(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා යටතේ විශේෂ විමර්ශන ඒකකයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මාතර මැද්දවත්තේ ඇපලෝ 05 ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය මෙම විශේෂ විමර්ශන ඒකකය ඉදිරි දින කිහිපය තුළදී විසුරුවා හැරීමට නියමිත බව දැන ගන්නට ඇත.
එහි සේවයට අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් අවට පොලිස් ස්ථාන වලට අනුයුක්ත කරනු ලැබුවහොත් රත්ගම බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන් කිරීමේ පරීක්ෂණ වලට බාධාවක් වන නිසා එම ඒකකය විසුරුවා හැරීම ප්‍රමාද කර තිබේ.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ප්‍රධාන රාජකාරිය පොලිස් පරිපාලනය සිදු කිරීම බවද විශේෂ විමර්ශන ඒකකයක් පවත්වාගෙන යාම කුමන හේතුවක් මත සිදු කළේද යන්න සොයා බලන බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
තවද විනය විරෝධී ක්‍රියාවක් මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා විසින් වැඩ තහනමට ලක් කරනු ලැබ ඇති අතර ඔවුන් සුලු කාලයක් තුළදී යළි සේවයේ පිහිටුවා එම ඒකකයටම අනුයුක්ත කිරීමට ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා කටයුතු කර තිබූ බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.
රත්ගම බූස්ස රත්න උදාගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු නිල නොවන ආකාරයට අත්අඩංගුවට ගෙන අතුරුදන් කළේ යැයි මෙම ඒකකයට චෝදනා එල්ල වී තිබේ. මේ වන විට එම ඒකකයේ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ඇත.
මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා
තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත
පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දකුණේ විශේෂ විමර්ශන ඒකකය ගැනත් විමර්ශනයක්
Mahee Monday, 18 February 2019 07:00 PM
රන්ජන් කියල තිබුන වගේ පුර්ණ විශ්වාසය තැබිය හැකි ඍජු පොලිස් ප්‍රධානීන් දෙදෙනෙකු ඒ කියන්නේ ලතීෆ් සහ ශානි අබේසේකර මහත්වරුන් අපේ පොලිසියේ සිටීම නිසා අපට යන්තම් හෝ සැනසුම් සුසුමක් හෙලන්න පුළුවන්.
සෙනෙවි Tuesday, 19 February 2019 02:36 AM
මෙවැනි රහස් ඒකක පවත්වා ගැනිම, විශේෂයෙන් මෙවැනි කලක ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන මරු පහරකි. මේවාට අනුබල නොදෙන පාලකයන් පත්කිරීමට ජනතාව කල්පනාකාරි විය යුතුය
Thilan Tuesday, 19 February 2019 04:32 AM
රත්ගම අතුරුදහන් වුවන් දෙදෙනා අහිංසකයන්ද යන වග දැනගැනීමට අපි කැමැත්තෙන් සිටිමු.
sarath perth Tuesday, 19 February 2019 07:31 AM
මෙතන මොකක්හරි ලොකු කුමන්ත්‍රණයක් තියනවා. කුඩු වලට පුරුදුවුණ දේශපාලකයන් සම්බන්දයක් ඇති.
saliya Wednesday, 20 February 2019 10:39 AM
මේවැනි ඒකක තබාගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන කකුලුවට නිදහස කියන හැලිය රත්වන්න නොදී බොහොම කාලයක් තියාගන්න. පටු ආකල්ප තියන වැඩිය බුද්දිමත් නැතී කට්ටිය හිතන්නේ ලෝකේ හැමතැනම ප්‍රජාතන්ත්‍රවාදය 100% ක්ම ස්ථාපිතයි කියල.
athula Friday, 22 February 2019 05:42 PM
මේක මහා පුදුම පාලන රටාවක් තියෙන රටක්. නිරායුද ජනතාවට බදු බර පමණක් නොව මැරයන්ගේ, මංකොල්ලකාරයන්ගේ රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කුඩුකාරයන්ගේ , දේශපාලකයන්ගේ මගමරුවන්ගේ, සහ ඩෙංගු මදුරුවන්ගේ බේරිලා ඉන්න බැරි අතිශය ව්‍යාකුල බවක් අද ගොඩ නැගී තිබෙනවා. මෙරට කොහෙටද ගමන් කරමින් ඉන්න එක එකට ඕන විදිහට මිනී මරනවා ඒවා සාධාරනය කරනවා. අහිංසකයින්ට කාගේ පිහිටක්ද ? මෙම ක්‍රමයම වෙනස් කලයුතුමයි...