔබට පිං. ඔබේ වැරදි අපමණ තිබුණත් හොඳ වැඩට අනිවාර්යෙන් ඒ ගෞරවය ලබා දිය යුතුයි.
maaraya Friday, 24 May 2019 01:05 AM
මේ වෙලාවේ නිදහස් කරන්නේ වෙන අරමුණු තියාගෙන. කල්පනාවෙන් සිටින්න. ලොකු දේකට අර අදින්න යන්නේ. ඉත්තෙක් නොවෙන්න. මැතිවරණය තියෙන තුරු සිටින්න
nishan Friday, 24 May 2019 01:30 AM
රටට හෙළි කලේ මොනවද? හෙළි කළා නෙවෙයි එලි කළා. ජාතින් ආගම් කෙටෙව්වා. අන්තවාදයට පාර කැපුවා. ඇතුලට දාපු නිසා පහුගිය කාලේ ඇතිවුණු ගිනි එහෙම නිවා ගන්න පුළුවන් උනා. දැන්නම් ඉතින් එහෙම ගිනි නිවන්න ලේසි වෙන එකක් නැති වෙයි.
BamunuarachchiFriday, 24 May 2019 08:03 AM
මේවගේ තවත් රටේ ඉන්නවාද?
jayasekaraFriday, 24 May 2019 09:15 AM
අනේ මේ වගේ අදහස්.. අන්තවාදයට පාර කැපුවා නෙමේ මිත්‍රයා.. අන්තවාදී ප්‍රහාරයක් ගැන කලින්ම දැනුම් දුන්නා. සිහියෙන්ද ඉන්නේ.. පාස්කු දින ප්‍රහාරය දවස් වල සිහි මුර්ජාවෙලාද හිටියේ?
sarath Friday, 24 May 2019 01:33 AM
දරුවෙක් මල්ලෙක් නැති, අනාගතයක් නැති, මැරෙනකල් රටකන්න විතරක් හිතාගෙන ඉන්න රටේ පාලකයින් පිස්සු වැඩ කරනකොට ඉතින් මොනවා කරන්නද?
නිසල් Friday, 24 May 2019 03:21 AM
හිරේ ගියේ අධිකරණයේදී විනිසුරුවරයාට බැනපු නිසානේ... රාජපක්ෂලා බලයේ නැහැ කියලා අමතක වෙලා ඒ කාලේ පුරුද්දට බැන්නනේ....
BamunuarachchiFriday, 24 May 2019 12:43 PM
හලෝ, රාජපක්ෂලා එන්න කලින් සිටයි මුන්වහන්සේ සිංහල බෞද්ධයා වෙනුවෙන් නැගී සිටියේ. සිංහල බෞද්ධයින් භාවිතා කරන ද්‍රව්‍ය වලට හලාල් ලේබලය ගැසීම පාදඩ සිංහලයින්ට ජාතිවාදය හෝ ආගම් වාදය නොවෙයි. ඊට විරුද්ධව සිංහල බෞද්ධ භික්ෂුවක් කතා කිරීම මේ පාදඩ සිංහලයින්ට ජාතිවාදය අැවිස්සීමක්. මොවුන් සිංහලයින් නොවෙයි සිංහල නම් වලින් පෙනීසිටින වෙනත් ජාතීන්...
KANDEPOLA Friday, 24 May 2019 04:15 AM
රටේ සියලු ප්රගතිශීලී ජනතාව ඒකරාශී කොට බොදු බල සේනාව ශක්තිමත් කල යුතුයි.
Chanak los angelesFriday, 24 May 2019 05:41 PM
මොන ඉස්කෝලෙටද ගියේ?
Bamunuarachchi Friday, 24 May 2019 04:21 AM
"දශක දෙකක මෙහෙවරට ලැබුණේ සිර දඬුවමයි" ඔය සිද්දිය අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පමණක් සිදුවූ අලුත් දෙයක් නොවෙයි. ඔබවහන්සේ දඬුවම වින්දේ මාස 8 වැනි සුළු කාලයකටය. ඔබ වහන්සේගේ වචනයට සවන් නොදීමේ වරදට අපි මුළු ජීවිත කාලයටම දඬුවම් විදින්නේය. ඔබවහ්සේගේ දඬුවම් කාලය අපලයක් ගෙවුණු කාලයක් හැටියටයි මම සලකන්නේ.
harimaga Friday, 24 May 2019 04:37 AM
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට... මේ රටේ අන්ධයෝ වගේ හිටපු බොහෝ දෙනෙක්ගේ ඇස් දැන් ඇරිලා. ඔබ වහන්සේලා බොරු ප්‍රශ්නයක් මවා පාන්න හදනවා කියපු අයට දැන් ප්‍රශ්නේ හොඳටම පෙනිලා තියෙන්නේ.
rasi Friday, 24 May 2019 05:54 AM
හිර දඬුවම ලැබුනේ 'අධිකරණයට අපහාස කිරීම' කියන චෝදනවාට මිසක් දශක දෙකක මෙහෙවරට නොවෙයි.
Asoka Friday, 24 May 2019 06:31 AM
දැනට ලංකා පොලෝතලයේ වැඩිම ප්‍රසාදයකට ලක්වෙලා තියෙන බික්ෂුව සහ එකම පුත්ගලයත් ඔබ වහන්සේ පමණි .
Rohana Friday, 24 May 2019 07:25 AM
තමන් කල හරි වැරැද්ද තෝරා ගන්න බැරිව මෙවැනි ප්‍රකාශ නිකුත් කරන්නේ අසන්නන් මෝඩයෝ කියල හිතාගෙනද?
BamunuarachchiFriday, 24 May 2019 08:20 AM
අසන්නන්ගේ බුද්ධිමත්කමේ තරම අප්‍රේල් 21 අපි දැක්කා. වැරැද්දයි ක්ෂමාවයි එකට බැඳී තිබෙන බව සමහරු දන්නේ නැහැ. එදා මුන්වහන්සේ කියුදේ අසුවා නම් සිංහලයා මෙතරම් පහතට වැටෙන්නේ නැත. සිංහලයාගේ ගොබ්බකමේ සීමාවක් නැත.
Chanak los angelaesFriday, 24 May 2019 05:37 PM
21 වෙනිදා දැකපු එකේ නිර්මාතෘලා සාටකලා කියලා හෙළිවෙමින් පවතින කරුණු වලින් බුද්ධිමතුන්ට නම් වැටහෙනවා ..
BamunuarachchiSaturday, 25 May 2019 05:21 AM
ෂාහ්...! ඒ නිර්මාතෘකමින් සිංහලයාට වෙන්න ගිය විශාල නස්පැත්තියක් එළිවුණා නේද? අනේ ඔහේ එදා පල්ලි නොගිය එක ගැන දෙවියන්ට වඩා මට කණගාටුයි.
Nihal Friday, 24 May 2019 07:28 AM
තෙරුවන් සරණයි හිමියනි ,ඔබ වහන්ස්සේට ඇහුන්කන් නොදීම වීපාක ඇස්පනාපිට.
Bamunuarachchi Friday, 24 May 2019 08:07 AM
අපේ හාමුදුරුවනේ... නැවතුණු තැනින් වැඩ පටන්ගමු. අපි ඔබවහන්සේ සමගයි.
Chanak los angelesFriday, 24 May 2019 04:48 PM
එහෙනම් රටේ ආරක්ෂක අංශ ඕන වෙන්නේ නැහැ...
BamunuarachchiSaturday, 25 May 2019 05:23 AM
පටන් ගත්තු බව පෙනෙනවා. හැරී බැලුවොත් අපි පිටුපස ඉන්න බව පෙනේවි...
Nihal Friday, 24 May 2019 12:45 PM
අපේ හිතවත් මුස්ලිම්වරුනුත් කියන්නේ ඔබ වහන්සේ පෙන්වා දුන් අන්තවාදයට ඇහුන්කන් දුන්නා නම් සෑම මුස්ලිම් වරයෙක් දෙසම සැකයෙන් නොබලන බවයි.
Bamunuarachchi Friday, 24 May 2019 12:45 PM
''හිර දඬුවම ලැබුනේ 'අධිකරණයට අපහාස කිරීම' කියන චෝදනාවට" එ්ක කරන්නත් පුළුවන් කීයෙන් කීදෙනාටද?
rocky Sunday, 26 May 2019 02:10 AM
බමුණුආරච්චි උන්නැහේ මේ කොළමේ ඉඩහසර නිකරුනේ නාස්තිකරනවා. අම්මපා මේ යකා සිංහල බෞද්ධ සන්නියෙන් ඔලුව අබිලික් ගහපු අයෙක්ද කියලා හිතෙනවා!!
BamunuarachchiSunday, 26 May 2019 05:31 PM
සිංහල බෞද්ධයින්ව දැනෙන්නේ ඔහොමයි. ලංකාවේ නම් ඉන්නේ වැඩ පටන්ගත් දිනක සොයාගෙන එන්නම්...
BamunuarachchiSunday, 26 May 2019 05:33 PM
සිංහල අපි කඩු සඟවාගෙන නැහැ. ඒ නිසා පරිස්සමින් කතා කරන්න.
Chanak los angeles Sunday, 26 May 2019 02:11 AM
මාස 8ම හොඳ සැපපිට බන්ධනාගාර රෝහලේ ගතකරගෙන නීතිය නවාගෙන එළියට ආපු මොහු හිතනවා ඇති මමත් නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් කියලා...