(බිඟුන් මේනක ගමගේ)
පශ්චාත් මැතිවරණ සමයේදී සතියක් ඇතුළත සිදුවීම් 45 ක් වාර්තා වී ඇතැයි ද එයින් වැඩිපුරම ගැටුම් හටගෙන ඇත්තේ ජයග්‍රහණය සැමරීම සඳහා සංවිධානය කළ සැමරුම් පෙළපාළිවලදී යැයි ද මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
ජයග්‍රහණය සැමරීම සඳහා සංවිධානය කෙරෙන පෙළපාළිවලදී ඇතැම් ආධාරකරුවන් සංවිධායකයන්ගේ පාලනයෙන් ද මැතිවරණ නීති රාමුවෙන් ද බැහැර වී කටයුතු කිරීමෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.
එම සිදුවීම්වලින් 35 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට ද සිදුවීම් 4 ක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ආධාරකරුවන්ට ද එරෙහිව වාර්තා වී ඇත.
ශ්‍රී ලංකා පොලිසිය යහපත් මැතිවරණ සංස්කෘතියක් වෙනුවෙන් පූර්ව මැතිවරණ සමයේ ක්‍රියාකාරීව මැදිහත් වූ නමුත් පශ්චාත් මැතිවරණ සමයේදී එවැනි උත්සාහ නොගන්නා අවස්ථා වාර්තා වී ඇතැයි ද මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව බස්නාහිර පළාතේ බණ්ඩාරගම, අගලවත්ත, මතුගම, මීගමුව, කටාන, දිවුලපිටිය යන මැතිවරණ කොට්ඨාසවලින් ද වයඹ පළාතේ වාරියපොළ, කුලියාපිටිය, නිකවැරටිය, බිංගිරිය, වෙන්නප්පුව, පුත්තලම යන මැතිවරණ කොට්ඨාසවලින් ද උතුරු පළාතේ සෙට්ටිකුලම හා උතුරුමැද පළාතේ මැදිරිගිරිය යන මැතිවරණ කොට්ඨාසවලින් ද සිදුවීම් වාර්තා වී ඇත.
ඌව පළාතේ වැල්ලවාය, බණ්ඩාරවෙල, වැලිමඩ, මහියංගනය මැතිවරණ කොට්ඨාසවලින් ද මධ්‍යම පළාතේ රත්තොට, දඹුල්ල, තෙල්දෙණිය මැතිවරණ කොට්ඨාසවලින් ද සබරගමුව පළාතේ ගලිගමුව, යටියන්තොට, හා අරණායක මැතිවරණ කොට්ඨාසවලින් ද වාර්තා වී ඇත.
මෙම ජනාධිපතිවරණයට සාපේක්ෂව 2015 ජනාධිපතිවරණයේදී මෙම කාලයේදී සිදුවීම් 51 ක් වාර්තා වී යැයි ද ඊට බරපතල සිද්ධි 32 ක් හා සුළු සිද්ධි 19 ක් ඇතුළත් වී යැයි ද මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජයග්‍රහණ සැමරුම්වලදී ගැටුම්වලට වැඩි බරක්