IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඥානසාර හිමියන්ගේ සමාව බල රහිත කරන්නැයි ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩවන බව සඳහන් කරමින් හා ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ  බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති, අධිකරණ අමාත්‍ය, ජනාධිපති ලේකම්, හිටපු පොලිස්පති, වැඩබලන පොලිස්පති, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සම්බන්ධයෙන් වරදකරු කළ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 19 ක සිර දඬවමක් නියම කර එය වසර 6කින් ගෙවී යන ලෙස සිරදඬුවම් නියම විණි.එලෙස සිර දඬුවම් ගත කරමින් සිටියදී ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමද ඉකුත්දා සිදුවිණි.

එලෙස ඒ හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනිවේ.

එබැවින් ජනාධිපතිවරයාගේ මෙම තීරණය මඟින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසද , අදාළ සියලු නිල ලේඛන අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් පවත්වන ලෙසද ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (30)

ඥානසාර හිමියන්ගේ සමාව බල රහිත කරන්නැයි ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩගෙන් පෙත්සමක්

Bamunuarachchi Monday, 24 June 2019 12:59 PM

මෙන්න මේ උන්දැවයි එදා පල්ලි යවන්න තිබුණේ...

:       2250       2712

Thushara Monday, 24 June 2019 01:27 PM

ඔහේගේ මහත්තය මැරුවේ ඥානසාර හිමියන් නොවන බව මතක් කරමි. අනෙක දැන් වයස හරි පිනක් දහමක් කරගෙන ඉන්න.. යන තැනකට මූලික අයිතිවාසිකම් අරන් යන්නේ නැහැ. ඔය විදියට මූලික අයිතිවාසිකම් කඩ වෙනවා නම් මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ ඕන තරම් මූලික අයිතිවාසිකම් කැඩිලා තියෙනවා. NGO සල්ලි ලැබෙන නිසා ඔබ උඩ පනින බව වැටහෙනවා.

:       340       1252

සේන Monday, 24 June 2019 02:07 PM

කොටින්ට සහ ජාත්‍යන්තරයට රට පාවාදුන්නු එක්නැලිගොඩගේ මෙන්න මේ ගෑනිව අල්ලලා හිරේ දැම්මානම් හරි...

:       449       1195

KumarasiriTuesday, 25 June 2019 04:32 AM

ඔබගේ පියාට හෝ සහෝදරයෙකුට ඔය ඉරණම අත්වූයේ නම් ? මෙතුමිය තම සහකරුවා වෙනුවෙන් කරන සටන අගය කල යුතුයි.

:       1       13

Banda - KandyWednesday, 26 June 2019 01:05 PM

හාමුදුරුවෝ කරපු වරද මොකක්ද ? හාමුදුරුවෝ මේ අතුරුදහන් වීමට සම්බන්දයක් නෙහෙ නේද මහත්තයෝ ? අනික සංවිදාන කිහිපයකින් මෙයා නඩත්තු වියදම් අරගන්නවා

:       0       1

Lotus Monday, 24 June 2019 02:08 PM

අනේ සංසාරේ... සන්ධ්‍යා දැන් ඔබගේ සැඳෑසමය නේද පිනක් දහමක් කරගන්න... හාමුදුරුවන් වහන්සේගෙන් පලිගැනීම නවත්වා. තව තව නිරයේ දොරටුව විවර නොකරගෙන සුගතියට යෑම සඳහා ඔබේ කාලය කැප කරන්න...

:       228       734

Chinthaka Monday, 24 June 2019 02:11 PM

පේනවනේ මෙයාට තියෙන අමාරුව.... මෙයාගේ මහත්තයට මොනතරම් අමාරුවක් තියෙන්න ඇතිද? ඕනේ නැති මගුල්වලට මහන්සි නොවී තමන්ගේ පාඩුවේ ඉන්න බැහැනේ...

:       159       836

shan Monday, 24 June 2019 02:33 PM

මේ කාන්තාවට මොලේ අමාරුවක්ද කොහේද? මේ තරම් කෑගහන්නේ සැමියා කොහේහරි රටක හැංගිලා ඉන්නවා.. එ්ක වහගන්න තමයි මේ දඟලන්නේ... එහෙ ඉඳගෙන මේ රට පටලවන්නේ...

:       235       635

Rasika Monday, 24 June 2019 02:46 PM

පුදුම වෛරයක් තියෙන්නේ... එහෙම නැත්නම් හොයලා බලන්න ඕනේ මෙයාටත් අර අරාබියෙන් වගේ වෙනත් රටකින් සල්ලි එනවද කියලා මේවා කරනවට... උසාවියට අපහාස කරපු එකට මෙයාට තියෙන අමාරුව නීතිපතිටත් නැහැ. උසාවියට අපහාස කරපු ඇමැතිවරු වගේම, උසාවි වලට ගල්ගහපු, උසාවි ගිනිතියපු අයත් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවා.

:       159       735

Chanak los angeles Monday, 24 June 2019 02:48 PM

ඇය ඉල්ලන්නේ ශිෂ්ට ලෙස නීතියේ පිළිසරණයි. එහෙම නැතිව ඇය කරන්නේ බොන්න වතුර ඉල්ලනකොට එදා වෙඩි තැබුවා වගේ අශිෂ්ට දෙයක් නොවෙයි.

:       2405       1386

BamunuarachchiMonday, 24 June 2019 04:24 PM

එක වල්ලේ පොල්... මේ උන්දෑ මගෙන් වතුර ඉල්ලුවා නම් මම දෙන්නේ වස... මේ ගොල්ලෝ දෙමළ ත්‍රස්තයින්ගේ මුදලින් ජීවත් වුණු අය.

:       271       708

Chanak los angelesWednesday, 26 June 2019 02:34 AM

ඔයාට පොල්වගේ පෙනුනට නීතිය ඉදිරියේ වැටී වැටී සාධාරණය පෙනෙන තෙක් සටන්කරන අපේ කාලයේ දිරිය ගැහැනියක් ලෙසටයි ශිෂ්ට සමාජය ඇයව දකින්නේ ඇයට ජය නියතයි ..

:       0       1

jagath Monday, 24 June 2019 04:02 PM

ඇයට අයගේ සැමියා දරුවාට පියා නැතිවීමේ වෙච්ච පාඩුව මිලකළ හැකිද? ඒ ගැන කවුද කතා කරන්නේ? ජීවත්වීමේ ආර්ථික දුෂ්කරතා මොනවාද? පාළුව කාන්සිය.. එහෙම හිතෙන්න ඔයාලටත් එහෙම වෙන්න ඕනෑ.. අසරණයා හැමදා දුකේ.. යහ පාලනය බලයට ආවේ මොනවා කියලද? සංසාරේ භවේ දුකා... වැරදි කරුවන්ට පටිසන් දේවි එතෙක් ඉවසමු...

:       1125       594

මුණසිංහTuesday, 25 June 2019 12:42 AM

ඔබ කියන කරුණු ගැන සොයා බලන්න ඕනේ.

:       0       0

නිමල් Monday, 24 June 2019 04:06 PM

යමෙක් අධිකරණයේ පිහිට පැතීම වරදක්ද? මේ අය කියන්නේ ඇයට අධිකරණයේ පිහිට නොපතා කුමක් කරන්නද? හරිද වැරදිද කියන එක අධිකරණය තීරණය කරාවි. නීතියේ පිහිට පතන එක වරදක් කියලා කිසිවෙක් කියනවා නම්... ඔබ බුද්ධිමත්ද? ඔබ කැමතිදේම අන් අය කළයුතුයි කියා ඔබ සිතනවාද?

:       1158       551

MaheeMonday, 24 June 2019 10:02 PM

නිමල්, ඔන්න ඔය යතාර්ථය තේරුම් ගන්න මෙතන අදහස් දාලා තියෙන වැඩි දෙනෙකුට බැරි බව පේනවා. ඔවුන් මේ කාන්තාවට විරුද්ධව නඩුත් අහලා මරණ දඬුවමත් දීලා ඉවරයි. දරුණු මිනිමරුවෙකුට වුනත් අධිකරණයේ පිහිට පැතීමට අයිතියක් දී තිබෙන්නේ සියල්ලටම වඩා යුක්තිය වටිනා නිසයි. නීතියේ ආධිපත්‍යය ගැන යුක්තිය ගැන කටමැත දොඩවන මෙවැනි බොහෝ අය තමන් අකමැති පුද්ගලයන්ට ඒ කියන යුක්තිය ඉටුවෙනවාට විරුද්ධයි. පුදුම මිනිස්සු ටිකක්.

:       0       0

thesesaa Monday, 24 June 2019 04:08 PM

තනිවෙච්ච අම්මාටයි, පුතාටයි වෙච්ච පාඩුව කාටත් නොපෙනේ...

:       932       455

Sugath PremalalTuesday, 25 June 2019 04:37 AM

තෙසේසා. යම් කිසි දෙයක් ප්‍රකාස කරන්න කලින් හොදින් අධ්‍යනය කර වගකීමෙන් කියන්න.

:       69       0

janith Monday, 24 June 2019 04:18 PM

විසකුරු සර්පයින් වගේ හැසිරෙන්න එපා. තනිවුනු කාන්තාවකට ඔහොම කියන්න එපා...

:       1262       519

ඈපා Monday, 24 June 2019 05:41 PM

මෙයා විතරද දැන් ලෝකෙන්ම තනි වෙලා ඉන්න එකම කාන්තාව?

:       33       108

BamunuarachchiTuesday, 25 June 2019 12:28 AM

එසේනම් ඇය ජනතාවගේ අනුකම්පාව දිනා ගන්න ආකාරයට කටයුතු කලයුතුයි. රට ආගම වෙනුවෙන් පෙනී සිටින භික්ෂුවකට විරුද්ද වීමෙන් ඇය වෛරක්කාරයෝ ඇතිකර ගන්නවා.

:       0       15

Nihal Monday, 24 June 2019 07:43 PM

අධිකරනෙට අපහස කලා කියලනේ හාමුදුරුවෝ අවුරුදු 6 ට හිරේ දැම්මේ, අධිකරණෙට අපහස කළ ඔය ඕනේ තරම් නිදැල්ලේ ඉන්නේ

:       0       0

Kamal Tuesday, 25 June 2019 12:18 AM

පේනවනෙ සිංහල බෞද්ධ අදහස්

:       0       0

Range_Oya_Enawada? Tuesday, 25 June 2019 12:50 AM

සෑහෙන වහල්ලු ප්‍රමානයක් තවම ලිඳ ඇතුලේ. තමන්ගේ ස්වාමියාට, පියාට හෝ සහෝදරයෙකුට මේ දේ වුනානම් ඔහොම ලියයිද ?

:       0       23

BamunuarachchiWednesday, 26 June 2019 02:02 AM

ඒකට මේ හාමුදුරුවෝ පලිද? අපේ ප්‍රශ්නය මැය හාමුදුරුවන්ට විරුද්දව කතා කිරීමයි.

:       0       0

මෙලන්ත Tuesday, 25 June 2019 01:42 AM

ලංකාවේ පුරවැසි වැඩි දෙනා, බමුණුආරච්චි හෝ ඊට සමාන මෙහි වැඩිවශයෙන් පළවුණු අදහස් දරන අය නම්, ලංකාවට මේ අත්ව ඇති විනාශය ගැන පුදුම විය යුතු නෑ. ඉතාම අශිෂ්ටසම්පන්නයි. ලංකාව සමාජීයව ශිෂ්ටසම්පන්න වූ දවසක, මේ අදහස් ඇති මිනිස්සුන් වඳවී යාවි. නැත්නම් ලංකාව රටක් ලෙස අගාධයට යාවි. සියල්ල මැදහත්ව සිතන්නට පුරුදු වන්න! මගේ ප්‍රාර්ථනය එයයි.

:       1       41

Bandara Tuesday, 25 June 2019 02:13 AM

ඔච්චර වෛර කරන්න තරම් දෙයක් කරලා තියෙනවද?

:       0       0

saliya Tuesday, 25 June 2019 04:43 AM

වසර 30 ක යුද්ධයකට මැදි වු නු අහිංසක සිවිල් කට්ටිය සියගණනක් ඉන්නවා අනුරාධපුර උඩමළුව ,ගෝනගල , කැබිතිගොල්ලාව, කොළඹ කොටුව , පිළියන්දල, මොරටුව වගේ තැන්වල. ඒ ගොල්ලන්ට තමන්ගේ මනුස්සයා විතරක් නෙවි ළමයා, අම්මා, තාත්තා , නෑදෑයෝ , අසල්වාසියෝ වගේ ඔක්කොම. ඒ අහිංසකයෝ හැමදාම තමන්ගේ දුක උහුලන් ඉන්නවා. ඒගොල්ලන්ට නැතිද තනිකම, ඔව්න් ගරු අධිකරණයට නොයායුතුද?

:       106       66

sumudu Tuesday, 25 June 2019 10:08 AM

මේ රටේ යුද්දය නිසා මැරුණ රණවිරුවන්ගේ අසරණ වුන කාන්තාවන් කොපමණ සිටිනවද. එතකොට එයාල දැන් කාගේ නීතියද පතන්න ඕනි.

:       101       2

game pora Wednesday, 26 June 2019 11:09 PM

ශරීයා නීතිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 602 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 372 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1142 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 65 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 17 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2370 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site