ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බළකා රෙජිමේන්තුවේ මුලික පුහුණු පාඨමාලාව හැදැරූ ගුවන් හමුදා භටයින් 84 දෙනකු විසිර යාමේ උළෙල ගුවන් හමුදා මොරවැව කඳවුරු භූමියේදී සිදු කෙරිණි.
එහිදී අංක 12 , 13 යන රෙජිමේන්තු බලකා මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව හැදැරූ ගුවන් හමුදා නිලධාරීහු 4 දෙනෙක් සහ සෙසු නිල ලත් නිලධාරීහු 80 දෙනෙකු විසිර ගියහ.
මොරවැව ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බළකාය රෙජිමේන්තු මගින් මාස 07 ක කාලයක් පවත්වන පුහුණු පාඨමාලාවකින් අනතුරුව මාදුරුඔය ගුවන් හමුදා කඳවුරේ මාස 2 කට ආසන්න කාලයක පුහුණුවක් තෝරාගත් ගුවන් හමුදා නිලධාරීන් පිරිසකට ලබා දෙන අතර අනතුරුව විශේෂ බළකා රෙජිමේන්තු පක්ෂාංගයට ඇතුළු වීමට ඔවුහු සුදුසුකම් ලබති.
විශේෂ බළකා සොල්දාදුවකු වශයෙන් සිය කැපවිම හා ධෛර්යය වෙනුවෙන් ලබා ගත හැකි ඉහළම ගෞරවය හා සම්මාන වන විශේෂ බළකායන්ට පමණක් ආවේණික වු කලු පැහැති හිස් වැසුම පැළදවිම හා විශේෂ බළකා රෙජිමේන්තු ලාංජන පැළඳවිම මෙහිදී සිදු විය.
විශේෂ බළකා රෙජිමේන්තු පක්ෂාංගයේ වත්මන් අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් එච්.එම්. ටි නන්දක කුමාර මහතාගේ සංකල්පයකට අනුව වත්මන් ගුවන් හමුදාපතිවරයාගේ අනුමැතිය හා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂකවරයාගේ අධික්ෂණය හා මග පෙන්විම අනුව මෙය ක්‍රියාත්මක කෙරිණි.
එහිදි දක්ෂතම වෙඩික්කරු, ශාරිරික යෝග්‍යතාව අතින් දක්ෂතම ගුවන් භටයා , සහ සෑම අතින්ම දක්ෂතම ගුවන් භටයාට හිමි සම්මාන හා තිළිණ ප්රදානය කිරිමද සිදු විය.
මෙම විශේෂ පුහුණුව ලද විශේෂ ගුවන් බළකා භටයින් ගුවන් හමුදාවේ සෑම කඳවුරකම අනියුක්ත කරන අතර හදිසි ආපදාවකදී ලංකාවේ ඕනෑම ස්ථානයකට සහය ලබා දීම සඳහා ඔවුන් විශේෂ පුහුණුවීමක් ලබා තිබේ.
විසිර යාමේ පෙළපාළියට සමගාමිව මොවුන්ගේ පුහුණුවිම් කාලය තුළ ලද විශේෂ පුහුණුව විදහා දැක්විම සඳහා අවිරහිත සටන්, කඳවුරක් නැවත අත්පත් කර ගැනිම සහ ගොඩනැගිලි තුළ සිරවි සිටින පිරිස් මුදවා ගැනීමේ නිදර්ශන ක්‍රියාන්විතයන් සිදු කරන අයුරු පිළිබඳව ද ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් සංදර්ශනයක්ද , පැරෂුට් හා යතුරුපැදි සංදර්ශනයක්ද පැවැත්විණි.
ප්‍රධාන ආරාධිත ලෙස විශේෂ බළකා රෙජිමේන්තු නිර්මාතෘ වත්මන් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, ගුවන් හමුදා මාණ්ඩලික නිලධාරි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය, තී්රවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සෙසු නිලයන් සහ විසිර යන ගුවන් භටයින්ගේ පවුල්වල සාමාජිකයෝ එක්ව සිටියහ.
(36698)
(ඡායාරූප - ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය)
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගුවන් හමුදා විශේෂ බළකා රෙජිමේන්තුවේ 84 ක් විසිර යති
Nuwan Friday, 21 December 2018 06:40 AM
මගේ මාතෘභූමිය කොටියාගෙන් බේරාගත් රණවිරුවන්ට ජයවේවා!