(මනෝජ් හර්ෂික)
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා ශ්‍රී ලංකාව හා ජපානය අතර අවබෝධතා ගිවිසුමක් හෙට (19) අත්සන් කිරිමට නියමිතය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ජපානය වෙනුවෙන් එරට අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන අමාත්‍යවරු ජපානයේ දී මෙම ගිවිසුමට අත්සන් තබති.
ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර එම කාලය තුළදී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින්ට හිමි වේ.
සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් , තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධීවර හා ජලජීවි වගාව, ආහාරපාන නිෂ්පාදනය සහ ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්රවල රැකියාවල නිරතවීම සඳහා ගිවිසුම අනුව ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන්ට අවස්ථාව සැලසේ.
මෙම රැකියා අවස්ථා ලොව රටවල් 9කට ලබාදෙන අතර ඉන් 7 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත. ඉදිරියේ දී ජපානයේ වෘත්තීය විශේෂඥයින් මෙරටට පැමිණ අවශ්‍ය තාක්ෂණික දැනුම ලාංකිකයින්ට ලබාදීමට ද නියමිතය.
ජපානයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින්ට හිමිවීමත් සමඟම ජපන් රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් මුදල් රැස්කිරීමේ අවදානමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින් එවැනි ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙස කාර්යාංශය දැනුම් දෙයි.
මෙම රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන මුළුමනින්ම ජපානය හා ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම අනුව ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් මහජනතාවට දන්වා සිටී.
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජපානය - ශ්‍රී ලංකාව විදේශ රැකියා ගිවිසුමක
Madushika harshani Tuesday, 18 June 2019 03:22 PM
ඇත්තට අපි වගේ දුප්පත් අයට මේ වගේ රටකට ගිහින් සතුටින් ඉන්න අවස්ථාවක්
Lasantha Indralal Tuesday, 18 June 2019 04:04 PM
මෙය ඉතා හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ දක්ෂතා පෙන්වීමට
chandana Tuesday, 18 June 2019 04:50 PM
ආණ්ඩුවේ වැඩ කතා නොකරමු. කෙසේ වෙතත් මේක හොඳ වැඩක්.
nandana Tuesday, 18 June 2019 09:53 PM
අපේ තරුණ තරුණියන්ට හොඳ රැකියා ලබා ගන්නට අවස්ථාවක්. අවාසනාව නම්, අද රටේ බහුතරයකට හොඳ රැකියාවක් සොයා ගන්නට නම්, පිට රටකට යන්නටම සිදු වීමයි.
Hm rajitha Tuesday, 18 June 2019 10:37 PM
ගොඩක් සතුටුයි අපිට ඒ වගේ අවස්ථාවක් ලැබුනට.
chandima Wednesday, 19 June 2019 01:37 AM
දැම්මම ජපන් යැව්වේ නැති උනත් ඡන්දෙට ඉස්සරවෙලා ලැයිස්තු හදල ;අරුණ අය කරකවගන්න හොඳ චාන්ස් එකක්. රට යවන්නේ ඡන්දෙන් පස්සේ දිනුවොත්.
D A nalinda Wednesday, 19 June 2019 01:37 PM
ඒක නම් හොඳයි..
Don Buwanaka Erathnasiri Wednesday, 19 June 2019 01:38 PM
ජපානයේ තරුණ සේවකයන්ගේ අඩුවක් නිසා ලැබෙන අවස්ථාවකි. මූලිකවම තරුණ ජනගහනය අඩු වීමේ හේතුව.. මෙය රජය නිසා ලැබුණු දෙයක් නොවේ. ජපානය හොඳ මිනිසුන් සිටින රටක්.. එම නිසා රැකියාවට තිබෙන දැනුම වගේම රටේ හොඳ නම රැකගැනීමට හැකි හොඳ මිනිසුන් එහි යැවිය යුතුයි. මෙම රැකියා අවස්ථා බොහෝ කලක් තිබෙනු ඇත. එම නිසා මේ පිළිබඳව නිසි අවධානය යොමු කළ යුතුයි. හොඳ අධ්‍යාපන මට්ටමකින් යුුතු අය යැවිය යුතුයි.
චාමර මනෝජ් පීරිස් Saturday, 22 June 2019 01:38 AM
ඇත්තටම හොද අවස්ථාවක් දියුණු වීමට, ඉදිරි ලෝකය ජය ගැනීමට..
Mohamed farhath fawaz Saturday, 22 June 2019 06:32 PM
මට අවශ්‍යයි ජපානයට යන්න්.. මම ජපානයට කැමතියි
Jk subashani lakmali Monday, 05 August 2019 12:33 PM
මං කැමති ජපානය යන්න .හොඳ අවස්ථාවක් අපිට .
Jk subashani lakmali Monday, 05 August 2019 12:33 PM
මං කැමති ජපානය යන්න. හොඳ අවස්ථාවක් අපිට...
Jk subashani lakmali Monday, 05 August 2019 12:35 PM
ගොඩක් හොඳ අවස්ථාවක්. මම කැමතියි ජපන් යන්න.