IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කෝටි 75ක මුදලක් වංචා කළ සණස සභාපතිවරයා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගම්පහ විගොඩ  සණස සමිතියේ ගනුදෙනුකරුවන්ගේ තැන්පත් මුදලින් රුපියල් කෝටි 75කට අධික මුදලක් වංචා කර එහි සභාපතිවරයා අද(19) ගම්පහ නිවාස සංකීර්ණයක රථගාලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර සභාපතිවරයා ගම්පහ සණස සමිතියේ ගනුදෙනුකරුවන් 5,000කට ආසන්න සංඛ්‍යාවකගේ මුදල් වංචා කර ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සමූපකාර කොමසාරිස්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

පොලිසිය මගහරිමින් සිටි සැඟවී සිටි සභාපතිවරයා, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයකු අද(19) ලබාදුන් තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පදවාගෙන පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත ගම්පහ පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන  තිබේ.



අදහස් (9)

කෝටි 75ක මුදලක් වංචා කළ සණස සභාපතිවරයා අත්අඩංගුවට

mara Friday, 19 April 2019 08:33 AM

පොලිසිය හොරු අල්ලනේ නිපොප ගෙන් උපදෙසක් ආවොත්ද ? අපේ කාලේ නම් ඔහොම නැහැ.

:       21       80

Hafeel Friday, 19 April 2019 09:40 AM

වංචා, දූෂණවලට සම්බන්ධ නිලධාරීන් අත්අඩංගුවට පත්වෙනවා. දඬුවම් ලැබනවා වගේ, වංචා දුෂණවලට සම්බන්ධ දේශපාලකයෝ තාම නිදැල්ලේ හෝ නිදොස්කොට නිදහස්... නැත්නං රු 1000ක දඩ මුදල්...

:       0       32

Nandana Friday, 19 April 2019 01:55 PM

මේ අයගේ පොටෝ දාන්නේ නැත්තේ ඇයි? මහජන මුදල් වංචා කරන අයට මරණ දඬුවම දෙන්න...

:       0       86

Chanak Los angeles Friday, 19 April 2019 05:12 PM

සාටක පව්ලේ කෙනෙක් වෙන්න ඇති එහෙනම්...

:       44       188

සනත් Friday, 19 April 2019 05:29 PM

සමූපකාරවල ස්ථිර මුල්‍ය විනයක් නැති නිසා තමයි මේ හොරකම් වෙන්නේ...

:       0       13

Dulani Friday, 19 April 2019 06:00 PM

සමීර මහතා හොරෙක් නෙමෙයි.. නිදහස් කරන්න.

:       271       125

kumarage Friday, 19 April 2019 06:18 PM

කෝටි 75න් කෝටියක් තිබුණා නම් පුතේ උඹව නිදහස් කරගන්න, අපේ පෙරකදෝරුවෝ විතරක් නෙවෙයි, නඩු කාරයොත් ඉස්සරහට එනවා... බය නැතුව ඉඳින්...

:       0       174

කමල් Saturday, 20 April 2019 10:20 AM

දුක් මහන්සියෙන් උපයා ගන්නා මුදල් සොරා කන තිරිසන්නු බිහි කිරීමට අනුබල දෙන මෙවන් මූල්‍ය ආයතනවලට රජය අනුබලදෙනවා. ගම්පහ සණස රෝහල් සදා රටට පරිත්‍යාග කළා. නමුත් මේ වනවිට ගම්පහ සනස හොරු විනාශ කරලා ඉවරයි. ලක්ශ ගණන් තැන්පතුකරුවන්ට මුදල් හෝ පොලිය ගෙවන්න නොහැකි වෙලා ඉන්නේ.. රටට මේවා හෙලිකරන්න පින්සිද්ධ වෙනවා. මෙම හොරුන් හිරේ ගියාට අපි සතුටු වෙලා පලක් තියෙනවද? මොවුන්ගේ හොරා කාපු මුදල් ආපසු අයකර මෙම අසරණ වූ පුද්ගලයන් වෙත සාධාරණව බෙදා දෙන්න...

:       8       76

බිනර Saturday, 20 April 2019 01:28 PM

මෙම ආයතන වාර්ෂිකව සමූපකාර කොමසාරිස්වරයා මගින් විගණනයට ලක්වෙනවා නේද? ඒ අවස්ථාවල ඒ දූෂණ හෙලිනොකරන ලද නිලධාරින්ටද දඬුවම් කළ යුතුයි. කෙසේවෙතත් දූෂිත නිලධාරින්ට හැකි ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අත්අඩංගුවට පත් තැනැත්තා වර්තමාන සමුපකාර කොමසාරිස්වරියට බැන වදිමින් පෝස්ට් දමා තිබුණා. ඇය නීතිය ක්‍රියාත්මක කිරීම වැරදිනම් සැක කරුවන්ට නීතිය ඉදිරියට ගොස් කෝටි 75ට මොකද වුනේ කියලා කියන්න පුලුවන්. ඒවා සමූපකාර කොමසාරිස් අරන් ගියේ නෑනේ.. සමුපකාර පනත මගින් පාලනය වන නිසා මේ වංචාවට රාජ්‍ය වගකිමක් තියෙනවා. නිකම්ම නිකන් මූල්‍ය ආයතනයක් නෙවේ මේක....

:       0       305

ඔබේ අදහස් එවන්න

දියත

සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 7 0

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 68 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 847 0

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


පාස්කු විවාදය ඇරැඹෙයි
2024 අප්‍රේල් මස 24 216 2

රජයන් සහ ජනාධිපතිවරුන් කිහිප දෙනෙක්ම පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ මන්දගාමීව සිදුකරමින් චෝදනා ලැබූ නිලධාරීන් ආරක්ෂක අංශවල ඉහළ පුටුවල තබා ගනිමින් සාධ


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 1836 1

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


ඉරාන ජනපතිට ආරක්ෂාව දෙන්න මාර්ග කිහිපයක් වසා දමයි
2024 අප්‍රේල් මස 24 813 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා සහ එම ආර්යාව ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලය කටුනායක සිට කොළඹ දක්වා ගමන් කෙරන පස්වරු 2.00 ත් 3.00 ත් අතර කාලයත් මෙරටින් පිටත්වන ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 291 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1655 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site