(නිමන්ති රණසිංහ)
රුපියල් 40,000,000 රේගු බදු වංචා කරමින් මෙරටට ආනයනය කරන ලද බීඩි කොළ තොගයේ සිද්ධියට අදාළව සහකාර රේගු අධිකාරිවරයකු සහ රේගු පරීක්ෂකවරයකු අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ශ්‍රී ලංකා රේගුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය හමුවේ අද (18) කරුණු වාර්තා කළේය.
මෙම විමර්ශනයට අදාළව ශි‍්‍ර ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන ඒකකය පැවැත්වූ පරීක්ෂණයකට පසු මෙම සහකාර රේගු අධිකාරිවරයා සහ රේගු පරීක්ෂකවරයා සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් රේගු පාලනාධිකාරිය මෙම තීරණය ගෙන ඇති බවටද අධිකරණයට කරුණු ඉදිරිපත් විණී.
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල
පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ
ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කෝටි 4 ක් වංචාවට රේගු නිලධාරීන් දෙදෙනා අනිවාර්ය නිවාඩු
de silva Monday, 18 February 2019 02:10 PM
අනිවාර්ය නිවාඩු යවලා විතරක් මදි අත්අඩංගුවට ගන්න, අත්අඩංගුවට ගන්නේ පොල්ගෙඩියක් දෙකක් හොරකම් කල මිනිස්සු පමණද ?
saman Monday, 18 February 2019 02:17 PM
අනිවාර්ය නිවාඩු යවල මදි, අත්අඩංගුවට අරගෙනත් මදි. සියලු වැරදි පිළිබඳව විමර්ශනය කරලා, පහුගිය කාලයේ උපයාගත් ආදායම් ගැනත් හොයල බලල උපරිම දඩුවම් දෙන්න. නැතුව මේ රට හදන්න බෑ.
Sunil milano Monday, 18 February 2019 02:36 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ පොල් ගෙඩි දෙකයි අඹ ගෙඩි දහයයි වටිනාකම කෝටි කියද?
RaveendraMonday, 18 February 2019 03:00 PM
මේ පොල් ගෙඩි දෙකයි අඹ ගෙඩි දහයයි සාදා නිමකර තිබුනේ කැරට් 24 රත්තරන් වලින් නිසා වටිනාකම තක්සේරු කිරීමට බැරිබව ඔබ නොදන්නේද? තව එම සෑම ගෙඩියක්ම කිලෝ 2 කටත් වඩා බරින් වැඩි "ලු".
පිටිගල මිලානෝ Monday, 18 February 2019 02:38 PM
අනිවාර්ය නිවාඩු? එතකොට වැලිකඩ තියෙන්නේ කෙසෙල් හොරුන්ටයි කුකුල් හොරුන්ටයි ලගින්නද? මේකයි මම කියන්නේ මේ අය අතරට පුහුණු කල හමුදා නිලධාරින් යොදවන්න කියලා? බලනකොට ලංකාවේ ලොකුම හොරු මේගොල්ලොනේ? අමතක කරන්න එපා ලංකාවේ ලොකුම අල්ලසට වග කිව්වෙත් මේගොල්ලෝ. කෝටි හතරත් ගානක්ද මේ අයට?
BamunuarachchiTuesday, 19 February 2019 01:11 AM
එහෙම කියන්න එපා ඔවුන් කලායයි කියන වැරැද්ද ඔප්පු වෙන්නත් ඕනේ නේද?
Bamunuarachchi Monday, 18 February 2019 04:35 PM
සෙනසුරාද 360 වැඩසටහනට පැමිණි හිටපු රේගු නිලදාරියෙක් නාගානන්ද මහතා කෙරෙන සොරකම් සහ ඒවා මැඩපවත්වා ගන්න හැකි ආකාර ගැන සැහෙන විස්තරයක් කළා. නමුත් ඒවා ක්‍රීයාත්මක වෙන්නේ නැහැ කව්රුත් හොරු නිසා.
කපිල Monday, 18 February 2019 04:56 PM
දැන් අර අවංක රේගු නිලදාරින් වෙනුවෙන් වර්ජනය කරපු කට්ටිය කෝ
lal Tuesday, 19 February 2019 01:19 AM
මේ දෙන්නාවත් ඊලඟ සැරේ පාර්ලිමේන්තුවට යවමු. සියලු සුදුසුකම් තියෙනවා..
saman kumara Tuesday, 19 February 2019 03:21 AM
රේගුවේ රැකියා හොයන බොහෝ පිරිස ඒවාට යාමේ හේතුව ඔය වගේ අරමුණු තමා...
isurandi Tuesday, 19 February 2019 06:25 AM
මේ රැකියාවේ යෙදෙන වැඩිපිරිසක් එක රැයින් කෝටිපතියෝ වෙන්න මේ වගේ මගඩි වැඩ කරනවා.
jayatissa Tuesday, 19 February 2019 07:07 AM
මමත් ඇඟලුම් කම්හලක වැඩ කලා. අපි දන්නවනේ උන්ගේ සෙල්ලම්. දැන් නම් පුස පෙටව් වගේ ඇති. මුන්ව උල තිබ්බත් මදි ..... හොර හැත්ත.
Pandith Tuesday, 19 February 2019 09:00 AM
රජයට ලැබෙන සමස්ත බදු අදායමෙන් කෝටි ගණන් මුදලක් මේ රේගු නිලධාරීන් හොර පාරෙන් සාක්කුවේ දමාගන්නව.මේ හොර සල්ලි වලින් මේ අයගේ ළමයි ඔක්කොම ඉගෙන ගන්නේ පිටරටවල් වල සහ මේ හැමෝටම පිටරටවල ගෙවල් පවා තියෙනවා.මේ කිසිම වත්කමක් මේ අයගේ නම් වලින් නැහැ. මේ රේගු නිලධාරීන්ගේ ගෙවල් වලට අදායම්බදු දෙපාර්තමේන්තුවෙන් පැනල සෝදිසි කලොත් ඔය ගොඩක් හොර සල්ලි අල්ලගන්න පුළුවන්.
SUMITH Wednesday, 20 February 2019 09:19 AM
මොනවා තිබුනත් මොකටද , දැන් එයාලගේ යසස කීර්තිය ඔක්කොම ඉවරනේ, ධර්මෙන් උපයන දෙයක් වෙතොත් තමන් ලග රැදේවි, නැත්නම් ඕව විනාසවෙලා යනවා .