(තිළිණි ද සිල්වා)
වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා හා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කිකරුවෙකුට එරෙහිව බලපෑම් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිලෝන් පෙට්ට්‍රොලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් ආයතනයේ නීති නිලධාරියෙකුට අනිද්දා (21) එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් අද (19) සිතාසි නිකුත් කරනු ලැබ ඇත.
වත්මන් රජයේ ආයතන වල වංචා හා දූෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබුවේ සිලෝන් පෙට්ට්‍රොලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඞ් ආයතනයේ නීති නිලධාරී ලයනල් ගුණසේකර නැමැත්තාට එරෙහිවය.
සිලෝන් පෙට්ට්‍රොලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඞ් ආයතනයේ සිදුව ඇතැයි කියන මහ පරිමාණ දූෂණ හා වංචා සිද්ධීන් සම්බන්ධයෙන් එහි සේවක පිරිසක් ගොනු කර ඇති පැමිණිල්ල අද ජනාධිපති කොමිසම හමුවේ කැඳවිණි.
එම පැමිණිල්ලට අදාළව මීට පෙර එම කොමිසම හමුවේ සාක්කි දුන් එම ආයතනයේ අභ්‍යන්තර විගණකවරයෙකු වන මහින්ද ජයසේකර මහතාට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කරමින් එම නීති නිලධාරියා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සාක්කිකාර ජයසේකර මහතා අද (19) ජනාධිපති කොමිසමට දැනුම් දුන්නේය.
එසේම වසර ගණනාවක සිට සේවය කළ තමාට මෙම ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දීම නිසා සේවා ගැටලු ගණනාවකට මුහුණ දීමටද සිදුව ඇති බව සාක්කිකාර ජයසේකර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළ එම කරුණු සැලකිල්ලට ගත් කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ ජනාධිපති කොමිසමක සාක්කිකරුවෙකුට එලෙස තර්ජන හෝ බලපෑම් එල්ල කළ නොහැකි බවය.
සාක්කිකරුවන් රැක ගැනීම වෙනුවෙන් එවැනි ආකාරයෙන් කටයුතු කරන්නන්ට එරෙහිව ජනාධිපති කොමිසම දැඩි පියවර ගන්නා බවද කොමිසමේ සභාපතිවරයා කියා සිටියේය.
ඒ අනුව අදාළ සාක්කිකරුට බලපෑම් එල්ල කළ යැයි පැවසෙන සිලෝන් පෙට්ට්‍රොලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඞ් ආයතනයේ නීති නිලධාරියාට අනිද්දා (21) පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් කොමිසමේ සභාපතිවරයා සිතාසි නිකුත් කළේය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කිකරුවෙකුට බලපෑම් කළ අයෙකුට සිතාසි