IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජනපති මත් නිවාරණ වැඩසටහනේ දක්ෂතා දැක්වූ නිලධරයෝ අගයති

 

 

 

 

ඡායාරූප - ඉෂාන් සංජිව

 

මතින් නිදහස් රටක්, සංකල්පය සාර්ථක කර ගැනීමට කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගැයීමට ලක් කරන ‘ජනපති ප්‍රශංසා සම්මාන උළෙල’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.

 
2015 ජනවාරි 14 වැනිදා සිට 2019 ජනවාරි 14 වැනිදා දක්වා කාලපරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීමට සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුණු සංවිධානාත්මක අපරාධ මර්දනයට සක්‍රීයව දායක වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 1007 දෙනෙකු වෙත මෙහිදී පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමිණි. 
 
එම අවස්ථාව සංකේතවත් කරමින් සහතික පත් ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.
 
ආණ්ඩුකාරවරුන්, මැති ඇමැතිවරුන්, තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(28535)
 
 



අදහස් (10)

ජනපති මත් නිවාරණ වැඩසටහනේ දක්ෂතා දැක්වූ නිලධරයෝ අගයති

Raveendra Monday, 28 January 2019 11:42 AM

මෙම එඩිතර නිලදරුවන්ට අප හදවතින්ම සුබ පතන්නෙමු. ඇත්තෙන්ම අප සියල්ලෝම මෙම නිලදරුවන්ව ඉතා ඉහලින් අගය කල යුතු අතර එවන් නිලදරුවන් තව තවත් දිරිමත් කලයුතුය.

:       0       75

pradeep herath Monday, 28 January 2019 11:52 AM

මේක ඉතාම හොඳ දෙයක්... මෙම නිලධාරීන්ට මුදල් ත්‍යාග දිය යුතුයි. ඊට අමතරව අල්ලාගත් මත්ද්‍රව්‍ය විනාශ කරනතෙක් ක්‍රියාවලිය අධීක්ෂණය කළයුතුයි.

:       0       93

Lal Monday, 28 January 2019 12:14 PM

ලොක්කා මෙහේ සම්මාන උළෙලවල් පවත්වනවා. අන්න මහාපරිමාණ කුඩුජාවාරම් කරුවකුට ඇපදීලා. පත්තරේ දැක්කේ නැතුවැයි?

:       18       162

Raveendra Monday, 28 January 2019 12:23 PM

කුඩුකාරයින් එමටයි දැන් ලංකාවේ... තක්කඩි සුනඛයොත් ඉන්නවා මේ අතරේ... එනමුත් අවංකයන් පෙරමුණ ගත්තානේ... හදපිරි සෙනෙහසයි නිලදරුවන්ට අපේ....

:       0       63

sampath Monday, 28 January 2019 12:42 PM

පුනරුත්ථාපනය ශක්තිමත් කල යුතුයි ඒත් අවාසනාවට වසරක් පුනරුත්ථාපනය වුන පසුත් නැවත මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා එය සොයා බැලිය යුතුයි.

:       0       38

විජිත් Monday, 28 January 2019 03:37 PM

මේ එඩිතර ඒ වගේම තම රටට, තමන්ගෙන් ඉටුවිය යුතු සේවය අවංකව ඉටුකරන ඔබ සැමට මගෙත් මුළු රටේමත් ප්‍රණාමය පුද කරමි. මේ රැකියාව, ඒ කියන්නේ මත් ද්‍රව්‍ය වැටලීම් ඉතාමත්ම සංවේදී ඒවගේම ඉතාමත්ම භයානක එකක්. මේ නිලධාරීන් හට මත්ද්‍රව්‍ය ජාවාරම්කරයින්ගෙන් කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ලවේද කියා දන්නේ නැහැ. ඔවුන් ඔවුන්ගේ ජීවිතය පරදුවට තබා රට වෙනුවෙන් කරන උතුම්ම සේවයක් මේ. ඒ නිසා අප ඔවුන්ව අපට හැකි උපරිමයෙන් ආරක්ෂා කල යුතුයි. ඔවුන්ගේ මතු ආරක්ෂාව උදෙසා ඔවුන්ගේ ඡායාරුප පල නොකලානම් වඩාත් උචිතයි කියලා මම හිතන්නේ. ලෝකයේ බොහෝ රටවල මේ ආරක්ෂණ ක්‍රියාවලිය සිදුකරනවා.

:       0       51

sandy123Monday, 28 January 2019 07:16 PM

ඔබේ අදහසට 100% එකඟයි. නමුත් ඡායාරුප පල කිරීම මම දකින්නේ වෙනත් ආකාරයට. මන්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරයින්ගෙන් එල්ල විය හැකි ප්‍රහාරයන් ඡායාරුප පල නොකලත් ඔවුන් සොයා ගන්නවා. වැටලීම කව්රු කොහොම කලාද කියලා මේ අය හොදාකාරව දන්නවා. එතරම් සුක්ෂම ඉත්තන් සෑම පැත්තෙන්ම ඔවුන් සතුයි. මොකද හොද ගතිගුණ ඇති අය මෙන්ම සල්ලි වලට කෑදර පොලිස් නිලධාරියොත් පොලිස් සේවයේ ඉන්න නිසා.

:       0       11

dias Monday, 28 January 2019 03:38 PM

ලංකාවේ මෙච්චර පොලිස් නිලධාරීන් ඉන්නවා කියා මම දැනගෙන හිටියේ නැහැ.

:       32       6

Lal Tuesday, 29 January 2019 02:06 AM

ඔය මැතිඇමැතියන්ගේ ඡායාරුප නම් දැකලම අප්පිරියයි.

:       0       2

ratna P Tuesday, 29 January 2019 09:36 AM

ලංකාවට කුඩු ගෙනෙන සහ අහුවෙන අවස්ථා ගණන බලන විට රටේ ඉන්න ඔක්කොම පොලිස් නිලධාරීන්ට සහ රේගු නිලදරින්ට ලගදීම සම්මාන දෙන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 0 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


තැනින් තැනට සවස වැසි
2024 අප්‍රේල් මස 18 10 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට ගිගුරුම් සහිත වැසි ඇති වේ.


පාර්ලිමේන්තු පිවිසුමේ සිවිලිම් කොටසක් කඩා වැටේ:පොලිස් නිලධාරියෙකුට තුවාල
2024 අප්‍රේල් මස 18 77 0

පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ජයන්තිපුර ප්‍රධාන පරීක්ෂා මුරපොළේ සිවිලිමේ කොටසක් කඩා වැටීමෙන් පොලිස් නිලධාරියකු තුවාල ලබා ඇත.


ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 1245 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 1223 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1404 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 183 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1385 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site