IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


චක්‍රලේඛවලට පිටින් සෞඛ්‍ය ඇමැතිට නියෝජ්‍ය ඇමැතිට වාහන සහ ඉන්ධන දීලා

තරිඳු ජයවර්ධන

ජනාධිපති ලේකම්වරයාගේ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය උල්ලංඝණය කරමින් සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා, සහායක කාර්ය මණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වැඩිපුර වාහන 24ක් නිකුත් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විශේෂ විගණනයකදී අනාවරණය වී තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වාහන කළමනාකරණය පිළිබඳ මෙම විශේෂ විගණන වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුව  සකස් කර ඇත්තේ 2017 වසරේ දෙසැම්බර 31 වැනි දිනට අදාළව ඇති දත්ත පරීක්ෂා කිරීමෙන් බව එහි ආරංචි මාර්ග කියයි. මෙම විගණන වාර්තාවට විගණකාධිපතිවරයා අත්සන් තබා ඇත්තේ 2019 අප්‍රේල් 22 වැනි දාය.

ජනාධිපති ලේකම්වරයාගේ 2010 මැයි 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකු වෙනුවෙන් වෙන් කළ හැකි වාහන සංඛ්‍යාව තුනක් වුවද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනියුක්ත කර ඇති වාහන සංඛ්‍යාව 18ක් බවත්, ඇමැතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියා වෙනුවෙන් එක් වාහනයක් පමණක් අනුමත වුවද සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාහන දෙකක් අනියුක්ත කර ඇති බවත් විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වෙයි. නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනුමත වාහන සංඛ්‍යාව තුනක් වුවද සෙඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් වාහන 11ක් අනියුක්ත කර ඇති බව ද එහි සදහන් වෙයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව  විසින් ඉදිරිපත් කරන ලද  2017 දෙසැම්බර් මස 31 වැනි දිනට යාවත්කාලීන වූ තොරෙතුරු අනුව අමාත්‍යංශය සතුව වාහන 5556ක් තිබිය යුතු වවද, 2017 දෙසැම්බර් 31 වැනි දිනට යාවත්කාලීන කරන ලද අමාත්‍යංශ ලේඛනවලට අනුව අමාත්‍යංශය සතුව ඇත්තේ වාහන 5354ක් බව ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. 

අමාත්‍ය කාර්යාලයට අනියුක්ත කර ඇති වාහන තුනක් 2017 ජනවාරි පළමු වැනි දා සිට 2017 ජුනි 30 දක්වා අතර මාස හයක පමණ කාලයේ දී කිසිදු අවස්ථාවක අමාත්‍යංශයට පැමිණ නොතිබූ බවත්,  අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයට වැඩිපුර වෙන් කර ඇති වාහනවලට අමතරව 2017 වසරේ පළමු මාස හයේදී අවස්ථා 314ක දී අමාත්‍යංශ සංචිතයේ ඇති වාහන අනියුක්ත කර ඇති බවත්, ඒ සඳහා අවස්ථා 102කදී කිලෝමීටර 56,182ක් සඳහා රුපියල් 795,370ක ඉන්ධන වැය කර තිබුණු බවත් විශේෂ විමර්ශන වාර්තාවේ දැක්වේ.

හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ අමාත්‍ය කර්ය මණ්ඩල නිලධාරියකු තම ධුරය කාලයෙන් පසු යතුරුපැදි දෙකක් හා මෝටර් රථයක් රැගෙන ගොස් ඇති බව ද අනාවරණය වී තිබේ.

අදාළ චක්‍රලේඛවලට පටහැනිව  අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ඔවුන්ගේ කාර්යාල සඳහා වෙන් කළ වාහන වෙනුවෙන් රුපියල් මිලියන 6.62ක අමතර ඉන්ධන නිකුත් කර තිබෙන බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කි ඇත.

අමාත්‍යංශයේ ප්‍රවාහන අංශයේ අධ්‍යක්ෂ යටතේ කාර්ය මණ්ඩලයේ 33 දෙනකු සේවය කළ ද වාහන පාලනය හා විධිමත් පරිදි පොත් පවත්වාගෙන යෑම  සිදුවී නොමැති බව තහවුරු වීයැයි ද විගණකාධිපති දෙපාර්තමේන්තුව කියයි. 

වාහන 1794ක් අස්ථාන ගතවී තිබීමත්, අමාතයංශයෙන් බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 259ක් අතුරෙන් 177ක පැවරීම්වල නීත්‍යනුකූලතාව තහවුරු නොවීමත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබුණද අමාත්‍යංශ ලේඛනයේ ඇතුලත් නොවූ වාහන 202න් වාහන 171ක භෞතික පැවැත්ම තහවුරු නොවීමත් හේතුවෙන් නිශ්චිතව ගණනය කළ නොහැකි අලාභයක් රජයට සිදුවී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිගමනය කර තිබේ. 

විෂය භාර අමාත්‍යවරයාට, නියෝජ්‍ය අමාත්‍යවරයාට හා අදාල කාර්ය මණ්ඩලයට චක්‍රලේඛවලට පටහැනිව වාහන හා ඉන්ධන ලබාදීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කළ යුතු බව ද නිගමනය කර විගණකාධිපති දෙපාර්මේන්තුව පැවැත්ව හඳුනාගත නොහැකි වාහන 171 සම්බන්ධයෙන් විමර්ශන කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සුදුසු බව ද නිර්දේශ කර තිබේ.

 



අදහස් (18)

චක්‍රලේඛවලට පිටින් සෞඛ්‍ය ඇමැතිට නියෝජ්‍ය ඇමැතිට වාහන සහ ඉන්ධන දීලා

mendis Tuesday, 18 June 2019 03:11 PM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.

:       22       170

Janahitha Tuesday, 18 June 2019 03:14 PM

මේ අය ජනතාවගේ සුවසෙත ගැන බලපු තරම තමයි ඔය.

:       11       209

Nimal Tuesday, 18 June 2019 04:31 PM

බලවතුන්ට වැළදී ඇති රථ ගායේ අනිසි ප්‍රතිපල මහජනතාව විසින් විඳිය යුතු වන්නේය!.

:       11       157

Amal Tuesday, 18 June 2019 05:50 PM

දෙයියනේ දුප්පත් අපට ජීවිතේට වාහනයක් ගන්න බැරි වෙන්න බදු ගහලා මේ අය කරලා තියෙන සෙල්ලම් කොහොමද.. වාහන දහස් ගණනක් අතුරුදහන් කරනකන් රජය මොනාද කලේ

:       11       261

MaheeWednesday, 19 June 2019 05:29 AM

ඔන්න ඕක තමයි නාගානන්ද කියන්නේ විගණකාධිපති ඉහලින්ම තැබිය යුතු බවත් ව්‍යවහාරික විගණනයක් නොව සමකාලීනව කෙරෙන විගණනයක් තිබිය යුතු බවත්. අවුරුදු ගණන් ගිහින් විගණනයක් කරලා කරුණු හෙලිවෙනකොට හොරු පැනලා ගිහින්.

:       19       55

Rasika Tuesday, 18 June 2019 09:28 PM

"ජනාධිපති ලේකම්වරයාගේ 2010 මැයි 14 දිනැති රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය අනුව අමාත්‍යවරයකු වෙනුවෙන් වෙන් කළ හැකි වාහන සංඛ්‍යාව තුනක් වුවද සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් අනියුක්ත කර ඇති වාහන සංඛ්‍යාව 18ක් බවත්," "වාහන 1794ක් අස්ථාන ගතවී තිබීමත්, අමාතයංශයෙන් බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ වාහන 259ක් අතුරෙන් 177ක පැවරීම්වල නීත්‍යනුකූලතාව තහවුරු නොවීමත්" කොහොමද සෞක්‍ය ඇමතිගේ කෙරුවාව. මහින්ද රාජපක්ෂට ජම්පරේ අන්දන ආපු රාජිත ගේ වැඩ කොහොමද? වහාම අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්න. මෙච්චර එළිපිටම අහුවෙලා තියෙද්දී තව මොනාද? මුළු පාර්ලිමේන්තුවම හොර ගුහාවක්. දැන්නම් සහෝදරවරුනි කාලේ හරි මෙයාලව රටෙනුත් එලවන්න.

:       0       42

Chanak los angeles Tuesday, 18 June 2019 10:50 PM

පහනට තෙල් දමන තුරු පහන ඇවිලෙනවා වාගේ චන්දෙ දිදී බලයට යවන තාක් කල් රටේ සම්පත් අවභාවිතා කරන එක සිද්ධ වෙනවා .

:       0       9

Jaya Wednesday, 19 June 2019 12:01 AM

දැන් වාහන අවභාවිතාව කියලා වීරවංසට නම් නඩු දාලා හිරේ ඉන්නත් උනා. යහපාලනය නිසා මෙයාට නම් මුකුත් වෙන එකක් නැහැ.

:       0       46

sarath Wednesday, 19 June 2019 01:34 AM

රටට හිතැති සුවපති....

:       0       38

Raveendra Wednesday, 19 June 2019 02:01 AM

Nimal මයා වෙත, නිවටයන් බලවතුන් වන්නේ කෙසේද ??? බලවතු කිසිදින අනුන්ගෙන් යැපෙන්නෝ නොවෙන අතර අනුන්ගේ මුදල්වලින් බඩගෝස්තරය ද රැකගැනීම නොකරන්නෝය. මේ ඉන්නේ නියම හිගන හැත්තකි. ලජ්ජා නැතිව තුන්වේල ගිල දමන්නේත් මහජන මුදලින් එවන් අයට බලවතුන් යැයි පැවසීමෙන් ඔබ විසින් බලවතුන්ට මහත් නිගාවක් කර ඇතිබව නම් පැහැදිලිය.

:       0       19

රවින් Wednesday, 19 June 2019 02:15 AM

හෝ හෝ //// ඔය එන්නේ. බොරුව දාලා පිටරටින් සිගරට් ගෙන එන්න හදන එකට විරුද්දව අස්වෙනවාලු. නැතුව හොරකම මාට්ටු හින්ද අස්වෙනවා නොමෙයිලු.

:       0       18

නාමල් Wednesday, 19 June 2019 02:23 AM

මේ වගේ අය නිසා තමයි මේ රටට මෙහෙම වුනේ.

:       0       17

Praba Wednesday, 19 June 2019 02:28 AM

වෙන්නත් පුළුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනු කමිටුවක උප සභාපති ධූර හතරින් එකක් ලැබුණාම ප්‍රධාන සංවිධානයේ උප සභාපති ධූරය ලැබූ සේ උත්සව තියන ඇමතිතුමානෙ

:       0       21

asanka Wednesday, 19 June 2019 04:21 AM

දැන් මේවා හොයාගෙන වැරදි කරපු අයට දෙන දඩුවම මොකක්ද. හෙට ඉදලා ආපහු සුපුරුදු විදියට ඒ වැරදි ඒ විදියටම කරගෙන යයි. මේ පොඩි මිනිහව තලන්න පොඩි කරන්න හදපු නීතියක්.

:       0       22

ජයරත්න Wednesday, 19 June 2019 04:30 AM

මන්ද පෝෂණයෙන් දරුවෝ මැරෙන රටක තරම?

:       0       77

thilakasiri Wednesday, 19 June 2019 05:23 AM

මේ සදහා වගකිවයුතු කාර්ය මණ්ඩලයේ යමෙකු වෙත්නම් ඔවුන්ගෙන් මේ අලාභය අයකර ජනතාවගේ මුදල් ආපසු ලබා ගැනීමට නිත්‍යාණුකුලව කටයුතුකර, මෙවැනි වැරදී කරන අයට කිසිම මැතිවරණයකට ඉදීරිපත්වීමට නොහැකිවන නීති පනවා, මෙවැනි අය තුරන් කිරීම් රට දියුණුකිරීමේ මුලික අඩිතාලම නිසා ඒ සදහා පක්ෂ භේදයකින් තොරව පෙළගැසෙව්!

:       0       13

දිලුම් Wednesday, 19 June 2019 06:21 AM

අපේ රටට හෝ දැං ඉන්න අපේ ළමයින්ට සහ අනාගතයේ උපදින්නට සිටින ළමයින්ට අබමල් රේණුවක තරම්වත් ආදරයක් තියනවනම් අපේ රටේ ඉන්න පුරවැසියන් මේ 225ම දියවන්නා මඩ ගොහොරුවෙන් පලවා හරින්නට ඉදිරයේ පැවැත්වෙන මැතිවරණය බුද්ධිමත්ව සහ විචක්ෂණශීලීව භාවිතා කල යුතුයි. ආවාට ගියාට කතිර ගසා තටිටුව මාරු කරමින් අප සැම වසර 70ක් තිස්සේ කර ඇති විපතේ මහත දැං පල දෙන්නට පටන්ගෙන තිබෙි. එහි අනිමුට සහ භයානකම ඵල කිසිත් නොකල කිසිත් නොදත් අප අහිංසක දරුපැටවුන්ට භුක්තිවිදින්නට සලසා ඔබ මරිලා යනවාද නැත්නම් මේ 225 ශාපය හැකිතරමින් හො ඉවත් කරන්නට ඔබ මේ ඉදිරි මැතිවරණයන් භාවිතා කරනවාද යන්න තීරණය කිරීම මේ රටේ ජන්ද බලය හිමි සමස්ථ පුරවැසියාවන ඔබ සැම තීරණය කල යුතුයි.

:       0       3

sharm warn Wednesday, 19 June 2019 06:51 AM

මුදල් අමාත්‍යංශයෙන් කියා තිබුනා සියලු අමාත්‍යංශ වල වියදම් 15% කින් අඩු කල යුතු බවට. මෙව්වා නැවැත්තුවා නම් අමුතුවෙන් වියදම් කපා හරින්න උවමනා වෙන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 114 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 291 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 730 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1010 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 366 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 177 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site