IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ගමනාගමන සේවකයින්ට උසස්වීම් - වැටුප් වර්ධක ප‍්‍රදානය කිරීම වළකාලමින් අතුරු නියෝගයක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට උසස්වීම් හා වැටුප් වර්ධක ප‍්‍රදානය කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය අගෝස්තු 29 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

මෙම පෙත්සම් ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය, එම මණ්ඩලයේ සභාපතිවරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාර වෘත්තීය සමිතිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ  ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ඇතැම් සේවකයින්ට සම්මත පටිපාටියට පරිභාහිරව උසස්වීම් හා වැටුප් වර්ධක ලබා දීම හේතුවෙන් තම සංගමයට පමණක් නොව සෙසු සේවකයින්ට ද දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.

මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සම්මත පටිපාටියට පරිභාහිරව සිදුකෙරෙන උසස් කිරීම් හා වැටුප් වර්ධක ලබා දීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

 

 

 



අදහස් (1)

ගමනාගමන සේවකයින්ට උසස්වීම් - වැටුප් වර්ධක ප‍්‍රදානය කිරීම වළකාලමින් අතුරු නියෝගයක්

sampath Wednesday, 17 July 2019 12:36 PM

ලංගම බස් එකකින් යැපෙන්න සේවකයෝ 10ක් 12ක් ඉන්නවා. කරන සේවයකුත් නැහැ. ඇත්තටම පුද්ගලික බස් එක්ක තරගෙට දුවන එක විතරයි ප්‍රවාහන සේවයකින් රටක් බලාපොරොත්තුවෙන්නේ.. වගකීම, යුතුකම දෙපාර්ශවයෙන්ම ඉටුවෙන්නේ නැහැ. ලංගම වනසාගත්තෙත් වෘත්තිය සමිති සහ දේශපාලනය තොග පිටින් සේවකයෝ දැම්ම ඡන්ද වලට බස් දැම්ම තරගෙට බස් ගිනි තිබ්බා... හොඳට දුවන්න පුළුවන් බස්.. වෙන්දේසියේ දැම්ම බස් ගෙන්නවන අය පොහොසත් වුණු, මගියා මහපාරේ රස්තියාදු වුණු මගියා අතරමග ත්‍රීවීල් වලට සල්ලි පුදනවා ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 92 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 100 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 104 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 192 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 374 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 1122 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 268 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1617 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site