IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දරිද්‍රතාව තුරන් කරන්න කාර්ය සාධක බළකායක්

(රංජන් කස්තුරි)
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ.

 
විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී. දිවාරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම බළකායේ සාමාජිකයන් සංඛ්‍යාව 11 කි.
 
විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් වී. සිවඥානසෝති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය එච්. එම්. ඩබ්ලිව්ත ආරියරත්න හේරත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්.එස්. සිවකුමාර්, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍ය සංජීවනී හපුගොඩ, විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ගයාත්‍රි ගුණරුවන්, ඊ.ඩබ්. ක්‍රේසි සහ සමාගමේ විධායක නිලධාරී සංජීව ගුණවර්ධන සහ නේචර්ස් සීක්‍රට් ආයතනයේ අධිපති සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්වරු එම සාමාජිකයෝ වෙති.
 
සමෘද්ධි ලාභීන්ගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ග්‍රාමීය, වතු සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාව සෑහීමකට පත්වන අයුරින් ජල සැපයුම 150,000ක් ලබාදීම,  සුළු පරිමාණ ව්‍යාපාර සංවර්ධනය ආදී කාර්යයන් එම බළකාය පවරා තිබේ.
 
දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වන කාර්ය සාධක බළකාය වසරක කාලයකට පිහිටුවා ඇත.



අදහස් (11)

දරිද්‍රතාව තුරන් කරන්න කාර්ය සාධක බළකායක්

saliya Sunday, 26 January 2020 11:53 AM

වියත් මගේ විද්වතුන්, රටේ සියලු ප්‍රශ්න තේරුම්ගෙන, විසඳුම් අතේ තියාගෙන කතාකරන බවක් තමයි තේරුනේ. ආයේ මොනවාවත් හොයන්න දෙයක් නැහැ. දැන් ඕන ක්ෂණික විසඳුම්. දැනටමත් ප්‍රමාදයි. මෙන්න විසඳුම කිව්වා. අදම ක්‍රියාත්මක කළා. මේ බලකාය අවුරුද්දක් පොල්ගාවිද දන්නේ නැහැ.

:       0       54

siduSunday, 26 January 2020 11:15 PM

වියත්මගේ ඉන්නේ හොරු රැලක්....!!!

:       1       45

rathuvithana Sunday, 26 January 2020 03:37 PM

සුමේධ පෙරේරාගේ ගෙවල් කප්පම් නඩුව ඉවර ඇතිනේද..? ලැජ්ජයි. ඉතිරි අය ගැනත් ඕනද?

:       30       110

ruchiraSunday, 26 January 2020 04:52 PM

ඔව්, මේ පුද්ගලයා අපේ පැරණි වීරයෙකුගේ පැරණි ගෙයකට හොර ඔප්පු හදපු කතාවක් නේද..?

:       0       63

Mahee Sunday, 26 January 2020 03:45 PM

ඉතාම හොඳයි. ඔය එක්කම රජයේ වියදම්වල නාස්තිය අඩුකළා නම් ඒ වගේම හොරකම් කරන, ගසාකන මුදල නැති කළා නම් හත් ඉලව්වේ, ඒ සල්ලිත් දුප්පතුන්ටනේ.

:       6       47

Chathuri Sunday, 26 January 2020 10:49 PM

මොන. කමිටු පත් කෙරුවත් වැඩක් තියෙනවද . මුන් සේරම හොරුනේ , මොවුන්ට විශේෂ තොප්පියක් හදල දෙන්න සියලුම කමිටු නිලදාරින්ට ,එම. තොප්පියට කැමරාවක් සවිකරන්න ඒය පැලදීම අනිවාර්ය. කරන්න , අවශ්‍ය වෙලාවට කැමරාව අරන් බලන්න බඩුත් සමග හොරු අල්ලන්න පුළුවන් , ඒකටත් චන්දයක් තියන්න කියයි ,සේරම හොරු නිසා වැඩේට අකමැති වෙයි

:       0       34

කමල් Monday, 27 January 2020 04:04 AM

බලකායන් සීයයක් දැම්මත් වැඩක් වේවිද? රුපියල් 64ට වසර ගණනක් කාපු සුදු කැකුළු සහ රතු කැකුළු හරි හරියට දැන් අපූරුවට සියයට කනවා. කමක් නැහැ විශ්‍රාමික සගයින්ටත් අතට ගානක් එන්න ඕනෑනේ...

:       1       15

rana Monday, 27 January 2020 05:11 AM

ඇයි හත්වලාමේ 7000 වැඩි ප්‍රාදේශීය සභිකයින් ඉන්නේ? ඔවුන් පාරවල් බෝක්කු හදන එක විතරද? තමන්ගේ ප්‍රදේශයේ ජනතාව ගැන සොයා බලන්නේ නැද්ද? තවත් මොනවටද බලකා?

:       0       6

lalithm Monday, 27 January 2020 05:24 AM

අපි හිතුවේ ගෝඨා මහත්තයා ඇත්තටම ඇමෙරිකාවේ ඉඳලා ඇවිත් එහෙ ක්‍රම මෙහෙ දියත් කරලා රට කාර්යක්ෂම කරාවි කියලා. බලපුවාම අර හිටපු ග්‍රාම නිලධාරිතුමාට වඩා වෙනසක් නැහැ වගේ...

:       0       63

sudeshMonday, 27 January 2020 08:59 AM

එයා මොනවා කරන්නද... වහල් ගෝත්‍රික, අයනේ ඡන්දෙ දුන්නේ. දැන් ඉතින් ඒ අයට විඳවන්න කියමු.

:       0       33

Rata Perata Monday, 27 January 2020 07:16 AM

දැන් හොඳද ?

:       0       31

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 320 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 918 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2377 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2631 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 774 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 315 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site