(බිඟුන් මේනක ගමගේ)
ආර්ථිකය ගොඩනැංවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා කරන්නේ දශක අටකට වඩා පැරණි හණමිටි ප්‍රතිපත්තියක් යැයි මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා අද (22) පැවැසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ආර්ථිකය ගොඩනැගීමට යෝජනා කරන්නේ රාජ්‍ය අංශයට මුල්තැන් දීම යැයි ද එය යල්පැන ගිය උපක්‍රමයක් යැයි වික්‍රමරත්න මහතා කීය.
අතීතයේදී ලංකාවට පසුපසින් සිටි වියට්නාමය, කොරියාව වැනි රාජ්‍ය ලංකාව පසුකර ගියේ රාජ්‍ය අංශය මගින් ආර්ථිකය නැංවීමේ ප්රතිපත්තියක ලංකාව සිර වී සිටි නිසා යැයි මුදල් රාජ්‍ය ඇමැතිවරයා චෝදනා කළේය.
ජාතික ආරක්ෂාව හා ආහාර ආරක්ෂාව රජය යටතේ තබා ගනිමින් පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමෙන් ආර්ථිකය නගාසිටුවීමට කටයුතු කිරීම එක්සත් ජාතික පෙරමුණේ ප්‍රතිපත්තිය යැයි ද ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර කීය.
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පෙරමුණ ජාතික මට්ටමින් කළ ජනමත සමීක්ෂණවලදී මේ කාරණා ගැන ජනතාව දැක් වූ අදහස් වලින් ද සිය පක්ෂ ප්‍රතිපත්ති නිවැරදි බව තහවුරු වී යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
පරිගණක හා ස්මාට් දුරකතන ඇසුරෙහි උපන් නව පරම්පරාවේ චින්තනය ගැන වර්තමානයේ රට පාලනය කරන කණ්ඩායම්වලට ලොකු අවබෝධයක් නැතැයි කී හෙතෙම ඔවුන් ඉදිරි ජාතික මැතිවරණ වලදී රටේ පාලනයත් පක්ෂවල නායකත්වයත් නව පරපුරට බාර කරනු ඇතැයි ද කීය.
මෙම පරිවර්තනය මඟහැරයාමට කිසිදු දේශපාලන පක්ෂයකට නොහැකි වනු ඇතැයි ද ඊට ගැලපෙන ලෙස පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රීකරණයට සියලුම දේශපාලන පක්ෂවලට සිදුවනු ඇතැයි ද වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෝඨාගේ ආර්ථික ප්‍රතිපත්තිය යල්පැන ගිය එකක්