(බිඟුන් මේනක ගමගේ )
තොරතුරු දැනගැනීමේ කොමිසමට ලැබුණු අභියාචනාවලින් 87% කට අදාළ තොරතුරු නිකුත් කරන්නැයි එම කොමිසම නියෝග කර ඇති බව අධ්‍යයනයකින් හෙළිව තිබේ.
තාක්ෂණය, මාධ්‍යය සහ විකාශන සන්නිවේදනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ඉන්දියානු නීතිවේදිනියක වන අශ්විනි නඩේෂන් වීරබාහු විසින් කරන ලද අධ්‍යයනයකින් මේ බව හෙළිව ඇත.
නීතිවේදීනී අශ්විනි නඩේෂන් වීරබාහු මහත්මිය 2017 සිට 2019 දක්වා කාලයේ තොරතුරු කොමිසමට ඉදිරිපත් කළ අභියාචනා අධ්‍යයනය කිරීමෙන් මෙම අනාවරණය කර තිබේ.
එම අධ්‍යයනයට අනුව මධ්‍යම රජයේ පොදු අධිකාරින්ට එරෙහිව 783ක් ද පළාත් මට්ටමෙන් 259ක් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් 142ක් ද අභියාචනා ඉදිරිපත් වී ඇත.
තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව විවිධ අයදුම්කරුවන් තොරතුරු ලබාගැනීමට යාමේදී මුහුණ පාන දුෂ්කරතා සහ ගැටලු සම්බන්ධයෙන් තොරතුරු කොමිසන් සභාව වෙත 2017-2019 කාලය තුළ වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ ආයතනික විනිවිදභාවයට අදාළව අයදුම් කළ තොරතුරු විෂයෙහි බවත් එම අභියාචනා සංඛ්‍යාව 571ක් බවත් එම අධ්‍යයන වාර්තාවේ සඳහන්ව ඇත.
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව
සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම
පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි
එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
තොරතුරු අභියාචනවලින් සියයට 87කට කොමිසමෙන් ඉඩ