IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ජනාධිපතිවරණයේදී ගෞරවණීය තීන්දුවකට එළැඹෙනවා

(අජන්ත කුමාර අගලකඩ)

ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් නොවන සහ කිසිවෙකු අසීරු තාවකට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ මූලස්ථානයේ අද (19) පැවැති හමුවකදී ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී තුන් කොන් සටනකට නොයන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තරගය එන්නේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් අතර පමණක් බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරියන් සමඟ පක්ෂ මූලස්ථානයේ අද පැවැති හමුවකට සහභාගි වෙමිනි.

ඉදිරියේදී පළාත් සභා මැතිවරණය , ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වශයෙන්  මැතිවරණ තුනක් ඒමට නියමිතව ඇති බව පැවැසූ ජනාධිපතිවරයා ඒ කිසිවකදී පාක්ෂිකයා අතරමං නොකරන බවද කීවේය.

ප්‍රධාන කණ්ඩායම් දෙකේම අභ්‍යන්තර ගැටළු පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තනතුරු වලින් ඉවත් වූ මුස්ලිම් ඇමැතිවරුන් කිහිපදෙනෙකු නැවත තනතුරු බාරගෙන ඇති බව කී ජනාධිපතිවරයා ඔවුන් තනතුරු බාරගත් බව එම පක්ෂ වල අයවත් නොදන්නා බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානයේ මූලිකත්වයෙන් පැවැති මෙම සමුළුවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාවක් ද සම්මත කරගෙන ඇත.



අදහස් (26)

ජනාධිපතිවරණයේදී ගෞරවණීය තීන්දුවකට එළැඹෙනවා

ශ්‍රී Wednesday, 19 June 2019 04:57 PM

මේ කියන්නේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් අතර තරගයක් තියෙනවා කියලා මෙවර මේ අදහස වෙනස් කරන්නට සූදානම් වෙමු

:       2       152

රවින් Wednesday, 19 June 2019 05:05 PM

ගෞරවණීය තීන්දුවල ප්‍රතිඵල අපි නම් දැනටමත් විඳිනවා..

:       0       0

Nihal Wednesday, 19 June 2019 05:33 PM

අපිට මතකයි කිව්වා 2015 ජනවාරියේ නැවත ජනාධිපති තරගයට නොඉල්ලනවා. එය විශිෂ්ඨ ලෙස ඉටු කරනවා කියලා... අපිට සති 2න් අමතක වෙනවා කිව්වේ පරීක්ෂණ කරලා නොවේනේ... අවුරුදු 79ක මතකයක් ලාංකිකයින්ට පිහිටලා තියෙනවා...

:       0       0

Sarasi Wednesday, 19 June 2019 06:09 PM

ජය වේවා ඔබතුමාට

:       41       1

Mahee Wednesday, 19 June 2019 08:10 PM

අපට නම් ඔය දෙගොල්ලම වහ කදුරු. තව ඔතෙන්ට එන්න හිතන ජරා ජීර්ණ වෙච්ච නිකම් පුරසාරම් දොඩවන උදවිය ගැනත් එහෙමයි අපි හිතන්නේ. ඉතින් මොකක්ද විසඳුම? අපි තුන් වැන්නෙක් ගැන ලොකු බලාපොරොත්තුවක් තියා ගෙනයි ඉන්නේ. ඒ නාගානන්ද කොඩිතුවක්කු!

:       456       256

AsankaThursday, 20 June 2019 10:29 AM

කීවට තරහ වෙන්න එපා, නාගහනන්ද මහතාව තනියම රට කරවන්න බැහැ ඊට සුදුසු පිරිසකුත් ඉන්න ඕන. අනික ඔහු තවමත් රටේ සියලුම ජනතාව අතරට ගිහින් නැහැ , 51% ක ජන්ද ප්‍රතිශතයක් ලබාගන්න බැහැ මේ තත්වය මත . ඔබ දන්නවනේ මේ රටේ සුළු ජාතින් ඡන්දේ දෙන්නේ ඔවුන්ගේ ජාතිකයන්ට විතරයි, මෙයින් වෙන්නේ සිංහල ඡන්ද දෙකට නෙමේ 3 , 4 ටම බෙදෙන එක, එමගින් නැවත පත්වන කාට වුනත් අන්තවාදීන්ගේ උදව් නැතුව බහුතරය හදාගන්න බැහැ රට තව තවත් අඝාදයට යනවා බොරුනම් බලන්න 2020න් පස්සේ. රටට් ආදරේනම් මේ වෙලේ කවුරු හෝ රටේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනීසිටින සහ ත්‍රස්තවාදයට මුණ දියහැකි නායකයෙකුට ඡන්දෙ දෙන්න (ඔහුට හොර මැර චෝදනා තිබ්බත් මෙවෙලේ කරන්න දෙයක් නැහැ, තව වසර 5කින් අලුත්ම පිරිසුදු නායකයෙක් පත්කරගමු).

:       0       0

Daham Wednesday, 19 June 2019 08:13 PM

මේ කියන කිසිවක් කරන් නැහැ .

:       0       158

සමන්ත Wednesday, 19 June 2019 08:54 PM

මෙයා මොන තත්වයක් තුළවත් කිසිම වැදගත් කමක් සහිත පුද්ගලයෙක් හෝ පක්ෂයක ඉන්න කෙනෙක් නෙමේ. එ.ජා.ප. ය අරන් දුන්න බලය ගෙන ඒකටම ගහන්න හදන , අද කියන දේ හෙට වෙනකොට වෙනස් වෙන ,සත පහකට විශ්වාස කරන්න බැරි, වැඩකට නැති පුද්ගලයෙක් පමණයි. ඒ නිසා මේ වගේ විහිලු කතා කවුරුත් ගණන් ගත යුතු නැහැ. ශ්‍රී.ල.නි.ප ය කියන්නේ මෙයා නිසාම අද වෙනකොට නැති වුනු පක්ෂයක්.

:       0       370

de silva Wednesday, 19 June 2019 11:10 PM

ඔබ කලබල වෙන්න එපා අපි අපේ තීන්දුව කලින්ම අරන් තිබෙන්නේ. මෙදාපාර අපි ජනාධිපතිවරනේදී මනාපේ ගහන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ 3-4 ටම නැති ,රටට ජාතියට ආදරය කරන අපිට කලින් බොරු පොරොන්දු නොදුන් උගත් බුධිමත් ස්වාධින අපේක්ෂකයෙකුට ,සති දෙකකට වරක් පිටරට යන , ආරක්ෂක ඇමතිකම හරි හැටි කරන්න බැරි , ජනාධිපතිවරනෙට කලින් දීපු පොරොන්දු වලින් 20% වත් ඉටු නොකරපු පුද්ගලයන්ට කොහොමත් මනාපේ දෙන්නේ නැත , පක්ෂ පාට බලල ඡන්දෙ දුන්නට වැඩක් නැත, ඡන්දෙන් පස්සෙන් මොවුන් කටුස්සෝ වගේ පාට මාරු කරමින්, ගෙම්බෝ වගේ අනික් පැත්තට පනිති.

:       1       170

damayanthi weerasingha Wednesday, 19 June 2019 11:25 PM

ගෞරවනීය වෙනස් කම් 2015 පසුව හොදට දැක්කා. අන්තිමට දැක්ක නාටකය කාට කාටත් මතක ඇති නාමල් කුමාර නාටකය මේක තමයි හොදම නම්බුනාම සහිත වෙනස් කම. තව මොනවද වෙනස් කම්. කරුණාකරලා අයෙත් නම් එන්න නම් එපා .මොකද මේ වෙනස් කම තාම මිනිස්සුන්ට මතකයි. මේ වසරේම නේද ඔය ජනාධිපතිකමට මැතිවරණෙ.

:       1       103

Nandalal DE SILVA - France Wednesday, 19 June 2019 11:52 PM

[ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් නොවන සහ කිසිවෙකු අසීරු තාවකට පත් නොවන ......] දෙයක් කරන්න තමුන් බලාපොරොත්තු වෙනවානම්, ඒක මුළු රටටම කරන සේවයක් වෙනවා !!!!! ඊට පිළියම වශයෙන් අනුන්ට දොස් පවරන්නේ නැතිව, වැඩ පුළුවන් අයට ඉඩදී, මේ ඉතිරි මාස කිහිපය තුළ ඕන තුත්තුකුඩියක ඕන තරම් රොත්ත බුරුත්තක් පිරිවරාගෙන රවුම් ගහල එන්න. ඔහේගේ වැදිබණ අහලා දැන් ඒවා රටටම එපාවෙලයි තියෙන්නේ. ඔහේ කරපු කියපු හොඳ නරකට මහජනතාව ඡන්ද පත්‍රිකාවෙන් පිළිතුරු දෙනවා ඇත ! දැන්ම හිටන්ම ඇපේ බේරාගන්නද මේ දේශනාව ?????

:       0       152

sisira Thursday, 20 June 2019 12:18 AM

ඔය කියන කණ්ඩායම් දෙකම කලේ අවුරුදු 70 තිස්සේ මේ රට නිදහසේ මංකොල්ලකාල තම පවුල්වල අයට ජනතාවගේ සල්ලි බෙදල දීලා මේ රට කාබාසිනියා කරපු එක විතරයි.

:       0       535

Nimal Thursday, 20 June 2019 12:27 AM

මෙයා ජීවත්වෙන්නේ අතීතයේ, රටේ ජනතාව මේ කාලේදී හුගක් වෙනස්වෙලා කියලා දන්නේ නැහැ. ඒවා දැනගන්න මෙයා මෙරටේ නැහැනේ. මේ තුන්ගොල්ලන්ටම අකුලාගෙන යන්න වෙනෙවා කියල කවුරු හරි කියනවද කරුණාකරලා.

:       0       226

රමල් Thursday, 20 June 2019 01:27 AM

ගෞරවණී තත්වය පහ වෙලා හුගක් කල්. එන ආත්මෙදිවත් බලමු නේද සිරිසේන මහත්තයෝ?

:       0       205

silva Thursday, 20 June 2019 01:33 AM

මොකද මොකද මේ කලබලේ තව පාරක් දෙකක් හොරු අල්ලන්ඩ සැට් උනොත් නේද හොඳ.

:       0       125

saliya Thursday, 20 June 2019 03:18 AM

මහින්ද මැතිතුමා ට පක්ෂය බාර දෙන්න . පොහොට්ටුව පිටින්ම ශ්‍රී ල නි ප යට එක්වේවි. එවිට ජය නියතයි .

:       936       487

dilum Thursday, 20 June 2019 03:49 AM

වැදගත් විදියට ගෙදර යන එක තමයි ගන්න තියෙන ගෞරවනීයම තීන්දුව..

:       1       170

Thilina Thursday, 20 June 2019 03:54 AM

ඔබතුමා ආපහු ඉල්ලුවොත් අපි කොහොමත් ගෞරවණීය තීන්දුවක් දෙන්න මග බලන් ඉන්නේ

:       1       194

Mohan Thursday, 20 June 2019 04:26 AM

අනේ නිකම් යන්න ලොක්කා පව් නොදී අපිට

:       0       62

d.upul Thursday, 20 June 2019 04:33 AM

යන්න ඉස්සෙල්ල එකම එක ගෞරවණීය දෙයක් කලා කියල හිත හදාගන්න පුළුවන්.

:       0       2

Bamunuarachchi Thursday, 20 June 2019 04:39 AM

අපිත් ගෞරවනීය තීන්දුවක් ඔබටත් ඔබව නැවත ජනාධිපති කරන්න කියන ඔබ පක්ෂයේ ගොයියන්ටත් දෙන්නම් , එතෙක් ඉවසන්න.

:       0       122

Anura Thursday, 20 June 2019 04:42 AM

මේ පාර දිනනවා මයි....

:       2       21

Raveendra Thursday, 20 June 2019 06:29 AM

හැකිනම් හදුනා ගැනුමට දන්නේ "දන්නැහැ" බවට..// එය නම් ලොකුම දිනුමකි අපේ ජිවිත කාලෙටම..// ඇහුවොත් යමක් මුළු ඔක්කොම දන්නෝ බව ස්ථිරය.// උන්නැහේ කිව මැන දන්නා දෙය අප සැමට..//

:       0       32

de silva Thursday, 20 June 2019 08:57 AM

ඔබ මොන තීන්දුව අරගත්තත්, ආරක්ෂක ඇමතිකම හරිහැට කරගන්න බැරිවීම නිසා මුළු රටම අනතුරේ හෙලපු , කැබිනට් රැස්වීමක් හරිහැට පවත්වා ගන්න බැරි , රටේ ආර්ථිකය මාසෙන් මාසෙට පහල වැටීම නවත්වගන්න කිසිම පියවරක් නොගන්න , මාසේ සතිදෙකක පමණ පිටරට සංචාර වල ගතකරන ඔබ නැවත පත්කරගන්න ඡන්දෙ දෙන්නේ කවුද ?

:       0       34

අතුල Thursday, 20 June 2019 01:07 PM

පවුල් පිටින් හොරකම් කරන්නයි, මිනී මරන්නයිද? ඔය දෙගොල්ලම අවුරුදු 71 ක් රටත්, මහජනතාවත් කෑවා. දැන්වත් යන්න. මේ සැරේ අපි නාගනන්දට දෙනවා. අපට හැදෙන්න නොවෙයි. රට හදාවි කියන බලාපොරොත්තුවට.

:       0       25

de silva Friday, 21 June 2019 07:15 AM

දැන් ඔබතුමාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා කියන ඔබ ළඟ ඉන්න ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමෙන් වැඩි දෙනෙක් ගියවර ජනාධිපතිවරනේදී වැඩකලේ මහින්ද මහත්මයට.., දැන් ඔහොම කියලා සමහරවිට ඔවුන් ජනාධිපතිවරණයට සති 2-3ක් විතර තියලා පැත්ත මාරුකරලා කෙලින්ම මහින්ද මහත්මයා අනුග්‍රහය දක්වන රාජපක්ෂ පවුලේ කෙනෙකුට වැඩ කරාවි.. එහෙම වුණොත් ඔබට වෙන්නේ ඇපත් නැතිවෙන එක.., අන්තිමට ඔබ වැටෙන්නේ දේශපාලන ඉතිහාසයේ කුණු බක්කියට, මේ තීරුවේ තිබෙන පාඨක අදහස් දැකහම ඔබට හිතෙන්නේ නැද්ද? දිනන්න බැහැ කියලා.., එහෙම අවස්ථාවක කරන්න තිබෙන හොඳම දෙය ඉදිරි මස දෙක, තුන තුළ එකවර ජනාධිපතිවරණයක් තියලා ජනතාවට සුදුසු කෙනෙක් පත්කර ගන්න කියලා ඔබ අර විජේතුංග ජනාධිපතිතුමා කළා වගේ නම්බු පිටින් ගෙදර යන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 219 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 84 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1449 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3473 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1404 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 232 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site