(හර්ෂණ තුෂාර සිල්වා)
ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා හදිසි අරමුදලක් ආරම්භ කිරීම කොළඹ මූවන්පික් හෝටලයේදී අද (22) සිදු කෙරුණි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඇමෙරිකානු ආයතනයේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය (අයිරෙක්ස්) ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ශ්‍රී ලංකාවේ මාධ්‍ය හවුල්කරුවන්, මාධ්‍ය සංගම්වල උපදෙස් යටතේ මෙම හදිසි අරමුදල ක්‍රියාත්මක වේ.
ජනමාධ්‍ය වෘත්තියේ නිරත වීම නිසා පොලිස් භාරයේ රඳවා ගැනීම, අත්අඩංගුවට ගන්නා ලද හෝ සිරගත කරනු ලැබූ ජනමාධ්‍යවේදීන් සඳහා නීතිඥ උපදෙස් ලබාගැනීම, පෙනි සිටීම සඳහා නීතිඥ ගාස්තු සැපයීම, ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආදී කරුණු මෙම අරමුදලෙන් ආවරණය වේ.
සුදුසුකම් සපුරන මාධ්‍යවේදීන්ට මේ සඳහා අයඳුම්පත් යොමුකළ හැකි අතර පංච පුද්ගල ස්වාධීන තක්සේරු කමිටුවක් මගින් අදාළ නිර්ණය කිරීම් සිදු කෙරේ.
ජාත්‍යන්තර පර්යේෂණ සහ හුවමාරු මණ්ඩලය (අයිරෙක්ස්) ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී නිකිතා සමරතුංග, එම මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී එම්.සී. රස්මින් සහ ස්වාධීන තක්සේරු කමිටුවේ සභාපති, මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ යන අය මෙහිදි අදහස් දැක්වූහ.
මාධ්‍ය සංවිධානවල නියෝජිතයන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්, හවුල්කරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර
පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි
ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජනමාධ්‍යවේදීන් සඳහා අරමුදලක්
chandima Monday, 22 July 2019 11:27 PM
මාධ්‍යවේදීන්ට අරමුදල්, හාමුදුරුවන්ට රක්ෂණ, පන්සල් වලට විදුලිය, ළමයින්ට කිරිවීදුරු, නිකන් කේතුමතී පුරේ වගේනේ..?