IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනපතිගෙන් විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්

නාලක සංජිව දහනායක

විදුලිබල අවශ්‍යතාවය සපුරාගැනීම සදහා රජයේ ප‍්‍රතිපත්ති පිළිබඳ විදෙස් රටවල් දැනුවත් කර නව ව්‍යාපෘති සඳහා ආයෝජකයන් ගෙන්වා ගැනීමට විධිමත් ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලියක් අනුගමනය කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විදුලිබල අමාත්‍යංශයේ නිළධාරීන්ට උපදෙස් දී ඇත.

එමෙන්ම ඉකුත් රජය විදේශ රටවල් සමඟ විදුලිබල ක්‍ෂේත‍්‍රයට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබුණ ද ඒ ගිවිසුම් බොහෝමයක් රාජ්‍යයන් අතර නොව පෞද්ගලික සමාගම් සමඟ අත්සන් කර තිබේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විදුලිබල අමාත්‍යංශයේ නිළධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදී මේ බව අනාවරණය වී ඇත.

එබැවින් ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීමේදී ඒ පිළිබඳව නිසි අධ්‍යයනයක් කර රටට හිතකර අන්දමින් කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.



අදහස් (16)

ජනපතිගෙන් විදුලිබල අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස්

රවින් Friday, 13 December 2019 07:44 AM

බලශක්තිය කියන්නේ වැඩි ආදායම් ලබා ගත හැකි ආයෝජනයන්... ඒ බව දන්නා කුප්‍රකටයින් මාළු බාන්නේ නැහැ. අහුවුණු තැන්වලම ඉහගන්නවා..

:       0       91

සමන් ඕස්ට්‍රේලියාව Friday, 13 December 2019 07:47 AM

ඔතන නැද්ද විදුලිය කියන්නේ මොකක්ද කියලාවත් දන්නා කෙනෙක්... ප්‍රත්‍යාවර්ත ධාරා, සරල ධාරා...

:       55       30

ravinFriday, 13 December 2019 10:56 AM

ඔයා ජර්මන් ටෙක් එකේ ඉගෙන ගත්තට වඩා දේවල් විදුලියේ තියෙන බව තේරුම් ගන්න.

:       8       219

සමන් ඕස්ට්‍රේලියාවSaturday, 14 December 2019 11:00 AM

ඕස්ට්‍රේලියාව යන හැමකෙනාම ජර්මන් ටෙක් නෙවෙයි. උපාධිධාරීන් සහ පෝස්ට් ග්‍රැජුවේට් ගොඩක් ඉන්නවා. නමුත් ලංකාවේ වගේ පොඩි රස්සාවල් කරන මිනිසුන් හෙළාදැකීම් අඩුයි.

:       1       55

kamal Friday, 13 December 2019 08:14 AM

චීනය සහ ඉන්දියාව හැරුණාම තමන්ගේ වටිනා ඩොලර් නාස්ති කරගන්න තාම කවුරුත් ඉදිරිපත් වෙලා නැත්තේ අැයි?

:       30       20

sam Friday, 13 December 2019 08:59 AM

එමෙන්ම ඉකුත් රජය විදේශ රටවල් සමඟ විදුලිබල ක්‍ෂේත‍්‍රයට අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබුණද ඒ ගිවිසුම් බොහෝමයක් රාජ්‍යයන් අතර නොව පෞද්ගලික සමාගම් සමඟ අත්සන් කර තිබේ."විදුලි බලය" තම ව්‍යාපාරය කරගත් සමාගම් මිසක් රාජ්‍යයනුත් තියනවාද?

:       92       54

eresh S kumara Friday, 13 December 2019 10:43 AM

ලංකාවේ සෝලා ආයතන 100 කට වඩා තියනවා. ඇයි ඒවායින් ප්‍රයෝජන ගන්නේ නැත්තේ...?

:       0       31

kamal koyrala Friday, 13 December 2019 10:47 AM

ලංකාවේ තියෙන බලාගාර හොඳටම ඇති හොයන්න ඕන මහවැලියෙන් සහ සාදන ලද බලාගාරවලින් සපුරාගන්න බැරි අඩුපාඩු වැස්සට සියලුම ජලාශ වාන් දානවා. තවමත් ජලය රඳවාගෙන විදුලිබල දීගන්න බැහැ. සාම්පූර්, නොරෙච්චෝලේ, කැලණිතිස්ස , පුද්ගලික බලාගාරවලට මොකදවෙලා තියෙන්නේ? අපතේ යන විදුලිය ගණනය කර තියෙනවද? බිල්පත් හරියාකාරව අයකරගෙන තියෙනවද හොයලා බලලා තම වෙනත් විකල්පවලට යන්න ඕනෑ. ඉන්නටිකේ ගානක් කපාගන්න පොටවල්වලට යන්නේ නැතිව...

:       9       30

rana Friday, 13 December 2019 11:04 AM

ඔතන නිලධාරින් ඔබතුමා රවුමේ යවනවා වගේ පේනවා. සපයන්නේ යන්තර මිස විදුලි බලලේ නොවේ. යන්තර ගන්නේ නිලධාරින්ගේ වුවමනාවකට මිස රටේ අවශ්‍යතාවයට නොවෙන බැව් පේන්නේ... සොයා බලන්න ලෙහෙසි වැඩක් නම් නොවේ...

:       0       13

RaveendraSunday, 15 December 2019 05:05 AM

ඔබගේ අදහස් සෑහෙන දුරකට සත්‍ය බවත් ඔතන ඉන්නා වැඩි දෙනෙකු මෝඩ කපටියෝ බව නම් පැහැදිලිය.මෙම අදහස් කිසිවිට අවංකව සේවය කරන නිලදරුවන්ට අපහාසයක් හෝ ඔවුන්ව අපහසුතාවයට පත් කිරීමක් නොවන බවත් සදහන් කිරීමට කැමැත්තෙමු. අවංකවම ඔතන ඉන්න සමහර ආචාර්ය,මහාචාර්ය අයගේ යටගියාව, පසුබිම සොයා බැලීමේදී මොන රජයක් බලයේ සිටියත් සමහරුන්ගේ ක්‍රියා කලාපය මගින් එය මනාව පිලිඹිබු වේ. වැඩි දෙනෙකු අඟහරු ලෝකෙන් උනත් විදුලිය ගෙන ඒමට දක්ෂයන්ය. අප විශ්වාස කරනවා සුර්ය බලශක්ති වැඩසටහන් මගින් ගෘහස්ත අවශ්‍යතාවයන් සපුරා ගැනීමට හැකිනම් එය ජාතික බල පද්ධතියට යම්කිසි සහනයක් ගෙන දෙන බවය. නමුත් විදුලි බලමණ්ඩලයේ ඒ ඒ අදාළ නිලදාරීන් එම සුර්ය බලශක්ති ක්‍රමවලට එතරම් කැමැත්තක් දක්වන්නේද නැද්ද සොයා බැලීමත්, වැඩි කැමැත්තත් කුමකටද යන්න හොදින් අවබෝද වනු ඇත.

:       0       0

krishantha Friday, 13 December 2019 11:34 AM

මේකේ ප්‍රතිචාර කියෙව්වම හිතෙන්නේ මෙච්චර කල් හොඳට තිබ්බ දෙයක් ජනාධිපතිතුමා විනාශ කරන්න යනවා කියලා. මේකේ ලියන කට්ටිය ජනාධිපති උපදේශකලා වෙන්න ඕනෑ.

:       46       335

bandu Friday, 13 December 2019 01:12 PM

ආයෝජකයන් එන්නේ අැයි? ආයෝජකයන් එන්නේ නැත්තේ අැයි? මේ දෙකට මධ්‍යස්ථව නිර්භයව උත්තර දෙන්න පුළුවන් තත්වයක් රටේ ඇති වුණාම කාරණේ විසඳෙයි.

:       0       0

tom Friday, 13 December 2019 01:19 PM

විදුලිබල අමාත්‍යාංශයේ නිලධාරීන් මොනවද ආයෝජකයන් ගෙන්වාගැනීම ගැන දන්නේ? ඒවා දන්නේ ලෝකේ ව්‍යාපාර, ආයෝජන වගේ වැඩ කටයුතු වල නිරත උදවිය නේද? ආයෝජකයින්ට හිතකර තත්වයක් රටේ ඇති නොකර විදුලි ඉංජිනේරුවන්ට ඔවුන් නොදන්නා දේවල් කරන්න පැවරීම, හැකියාවන් හඳුනා ගැනීමේ දුර්වලතාවයක්...

:       0       5

Mahee Friday, 13 December 2019 02:04 PM

අපි අහලා තියෙන හැටියට විදුලිබල මණ්ඩලය ප්‍රතිලාභ ගෙවන රාජ්‍යායතනයක්... දුෂණ අතිනුත් ඉහළමයි කියලයි කියවෙන්නේ. විදුලියට පත් වුණු ලොක්කෝ දෙන්න නම් විශේෂයෙන්ම දෙවැනියා නම් අවංක භාවයේ ප්‍රතිමූර්ති වශයෙන් චිරප්‍රසිද්ධ අය නිසා අපට ලොකු විශ්වාසයක් තියෙනවා විදුලි බල මණ්ඩලේට මොකක් හරි සිද්දවෙයි කියලා...

:       0       5

ATHULA Saturday, 14 December 2019 09:54 PM

මේක පුදුම ජනතාවක් හා පාලකයෝ ඉන්න රටක්. මේ ලඟකදී අපේ මහාචාර්යවරයෙක් සොයා ගත්ත සුළං බලයෙන් රටටම විදුලිය දෙන්න පුළුවන් ක්‍රමයක්. එතුමා කිව්වේ මුලින් ටිකක් වියදම් කරන්න වේවි ඊට පස්සේ සියලු දේවල් නොමිලේම ගන්න පුලවන් කියලා. කරුමේ මේවගේ දේවල් වලට සල්ලි නැහැ සල්ලි තියෙනවා සෙල්ලම් නොකරන ක්‍රීඩා පිටි හදන්න අපට දකින්නවත් නැති රොකට් යවන්න සත 5 කට වැඩක් නැත. වරායවල්, ගුවන් තොටුපළවල් මහා කොමිස් කඳු මේවට සල්ලි තියෙනවා. අරවගේ රට ගොඩ ගන්න දේවල් වලට සල්ලි නැහැ. අඩු තරමේ එතුමාව ගෙන්වල සොයල බලන්නවත් ඕන නේද

:       0       0

NAK Sunday, 15 December 2019 04:19 AM

විදුලිය නිෂ්පාදනය, සැපයුම කාර්යක්ෂම කර පාරිභෝගිකයන් ආරක්ෂා කරගැනීමටනම් කළ යුතුව ඇත්තේ මෙම කර්මාන්තය විදුලි ඉංජිනේරු මාෆියාවෙන් බේරගනිමයි. මෙම ඉංජිනේරු මාෆියාව පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගැනීම පළමුව වලක්වා ගත යුතුව ඇත. දෙවනුව, ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආදායම් ඉපයීමේ අයතා දුෂිත ක්‍රම වළක්වාලිය යුතුව ඇත. දැනට මේ සඳහා විකල්ප දෙකක් ඇත. එකක් ඉංජිනේරු මාෆියාවට ඔවුන්ගේ කුණුගොඩ පිරිසිදු කරගෙන මහජනතාවට පිරිසිදු සේවාවක් ලබාදීමට අවස්ථාව දීමයි. අනික, ඔවුන් එසේ කිරීමට අකමැතිනම් ආයතනය පෞද්ගලික ආයතන කිහිපයකට පත්කර මාෆියාව බිඳ දමීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 22 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 69 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 180 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 474 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 196 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 121 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site