IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගුරුකන්ද කෝවිල ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

රොමේෂ් මධුෂංඛ

 

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි කෝවිල වෙනුවෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව බලරහිත කරමින් අද (10) වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින්  එම තීන්දුව තාවකාලිකව අත්හිටුවන ලදී.

පසුගිය මැයි 6 වැනිදා මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා විසින් ලබා දුන් නියෝගය වූ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ පිහිටි නීරාවි පිල්ලයාර් කොවිලේ කිසියම් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට අවශ්‍යතාවයක් තිබෙන්නේ නම් එය රටේ පවත්නා නීතිරීති වලට අනුව සාමය කඩනොවන අයුරින් සිදු කරන ලෙසටත් යනුවෙනි.

පසුව අදාළ නියෝගය මගින් පන්සල් භූමියට දැඩි අසාධාරණයක් සිදු වන බවටත් පන්සල තුළ ඇත්තේ කෝවිලක් නොව දේවාලයක් පමණක් බැවින් ගුරුකන්ද විහාරයට සාධාරණයක් ඉල්ලා එම පාර්ශවය විසින් වවුනියාව මහාධිකරණයේ දී පෙත්සමක් ගොනු කරන ලදී.

ඒ අනුව අද (10) දිනයේ දී වවුනියාව මහාධිකරණයේදී නඩු අංක එච්.සී.වී. / ආර්.ඒ.වී./ 318/19 නඩුව විභාගයට ගත් වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා විසින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවමින් නියෝග කොට සිටියේ මහාධිකරණයේ නඩු තීන්දුව සම්පූර්ණයෙන්ම අවසන් වන තුරුම පන්සලේ හෝ කෝවිලේ කිසිදු පාර්ශවයකට කිසිදු අයුරකින් සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට නොහැකි බවටත් දැනට සංවර්ධනය කර ඇති තත්වයන් ඒ අයුරින්ම තැබිය යුතු වන අතර ඕනෑම පාර්ශවයක සිය ආගමික වතාවත්වල නිරත වීමට හැකි බවත්ය.

අනතුරුව නඩුව අගෝස්තු මස 26 වැනිදා දක්වා කල් දැමීමට ද වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා නියෝග කළේය.

අද දින මහාධිකරණයේ පැවති නඩු වාරය වෙනුවෙන් පළමු පාර්ශවයේ වගඋත්තරකාර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රෝහණ තල්පාවිල මහතා සහ එතුමන්ගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ, හරීන්ද්‍ර රාජපක්ෂ යන අයද දෙවැනි පාර්ශවයේ වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ ඇන්ටන් පුනිදනායගම් මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.



අදහස් (5)

ගුරුකන්ද කෝවිල ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

සේන Wednesday, 10 July 2019 12:01 PM

මේ තමයි ආක්‍රමණය...! සිංහල බෞද්ධයා ගිරයට අහුවෙලා වගේ. දෙපැත්තෙන්ම අන්තවාදී ආක්‍රමණ. ගැමුණු රජකෙනෙක් ඕනෑ අපට. නිවටයන් නම් එපා පාලනයට...

:       1       100

shan Wednesday, 10 July 2019 12:20 PM

ගුරුකන්ද විහාරයේ පවතින ගැටලුව සංස්කෘතික ඇමතිවරයා, බුද්ධසාසන ඇමතිවරයා සහ අගමැති, ජනපති යන අය විසින් නිරාකරණය කල යුතුයි.

:       0       0

Ariyathilaka Wednesday, 10 July 2019 12:32 PM

කතරගම මහ දේවාලය ලෙස අද හඳුන්වන්නේ එදා සොළීන් විසින් හින්දු කෝවිලක් බවට පත් කරන ලද ආසනඝරය බව කිව යුතුයි. දුටුගැමුණු ගැමුණු මහරජු විසින් එකී කතරගම දේවාලය සෑදුවේ යැයි මතයක් ඇත. එය ජනප්‍රවාදයක් මිස එය සනාථ කිරීමට වංශ කතා හෝ පුරාවිද්‍යා සාධක ආදී මූලාශ්‍ර කිසිවක් නැත. කතරගම බෝධි පරිශ්‍රයට ඇතුල් වන දොරටුවේ පොළොන්නරු යුගයට අයත් සඳකඩ පහනකි. දේවාලය ලෙස පවත්වන ගෘහය තුළද සඳකඩ පහනකි. මෙය ක්‍රිස්තුපූර්ව යුගයට අයත්ය. පුරාවිද්‍යාත්මක තහවුරු කළ කරුණ වන්නේ සඳකඩ පහන් බෞද්ධ විහාරාරාම වල හැර වෙනත් කිසිඳු ආගමික ස්ථාන වල සදකඩ පහන් නොපිහිටුවන වන බවය. පුදුමය නම් වත්මනෙහි විහාරස්ථානවල දේවාල කෝවිල් සාදාගෙන කරන්නේ බුදුරදුන්ගේ නිර්මල ශාසන ධර්මය යට කිරීමය. කල්යත්ම විහාරස්ථානවලද හින්දූන් අයිතිවාසිකම් කීමට ද බැරි නැත...

:       0       11

NuwanWednesday, 10 July 2019 01:57 PM

මහා පිරුවානා පොත්වහන්සේගේ එන නම්පොත හෙවත් විහාර අස්නේ ලියලා තියෙන්නේ එදා සිට අද දක්වා ලංකාවේ තියන සියලුම බෞද්ධ සිද්ධස්ථාන අද වෙනකොට සෑහෙන ප්‍රමාණයක් අන්‍යාගමිකයෝ කෝවිල් පල්ලි වලට හරවාගෙන, නැත්නම් එකල සුද්දෝ කඩලා කළුගල් අරන් රජයේ දෙපාර්තමේන්තු හදලා... කරුමය කියන්නේ ලංකාවේ බෞද්ධයෝ දන්නේ නැහැ. කියවලා නැහැ... නම්පොත

:       0       1

SirimalWednesday, 10 July 2019 01:58 PM

කඩොල් ඇතාගේ දළ යුගල අදද කතරගම වෙහෙරේ දැකගත හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 408 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 245 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 566 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 90 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 18 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 71 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site