IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

(ජයන්ත සමරකෝන් සහ රංජන් කස්තුරි)

කොරෝනා වෛරසය හේතුවෙන් කොළඹට පැමිණෙන සියලුම ජනතාවට මුඛ ආවරණයක් (මාස්ක්) පළඳින ලෙස ඉල්ලා සිටින බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.

කොළඹ නගරයේ පොදු ස්ථාන, හෝටල් සහ ආපනශාලාවලට ඇතුළු වීමේ දී මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත් හෝටල් කාර්ය මණ්ඩලය හා සේවකයන්ට මුඛ ආවරණ පළඳින ලෙසත් දන්වා සිටී.

කොළඹ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර  මහතා නිවේදනයක් නිකුත් කරමින් රෝගය වළක්වාගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සඳහන් කරයි.  එම නිවේදනයේ මෙසේද දැක්වේ.

නව කොරෝනා වෛරසය එක් පුද්ගලයකුගෙන් තවත් අයෙකුට පැතිරීමේ හැකියාව ඇත. චීනයෙන් වෙනත් රටවලට පැතිරුණු ආකාරයටම මෙම රෝගය ලංකාවටද පැතිරීමේ අවදානමක් ඇති බැවින් එවැන්නක් වළක්වාගැනීම සඳහා මජහන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ඇත.

ශ්‍රී ලංකාවට ඇතුළු වන තොටුපළවල ඒ සඳහා අවශ්‍ය පෙර සූදානම් ක්‍රියාත්මක කර ඇත. ඒ අතර:

  • ලංකාවට පැමිණෙන ගුවන් මගීන් මෙම රෝගය පිළිබඳව ගුවනේදීම දැනුවත් කරන අතර යමෙකුට රෝග ලක්ෂණ එනම්, අධික උණ, කැස්ස, සෙම් ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතාව තිබේ නම්, ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශයට වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දෙනු ලැබේ.
  • ගුවන් තොටුපළේ සෞඛ්‍ය අංශය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.
  • ලංකාවට පැමිණෙන මගීන් අතර උණ සහිත රෝගීන් සිටීදැයි නිරීක්ෂණය කිරීම සඳහා ස්කෑනර් යන්ත්‍ර ස්ථාපනය කර ඇත.
  • ස්වසන රෝග ලක්ෂණ සහිත මගියකු ගුවන් තොටුපළ සෞඛ්‍ය අංශයට වාර්තා වුවහොත් ඔවුන්ට නව කොරෝනා වෛරස රෝගය තිබේදැයි සැක කළ හැකිද යන්න පරීක්ෂා කරනු ඇත.
  • එවැනි අවධානමක් තිබේ නම් ඔවුන් රෝහල් ගතකර අවශ්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදෙනු ඇත.

ගත යුතු ක්‍රියාමාර්ග -

  • ජනාකීර්ණ තැන්වල ගැවසීමෙන් වළකින්න.
  • අත් නිතර සබන් යොදා සේදීම සහ ඇල්කොහොල් සහිත පිරිසිදු කාරක යොදා පිරිසිදු කරන්න.
  • කහින විට හෝ කිවිසුම් යනවිට අතේ වැළමිට ප්‍ර දේශය පාවිච්චි කර මුඛය හා නාසය ආවරණය කරගන්න. නැතිනම් ටිෂූ පාවිච්චි කර ඒවා ආරක්ෂිතව අපහරණය කරන්න.
  • උණ සහ කැස්ස සහිත අය සමීපව ආශ්‍රය කිරීමෙන් වළකින්න.
  • ඔබ නව කොරෝනා වෛරස් රෝගය සහිත පළාතක සිට පැමිණි පසු උණ සහ කැස්ස වැළඳේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.



අදහස් (39)

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

Harsha Sunday, 26 January 2020 05:00 AM

චීන්නු රෙද්ද අස්සේ දාගත්ත එකේ විපාක හම්බ වෙන්න යන්නේ...

:       109       188

BamunuarachchiSunday, 26 January 2020 02:27 PM

කොරෝනා වෛරසයේ බරපතලකම චීන ජනාධිපතිවරයා හෙලිකළ නමුත් සත්‍ය මැරුණු ගණන චීනය විසින් ලෝකයට හෙළි නොකරන බව ලෝකයේ ප්‍රබල විදේශ මාධ්‍ය හෙළි කරමින් සිටියි. රටේ සියලු ජනතාවට නිවෙස්වලට වී සිටීමට රජය නියෝග කර ඇත. මෙම කොරෝනා වෛරසය පැමිණි ආකාරය පිළිබඳව විවිධ මත පලවී තිබේ. චීනය කිසියම් නිසි පිළිතුරක් මේ පිළිබඳව ප්‍රකාශ කර නැත. නමුත් සැකය වී ඇත්තේ සතුන් මගින් මිනිසාට බෝවී ඇති බවකි. කිසිම රටක මෙතෙක් කොරෝනා වෛරසයට එන්නතක් සොයාගෙන නොමැත. නමුත් මෙය චීනය පමණක් නොව ලොව පුරා පැතිරී යාමේ අවධානමක් ඇති බව පැහැදිලිය. චීනා ලෝකයේ කොහේ සිටියත් නොකන ජාතියක් නොමැත. කිසියම් පිරිසක් විසින් ලංකාවේ පසුගියදා මරා දමනලද කොටින්ගේ දත් සහ නිය පොතු චීන ජතිකයින් විශාල මුදලකට ලබාගත්තේද කියා සැකයක්ද පවතී. එපමණක් නොව වර්තමානයේ කුඩු ජාවාරම්කරුවන් කුඩු මත්ද්‍රව්‍ය පිටරටින් ගෙනෙන්නේ නැත. තාක්ෂණය චීනයෙන් විශාල මුදලකට ලබාගෙන නිපදවන මැෂින් චීනයෙන් ගෙන්වා රට තුළදීම කුඩු මත්පෙති ජාවාරම ජයටම කරගෙන යාමට හැකියාව පවතී. ලෝකයේ දියුණු රටවල මෑතකදී ඔත්තු සේවා කරනලද පරීක්ෂණයකින් තහවුරු විය. මෙවැනිදේ ලංකාවේත් සිදුවනවාද කියා සැකයක් තිබේ.

:       172       342

BamunuarachchiSunday, 26 January 2020 08:03 PM

අර පසුගිය කාලේ දිනපතාම වර්ජනය කරමින් රටේ ලෙඩුන්ට වදයක්වූ රජයේ වෛද්‍ය සභාවේ මාධ්‍ය ඒකකයේ කණ්ඩායම නිශ්ශබ්දව ඉන්නේ මොකද?

:       0       11

නන්නාදුනන හාදයාSunday, 26 January 2020 02:43 PM

ප්‍රශ්නය මේකනේ මල්ලි.. දැන් අපේ රට භාගයක්ම චීනාට විකුණලානේ තියෙන්නේ... ඉතින් චීනාට අයිතියක් තියනවා කීවොත් ලංකාවට නිදහසේ එන්න. අපිට කියන්න තියෙන්නේ මොකක්ද..?

:       21       50

විනිවිද WASHINGTONSunday, 26 January 2020 05:29 PM

චීනාට අයිතියක් තියනවා කියනවානම් එහි වගකීමත් චීන්නුන්ට ඉඩම් දීපු කට්ටියට ගන්න වෙනවා. දැන් ලංකාවේ තාක්ෂණය ඉහළ දමන්න " G5" යොදා ගන්නා බව කියැවෙනවා. එවිට බලාගන්න පුළුවන් තාක්ෂනික වශයෙනුත් මුළුරටම චීනාට දුන්නා කියලා. චීනා තාක්ෂණය යොදාගෙන රටේ වැදගත්ම " THE MOST IMPORTANT DATA INFORMATION"දත්ත සම්පත හොරෙන් එළියට ඇදගත්තාම බැඳුම්කරය වගේ නොවන බව කිවයුතුමය. ලෝකයේ බලවත් දියුණුම රටවල් " G5" තාක්ෂනය නොගන්නා බවටත් සමහර රටවල් එම තාක්ෂනය දැනටත් අධ්‍යයනය කරමිනුත් සිටියි. චීනා අපට ණය දෙන්නේ ආදරයට නොවන බවටත්, රටේ දත්ත පද්ධතිය බාරව සිටින වර්තමාන පුද්ගලයින් මෙන්ම එහි වෙනසක් බලාපොරොත්තු වන රටේ නායකයන් කිසියම් වූ සොයාබැලීමකින් තොරව "G5" යොදාගත හොත් එය ඉතාම ඛේදජනකයි. හිතවත්කම් මත පුද්ගලයින් වගකිව යුතු තනතුරු සඳහා පත්කොට ඔවුන්ගේ තීරණ මත රටේ අනාගතය තීරණය කරන්නට ලක්ෂ 65ක් ජනතාව ඔවුන්ගේ සර්ව බලය ලබාදුන්නේ නැත. යමක් කිරීමට පෙර ලෝකයේ ප්‍රබල දියුණු තාක්ෂණ විශ්ලේෂණය කරන රටවල් සමග අවබෝධයකින් කටයුතුකර ඔවුන්ගේ උපදෙස්ද ලබා ගතයුතුයි. පනින්න පෙර සිතා බැලිය යුතු වේලාවක් පැමිණ ඇත...

:       11       63

kamaniSunday, 26 January 2020 05:51 PM

ඔව් ඔව් රාජපක්ෂලා අත දිගහැරලා මේ රට චීනාට වික්ක බව කවුරුත් දැනගත යුතුමයි. ඒක තමයි තිත්ත ඇත්ත. මිනිහට සමහර අය කියන්නේ ජාතියේ පියා කියලලු. හැබැයි නරක දවසක එයාට මේවා මැරෙන්න කලින් පල දෙනවා...!!!

:       97       212

සුමනාවතී Sunday, 26 January 2020 10:19 PM

හර්ෂ මේ බමුණෝ සහ විනිවිද හාදයෝ බම්බුවක් කතා කරනවා. රටේ ජාතික ආරක්ෂාව ගෝඨාභයගේ අංක එක එහෙම කියපු මිනිහා රටේ ජාතික ආරක්ෂාව බාල්දු වෙන වැඩ කරාවිද?

:       137       235

Nuwan Sunday, 26 January 2020 05:34 AM

චීන්නු කියන්නේ පුදුම වසංගතයක්.. මෙච්චර සෞඛ්‍යමත් ප්‍රෝටීන සහිත සෞඛ්‍යාරක්ෂිතව වෙළඳපලට එන මස්වර්ග තිබියදී අර ජරා වවුල් සුප් බීලා... (මේ සම්බන්ධ වීඩියෝව අන්තර්ජාලයෙන් බලාගත හැක) වසංගතයක් හදාගත්තා කොරෝනා කියලා, කලින් සාර්ස් එකත් චීනේ මස්කෑමෙන්.. දැන් ලෝකෙම මිනිස්සු විඳවනවා. ලෝක නායකයින් එකතු වී චීනෙට තහනමක් පනවන්න ඕනෑ. කුකුල්, හරක්, උෟරු වගේ දන්නා මස් පමණක් කන්න පිස්සු චීන්නුන්ට නියෝග කරන්න කියලා.

:       88       79

MaheshSunday, 26 January 2020 10:01 AM

අඩුවට බඩු මුට්ටු නිෂ්පාදනය වෙන්නේ ශ්‍රමය අඩු නිසා. ඒ රටවල කෑමබීම ඕනෑතරම් තියෙනවා වගේම මිල අඩුයි. ඒක නිසා ශ්‍රමයත් අඩුයි. අවශ්‍ය වන්නේ පිරිසිදුකම සහ මස්මාංශවල අලුත් බව...

:       1       17

de silva Sunday, 26 January 2020 05:44 AM

කරුණාකර චීන ජාතිකයින්ට තාවකාලිකව සංචාරක වීසා දීම නතර කරන්න.

:       4       174

harindra - matharaSunday, 26 January 2020 05:57 PM

චීන්නු කොහෙත්ම මෙහෙට අවශ්‍ය නැහැ. ඔවුන්ව වහාම රටෙන් එලවන්න ඕනෑ. අපේ අල්ලපු ගෙදර බල්ලා නැතිවෙලා හැමතැනම හෙව්වා. නමුත් සුමානෙකට පස්සේ අපි දැනගත්තා හයි වේ ඒක හදන චීන්නු වගයක් බල්ලට මොනවාද කන්නදීලා අල්ලගෙන ලොරියකට දාගත්තා කියලා.. අනේ හරි ලස්සන බූලා...

:       0       55

suranimalaSunday, 26 January 2020 11:07 PM

මමත් දන්නා චීන්නු වගයක් ඉන්නවා දකුණේ වැඩ බිමක.මේ චීන්නු හැන්දෑවට වැඩ ඉවරවෙන්නේ හවස 6.30 ට.ඊට පස්සේ ගමේ හැම තැනම කැලා වල ඇවිදලා හැන්දෑවේ 8-9 වෙනකොට මොකෙක් හරි අල්ලාගෙන තමයි එන්නේ උයන්න.සමහරදාට තලගොයෙක්, ගැරඩියෙක්,නයෙක් ..ඔය මොකෙක් හරි අල්ලාගෙන තමයි එන්නේ.ඌරු මියෝ අල්ලන්න දෙයියෝ.ඕවම කාලා තමයි මේ එක එක ලෙඩ හදාගන්නේ.

:       0       6

kamal Sunday, 26 January 2020 06:15 AM

ඒ කාලේ ආර්යාව මෝටර් සයිකල් හෙල්මට් ගෙන්නුවා වගේ තවත් ඉල්ලමක්...

:       4       29

පිටිගල මිලානෝ Sunday, 26 January 2020 07:11 AM

මේ ප්‍රචාරය පිටුපස කිනම් හෝ ව්‍යාපාරකයෙක් සිටිනවද? දොස්තර මහත්තයෝ කිනම් ප්‍රමිතියේ මුඛ වැසුම්ද පළඳින්න ඕනෑ? සමහර ඒවා අස්සෙන් වෛරස් වලට ඇතුල්වෙන්න පුළුවන්නේ...

:       69       180

suddaSunday, 26 January 2020 10:28 AM

මිලානෝ ඇත්තටම ඉන්නේ ඉතාලියේ නම් ඔහේ මොනවාද වෙන්නේ බලන්න. ඔයාලාගේ ලංගම ප්‍රංශයටත් ලෙඩේ ඇවිත්. අපි ඉන්න ඕස්ට්‍රේලියාවටත් ඇවිත්. මේක සෙල්ලමක් නෙවෙයි.. මිනිසුන්ව නොමග යවන්න එපා... තමුන්ගේ අවුල්කම නිසා. පොලිටික්ස් නටන්න පස්සේ පුළුවනි.

:       69       560

පිටිගල මිලානෝ Sunday, 26 January 2020 11:15 AM

අනේ මන්දා... ඉතාලියේ නම් මෙවැනි දේවල් කරන්නේ යම් ප්‍රමිතියකට යටත්වයි. ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ එවැනි තත්වයක් නැති එක ගැන කණගාටුයි. ඕස්ට්‍රේලියාවේ, ලංකාවේ අය ගොඩක් ඉන්න නිසා වෙන්න ඇති ලංකාවේ විදියටම වැඩ වෙන්නේ. මේ දිනවල ඉතාලියේ ආගමන, විගමනයට පෙර ‘හයිජින්’ චැනලයක් හරහා යායුතුයි. මෙහිදී හැම ගුවන් සහ නාවික මගියෙක්ගේම ගමන් ඉතිහාසය සොයාබලා අනාරක්ෂාකාරී ප්‍රදේශයකට ගොස් ඇත්නම් පර්යේෂණයකට ලක් කරනවා. ගුවන් ගමන් යාම හරිම කරදරයක් වෙලා. පැයකට වැඩිය චාටර් වෙන්න වෙනවා මේ පෝලිමේ...

:       114       124

බද්රානි Sunday, 26 January 2020 03:56 PM

පිටිගල ඔබ හරියටම හරි. ඉතාලියේ හෝ යුරෝපයේ වෛද්‍යවරුන්ව විශ්වාස කළාට, ලංකාවේ දොස්තරල‍ාව විශ්වාස කරන්න පුලුවන්ද? අනිවාර්යයෙන්ම මේ මුඛ ආවරණ ආනයනය ප්‍රමෝට් කරන්න දොස්තරලා සම්බන්ධයි. අනුන්ගේ විපතෙන් ඒ මාෆියා කල්ලියේ සාමාජිකයින්ගේ සාක්කු පිරෙන බව අමතක කරන්න එපා. අනික කොරෝනා වෛරසය වාතාශ්‍රය මගින් පැතිරෙන බවට තවම සාක්ෂි නැහැ. ඔබට මුඛ ආවරණයක් අවශ්‍යම නම්, ලේන්සුවකින් ඔබගේ නාසය හා මුඛය ආවරණය කර ගන්න. අනුන්ගේ වෙළඳ උපක්‍රමවලට ඔබ අප රැවටිය යුතු නැහැ.

:       114       614

ramanMonday, 27 January 2020 12:54 AM

බද්රානි ඔයා කවද්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්ක වුනේ. අපේ රටේ මිනිසුන්ට මේ වෙලාවේ මුඛ ආවරණ අවශ්‍ය නැහැ කියන්න. කරුණාකරලා ඔබලාගේ දේශපාලන මානසිකත්වය නිසා රටේ මිනිසුන්ව නොමග අරින්න එපා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ තත්වයේ බරපතල කම කියා තිබෙද්දී ඔබේ නොදන්නාකම සහ නොහැදියාව නිසා මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කිරීම නවත්වන්න. රාජපක්ෂලාට බනින්න ඕනනම් ඒක වෙන ඕන තැනක කරන්න අහිංසක මිනිසුන්ව නොමග අරින්නේ නැතුව. මේ රෝගය ඔබේ කියමන නිසා පතුරුනොත් ඔබ එහි වගකීම ගන්නවද.

:       1       53

Rohana Sunday, 26 January 2020 08:59 AM

පෙර සූදානම අප කාගේත් සෞක්‍ය තත්වය යහපත් ලෙස පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍යයි.

:       0       13

Su Sunday, 26 January 2020 09:56 AM

ඔය කියන විදිහට මුඛ ආවරණ ගන්න ලංකාවේ හැමතැනම පහසුකම් නැහැ. ඒ නිසා ප්‍රමිතියෙන් යුතු හොඳ මුඛ ආවරණ රජයෙන් සාධාරණ මුදලකට ජනතාවට මිලදී ගැනීමට රජයෙන් පහසුකම් සැපයිය යුතුයි.

:       20       157

nimalSunday, 26 January 2020 11:07 AM

ප්‍රමිතියෙන් යුතු හොඳ මුඛ ආවරණ රජයේ ඇමති කෙනෙක් ලවා ගෙන්වා බෙදාහරින්න. ඒ ගොල්ලන් විශ්වාසවන්ත කට්ටිය නිසා...

:       0       33

MadawalaSunday, 26 January 2020 02:14 PM

ඕවා ලබන ඡන්දෙදී ඒක මැතිවරණ පොරොන්දුවක් විදියට ඇතුළත් කරන්න. අපි වගබලා ගන්නවා.

:       0       18

HemanthaMonday, 27 January 2020 04:34 AM

ඔන්න ඡන්ද අපේක්ෂක මහතුන්ට සහ නෝනලාට හොද අවස්ථාවක්. ඔබේ පක්ෂයේ පාටින් ඔබේ නම මුද්‍රණය කර මුඛ ආවරණ ඡන්ද බල ප්‍රදේශය පුරා නොමිලේ බෙදාදෙන්න. ප්‍රචාරණය නිකම්ම සිදුවේවි.

:       0       11

Ruhunu Sunday, 26 January 2020 10:58 AM

සමහරවිට මුඛවාඩනුත් චීනාගෙන්ම ගේන්න වෙයිද දන්නේ නැහැ.

:       0       14

kamalMonday, 27 January 2020 12:37 AM

චීනාගෙ ඒවා හොඳ නැතිනම් අර හඳෙන් හාල් ගෙනත් දෙනවා කිව්ව අයට කියලා හඳෙන් ගෙන්න ගන්නත් පුළුවන්. හැමෝම මේක පිට රටින් ගේන්න කතා කරනවා මිසක් නිකම් අදහසක් වත් නැහැ මේක රටේ හදන්නේ පුලුවන්ද කියලා.. ගිය කලක හැටි.......

:       0       1

ranjith Sunday, 26 January 2020 11:35 AM

දැන්වත් මේ රටේ සම්පත්වලින් මේ රට දියුණු කරන්න උත්සාහ කරමු. මේ රටට විදේශිකයන් ගෙන්වා ගැනීම ගැන හිතන්න කාලය ඇවිත්... පිටරටවල අායෝජන වගේ නෙවෙයි, මේ වගේ ලෙඩරෝග ඇවිත් අපේ මිනිස්සු කීපදෙනෙක්ගේ ජීවිත නැති වුණත් එ්ක රටට ලොකු පාඩුවක්..

:       27       1

isurandi Sunday, 26 January 2020 12:12 PM

චීන්නු අස්සක් මුල්ලක් නෑර ලංකාවේ දැන් වැහිවැහැලා. මේ මිනිස්සු නවාතැන් දෙන ස්ථාන හොඳට පරීක්ෂා කර බලන්න. පසු විපරමට වැඩිය පෙර විපරම වටිනවනේ...

:       0       3

Chathuri Sunday, 26 January 2020 02:25 PM

මුඛ ආවරණ පැළඳුවා කියලා සේරම හරි කියලා හිතන්න එපා. රජය පුළුවන් ඉක්මනට මේ රෝගයට දෙන එක බෙහෙතක් ඇමරිකාව වැනි රටකින් ඇනවුම් කරන්න. දැන් මේ ලෙඩෙන් වවාගෙන කන්න. දේශපාලකයින් වගේ මහා පරිමාණ වෙළෙන්ඳන් දැනටමත් ලෑස්ති වෙනවා ඇති දුප්පත් ජනයාව විකුණමින්, ණයට මුදල් නොගෙන ආධාර නොගෙන හැකි ඉක්මණින් නියම බෙහෙත ගෙන්වන්න. රටේ නායකයින් දෙපල මේ බෙහෙත් ගැන හොයලා බැලුවාද? ලංකාවේ ඉන්න චීනුන් පිටමන් කරන්න. දැන් ලෑස්ති වුණත් එයින් ඵලක් වෙන්නේ නැහැ. ගුවන් යානා රටට ඇතුළුවීම සම්පූර්ණයෙන් තහනම් කරන්න. ආර්ථිකය අනිවාර්යයෙන් කඩා වැටෙනවා. නමුත් ජීවිත හානි සීඝ්‍රයෙන් වැඩිවෙයි. කූට වෙළෙන්දෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ලාංකික කිසිවකුටවත් චීනයට යාම තහනම් කරන්න. හැම කෙනාගේම ඇඟේ සුළුවෙන් හෝ රෝග විෂබීජ තියෙනවා. ඇමරිකාවේ ඉන්න මේ චීන රෝගීන් සුවෙන් ඉන්නවා. මෙහෙන් බෙහෙත් ඇනවුම් කරන්න. මුදල් එපා බෙහෙත් ඕන කියන්න. අපේ අයියලා කැමති පිනට දෙන මුදලට... නැව ගිලුණත් බෑන් චූන් නේ...

:       58       7

AdiriSunday, 26 January 2020 08:20 PM

අමෙරිකාවත් මොනවා හරි විකිනෙන්නේ නැති බේතක් මේක නිසා විකුණා ගන්න බලයි ?

:       3       0

suddaMonday, 27 January 2020 12:58 AM

මෙයට තවම වෙනම බෙහෙතක් සොයාගෙන නැහැ. මෙඩිකල් ටීම් තුනක් රෝගයට එන්නතක් සොයන බවයි තියෙන්නේ. ඒ නිසයි රෝග පැතිරීමේ අවදානම අඩු කිරිය යුත්තේ.

:       0       6

විජිත් Sunday, 26 January 2020 03:15 PM

චීනයට ගොස් මාසයක් එහි සිටින්නට ගුවන් ටිකට් පත් 300ක් පමණ තියෙනවා. හැබැයි ඒවා දෙන්නේ දියවන්නාවේ ඉන්න අපේ රටේ මිනිසුන්ගේ "ලේ" උරාබොන, අපේ රට චීනාට විකුණපු අය තමයි.

:       0       30

විකුම් රංගන Sunday, 26 January 2020 04:23 PM

ආයේ වැඩිපුර හිතන්න දෙයක් නැහැ. දොස්තරලා "කොරහේ කිඹුල්ලු පෙන්නලා" ඔවුන්ගේ ව්‍යාපාරය ආරම්භ කර හමාරයි. කැමති නම්, දේපොළ ටික උකස් කරලා බෙහෙත් කරගන්න බලපල්ලා.

:       0       55

රොෂාන් Sunday, 26 January 2020 05:26 PM

මුඛ ආවරණ චීනයෙන් ආනයනය කළ ඒවාද? රැල්ලට නොයා, අර බද්රානි මහත්මිය කියන ලෙස දේශීය ලේන්සු මුඛ ආවරණය පිළිපදින්න.

:       12       6

romeshSunday, 26 January 2020 10:24 PM

ලේන්සු මුඛ ආවරණයත් චීනයෙන් ආනයනය කළ ඒවාද?

:       0       1

Sanka Monday, 27 January 2020 01:32 AM

ලංකාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම, ප්‍රශ්නයකදී හිතන හැටි ගැන හොඳ අදහසක් උඩ තියන කමෙන්ට්ස් ටික බැලුවම හිතාගන්න පුළුවන්. අඩුම ගානේ මේ වයිරස් එක ගැන ජාත්‍යන්තර මාධ්‍ය කියන ඒවා ඇහුවානම් මෙහෙම ගොන් කතා කියන්නේ නෑ. වෛරස් වලට ලෝකේ කොහෙවත් බෙහෙත් නෑ. ප්‍රති වෛරස ඖෂධ තියනවා. වෛරස එක අපේ ඇඟට එන එක නවත්වන්න. වෛරස් ස්ට්‍රක්චර් එක ඇඟ ඇතුලේ වෙනස් කරගන්න හින්දා. එකට ඇන්ටි වෛරස් හැදෙන්න ඕනේ අපේ ඇඟ ඇතුලෙන්ම තමයි. මාස්ක් එකක් ගන්න කියන්නේ මේ වෛරස් එක වාතය මගින් පැතෙරෙන හින්දා. එ්කට හරියන මුඛ ආවරණයක් වෙන්ඩ ඕනෑ. නැතුව ලේන්සු වලින් වහගත්තා කියලා වැඩක් වෙන්නේ නෑ. මෝඩකතා කියලා මිනිස්සුන්ව නොමග යවන්න එපා කියලා උඩ ලියලා තියන හුඟ දෙනෙක්ගෙන් මම ඉල්ලනවා.

:       1       258

harry Monday, 27 January 2020 03:26 AM

මේකේ එයාර්පෝර්ට් එකේ, උණ හැදෙන්න කලින්, සැඟවිලා තියෙන කාලය ගණන් ගන්නේ නැහැනේ.

:       0       10

බද්රානි Monday, 27 January 2020 09:31 AM

සමහරක් මෙතන වලිගය පාගාගෙන උඩ පැන්නට මම ලියලා තිබෙන දේ පැහැදිලිවම කියවන්න. මම ලීවේ, මුහුණු ආවරණයක් පළඳිනවා නම්, ලේන්සුවක් වැනි රෙදි කඩකින් ඉලාස්ටික් පටි හතරක් යොදාගෙන එය පිළියෙළ කර ගත හැකියි. චීන්නුන්ගේ "කොරෝනා " වයිරස් නොමිලේ ගන්නවා මදිවාට, ලංකාවේ දොස්තරලා ප්‍රමෝට් කරන චීන්නුන්ගේ මුඛ ආවරණත් මිලදී ගන්න කියලද අපට කියන්නේ?කතාවෙන් නම් දේශීය නිෂ්පාදන අගයන, මහලොකු දේශ ප්‍රේමියෝ?

:       60       35

Citizen Tuesday, 28 January 2020 06:05 AM

දැන් චීනයෙන් ආනයනය කළ මුඛ ආවරණත් මිලදී ගන්න කියලා කියන්නේ. දැන්වත් මේ රටේ සම්පත්වලින් කරන්න උත්සාහ කරමු.

:       0       26

තිලා Wednesday, 29 January 2020 06:43 PM

ලෙඩේ පැත්තක දේශපාලනය කරළියට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 245 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 355 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 910 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 822 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 671 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 326 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1530 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site