IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති අගරගුරු බැහැදකී

(රන්ජන් කස්තුරි)
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(22) දහවල් කොළඹ අගරදගුරු නිල නිවස වෙත ගොස් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා බැහැදැකීය.
 
පාස්කු ඉරුදින ආගමික වතාවත්වල නිරතව සිටියදී කිතුණු බැතිමතුන්ට මුහුණදීමට සිදු වූ මෙම ඛේදජනක සිදුවීම පිළිබඳ මෙහිදී අගරදගුරු හිමිපාණන් වෙත සිය බලවත් කනගාටුව හා සංවේගය පළ කළ ජනාධිපතිතුමා මෙම තත්ත්වට හමුවේ ගෙනක ඇති ඉදිරි පියවර ද උන්වහන්සේ සමඟ සාකච්ඡා කළේය.
 
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ රට තුළ මෙවන් සිදුවීමකට ඉඩ නොතබා ඒ වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගැනීමට රජය මේවනවිට කටයුතු කර තිබෙන බවයි.
 
අගරදගුරු හිමිපාණන් ඇතුළු සියලු පූජකවරුන් සහ දේවස්ථානලට ආරක්ෂාව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ද තමා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබෙන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (12)

ජනපති අගරගුරු බැහැදකී

ප්‍රීති Monday, 22 April 2019 01:47 PM

බුද්ධි අංශ සියලු තොරතුරු අනාවරණය කර තිබියදීත්, නිසි ක්‍රියාමාර්ගයක් නොගත්, විධායක ජනාධිපති මෙන්ම ආරක්ෂක ඇමති, පොලිසිය භාර ඇමති යවනවා වෙනුවට කාදිනල්තුමාත් සමග කවර සාකච්ඡාද?

:       104       415

chandimaMonday, 22 April 2019 05:58 PM

මෙයා ආරක්ෂාව බාරගත්තේ මාස කිහිපයකට කලින්, කෝ කලින් හිටපු එක්කෙනා කරපුවා? බුද්ධි අංශය කූඩුවට දැම්මා මිසක් වෙන මොනවද කලේ? රටේ ත්‍රස්තවාදේ අවසන් කරපු හමුදා නිලධාරීන් දංගෙඩියට යවන්න කටයුතු කරපු කෙනා අන්න අායෙත් ලෝක ප්‍රජාවට මීටින් තියනවා. අවුරුදු තිහක් රටේ මිනිස්සු මැරෙද්දි බලයට කෑදරකමේ ලෝකේ පුරා සවාරි ගහලා මේ පාර හදන්නේ යලි ඉපදුනු එළාර වෙන්න.

:       0       0

ගල්කටස් Monday, 22 April 2019 01:48 PM

කටින් බතල සිටුවීම...

:       3       275

Rata Perata Monday, 22 April 2019 02:00 PM

290 ක් මැරුණට පස්සේ බැහැදකින්නේ මොන කෙහෙල්මලටද?

:       46       341

Amila Monday, 22 April 2019 02:14 PM

මිනීමරලා දැන් මොන බැහදැකීම්ද? වැඩක් හරියට කරන්න පුලුවන් මනුස්සයෙක්ට ඕක දීලා ගෙදර යන්න. අර දෙවෙනියාත් අරගෙනම යන්න...

:       44       312

Mahesh Monday, 22 April 2019 02:51 PM

තවත් මොනවා බලගන්නද?

:       1       48

de silva berlin Monday, 22 April 2019 03:28 PM

රටේ බුද්ධි අංශ වාර්තාව බාර දීලා තිබෙනවා. එ්ක කියවලා නිසි පියවරක් ගන්න බැරි ඔබතුමා ආරක්ෂක ඇමතිකම හරියට කරන්න බැරි නම් මොකටද එ්ක බාරගත්තේ? අද ලෝකේ තිබෙන ඉන්ටර්නෙට් තාක්ෂණය භාවිතා කර ලෝකේ ඕනෑම තැනක් ඉඳන් වැඩ කරන්න පුළුවන්..., එහෙම නැත්නම් තමන් පිටරට යනකොට නියෝජ්‍ය ආරක්ෂක ඇමතිට හෝ ආරක්ෂක ලේකම්ට මේ වගකීම් පවරලා යන්න පුළුවන්... මේ මොකවත් නොකර නිකම්ම ලෝකේ වටේ රවුම් ගහන්න ගිහින්, ජීවිත 300ක් විතර විනාශවෙලා... 100ක් විතර සදාකාලික අබාධිත තත්වයට පත්වෙලා, තව 200ක් විතර තුවාලවෙලා..., රටේ ආර්ථිකයට වුණු පාඩුව ඩොලර් බිලියන ගණනක්.., අඩුම තරමේ ඔබතුමා වගකීම භාරගෙන ආරක්ෂක ඇමතිකමෙන්වත් ඉවත් වෙලා නැහැ. ඔබතුමාට ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැද්ද?

:       0       0

lakithadharmasiri Monday, 22 April 2019 07:04 PM

රට කාලා.. දෙන බයිලා ගහනවා.. කැවුම් පුච්චන්නයි, රබන් ගහන්නයි නියමයි. මේ අයව පත්කරපු 62 ලක්ෂයේ හරකුන්ට පේනවා ඇති වෙනසක තරම...

:       0       0

mf Monday, 22 April 2019 09:11 PM

රජයේ බුද්ධි අංශය හමුදාව, පොලිසිය ශක්තිමත් කරලා අවශ්‍ය බලය දීලා... කුඩු, පාතාල, ත්‍රස්තවාදීන්ව අතුගා දැමිය යුතුයි.

:       0       0

Govihami Monday, 22 April 2019 11:01 PM

මෙයාව හම්බවෙනවට වඩා හොඳයි, අපේ කුඹුරෙ ඉන් පඹයා හම්බවෙන එක..

:       0       0

jayasekara Tuesday, 23 April 2019 05:55 AM

හැමදාම අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ දොර වහන ආණ්ඩුවක්....

:       0       2

Chandima Tuesday, 23 April 2019 10:08 AM

දැන් මේ කීවෙනි වතාවේද? විපත වුණාට පස්සේ ආයේ මෙහෙම වෙන්න දෙන්නේ නැහැ කියනවා. කුණු කන්දේ ඉඳන් මේ වගේ විපත් කියක් තව වුණාද? ඔබතුමාට තේරෙනවද තමන්ගේ හැකියාව කොතැනද කියලා..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 44 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 114 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 189 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 619 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1017 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 839 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site