( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කරමින් යුද්ධයේ දී පීඩාවට පත්වුවන් වෙනුවෙන් වගවීමේ ක්‍රියාවලිය අර්ථවත්ව ක්‍රියාවට නැංවිය යුතු බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජෙස්ටින් ටෘඩෝ මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරා පැවති යුද්ධය අවසන් කර එහි 10 වන සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙහිදී කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වසර 30කට ආසන්න කාලයක් පැවති යුද්ධයෙන් දහස් ගණනක් ජනතාව මියගිය අතර තවත් දහස් ගණනක් ජනතාව තුවාල ලබා ඇති බවයි.
පසුගිය දශකය පුරාවටම තමන් යුද්ධයෙන් පීඩාවට පත් බොහෝ දෙමළ කැනේඩියානුවන් මුණ ගැසී ඇති බව සඳහන් කරන කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඔවුන් දිගුකාලීන සාමය සහ සංහිදියාව අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබේ.
මෙහිදී ඔහු කැනඩා රජය වෙනුවෙන් ද්‍රවිඩ ජාතිකයින්ට සිය කණගාටුවද ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කැනේඩියානු අගමැතිට ශ්‍රී ලංකාව ගැන කැක්කුමක්
ජයන්ත මිලානෝ Monday, 20 May 2019 07:50 AM
අනේද කියන්නේ, ඔහේලට ඔච්චරම කැක්කුම දෙමළ මිනිසුන්ගේ ඡන්දෙත් ඔය රටේ ලැබෙනවනේ. අවුරුදු 30ක්ම රට කාබාසිනියා කලේ සිංහල මිනිසුන්ද? ඔහෙලට ඔච්චරම කැක්කුම ඇත්නම් ඔය රටේම ප්‍රාන්තයක් දුන්නා නම් අහවරයිනේ...
TDMonday, 20 May 2019 02:27 PM
යුද්ධයේදී පීඩාවට පත්වූවන් වෙනුවෙන් වගවීමේ ක්‍රියාවලිය අර්ථවත්ව ක්‍රියාවට නැංවිය යුතු බව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා කැනඩාවේ සිට කරනලද පළමු ප්‍රකාශය මෙය නොවේ. මිට පෙර කැනඩාවේ සිටි අනෙක් අගමැතිවරුද මේ සමානම ප්‍රකාශ කර ඇත. කැනඩාව ලංකාවේ "LTTE" ත්‍රස්ත සංවිධානය තහනම් කළා පමණක් නොව යුදසමයේ "LTTE" ත්‍රස්ත සංවිධානය වෙනුවෙන් පෙනීසිටි බොහෝ දෙනෙකු රටින් පිටුවහල් කළේය. එදා මෙන්ම අදත් කැනඩාව ලංකාවේ මිතුරකු පමණක් නොව ලංකාවට විවිධාකාරයෙන් උදව්කල උදව් කරන රටකි. ලෝකයේ ප්රජාතන්ත්රවාදී මෙන්ම පොහොසත්, බලවත් රටක අග්‍රාමාත්‍යවරයා වූ ජස්ටින් ටෘඩෝ මහතාත් දේශපාලනඥයෙක් බව අමතක නොකරන්න.
sunilMonday, 20 May 2019 04:18 PM
කැනඩාව යනු භුමියේ ප්‍රමාණයට අනුව ඉතා අඩු ජන ගණත්වයක් ඇති රටක්. රැකියා සපයන විශාල ව්‍යාපාර බොහොමයක් ඇමෙරිකානු, යුරෝපීය, ජපන් සම්භවයක් ඇති ව්‍යාපාරයි. රටේ ධනය විශාල ප්‍රමාණයක් ජනනය වන්නේ ඇමෙරිකාව සමග වෙළද ගනුදෙනු කිරීමෙනි. මෑතකදී ඩොනල්ඩ් ට්‍රම්ප් කැනේඩියානු ආනයන සඳහා බදු වැඩි කිරීමට ගිය අවස්ථාවේ, ජෙස්ටින් ටෘඩෝ ඔහුට බැගපත්වී ඒවා වලක්වා ගත්තේය. එබැවින් සත්‍ය තත්වය නම් ඇමෙරිකා එක්සත් ජනපදය නොමැති නම්, කැනඩාව නිකම්ම නිකම් භූමියක් පමණයි.
RaveendraMonday, 20 May 2019 05:57 PM
TD මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. කැනඩාව ලංකාවේ මිතුරකු බව සැබෑය. (අපගේ මතකය නිවැරදි නම් ඔවුන්ගේ පරිත්‍යාගයක් වන්න කටුනායක ගුවන්තොටුපොළ) . එහි අගමැති දෙමළ කැනේඩියානුවන් පමණක් මුණ ගැසී ඔවුන්ට පක්ෂපාති ලෙස හැසිරෙනවාද නැද්ද යන්න කිනම් බුද්ධි මට්ටමක කෙනෙකුට වුවද තේරුම් ගැනීමට එතරම් අපහසු නොවන්නේය. රටක නායකයෙක් ඒකපාක්ෂිකව තීරණ ගන්නේ නම් ඔහු හෝ ඇය ප්රජාතන්ත්රවාදය ඉහලින්ම ගරු කරන රටක නායකයෙක් වන්නේ කෙසේද ??? අවංකව සාධාරණව සිතීමෙන් මොහුගේ ක්‍රියා කලාපය සමස්ත ශ්‍රී ලාංකිකයන් කෙරෙහි දක්වා ඇත්තේ අසංවර සිතුවිල්ලක් නොවේද ??
Nuwan Monday, 20 May 2019 08:54 AM
මී හරක්ව රවටාගෙන වැඩ ගන්න ලේසියි... !!
prabha Monday, 20 May 2019 09:48 AM
ඒ හමුවෙන අය කියන්නැද්ද? එයාලට එපා වූ හමුදාව අාපහු ආරක්ෂාවට ඉල්ලනවා කියලා එහෙම...
පිටිගල මිලානෝ Monday, 20 May 2019 10:46 AM
ජාතිවාදියෙක්ද?...!
Sujeewa Monday, 20 May 2019 11:55 AM
කැනේඩියානු ලිබරල්වාදීන් මොන අවංක බලාපොරොත්තු තබාගෙනද මේ මිනිහව අගමැතිකමට ගෙනාවේ? ජනතාව හිතුවේ මොහු තවත් පියරේ කෙනෙක් කියා. නමුත් දැක්කා නේද මේ මිනිහා කොම්පැනි එක්ක ඩීල් දාලා මාස ගාණක් තිස්සේ කරන්නේ කැනඩාව පාලනය කරන එක නොවේ. ළඟදී පවත්වන මහා මැතිවරණයෙන් සුළු ඡන්ද වලින් ආයිමත් බලයට එන්නයි. මිනිහා තමයි - ලංකාවේ 2015 ජනවාරි 08 අපේ ගොයියන් අපිව රැවට්ටුවා වගේ...
menaka Monday, 20 May 2019 12:11 PM
ඡන්දය ලඟයි. මොහු මෙවර පරදියි.
chandima Monday, 20 May 2019 01:09 PM
අවුරුදු ගාණක් පොල්ගාපු අගමැතිගේ කාලේ ඔව්වා කියන්න මතක් වුනේ නැහැ. මිනිහට කෙළවෙන්න එනකොට තමයි මෙව්වා මතක් වෙන්නේ... මොනතරම් තල්ලුව දුන්නත් කොටළුවන් අස්සරේස් වලින් දිනපු රටක් තියෙනවද..?
රුවන් Monday, 20 May 2019 01:33 PM
මෙයාගේ ලිබරල්කම තේරෙයි... ISIS උන් කැනඩාවට කෙළවෙන්න ගැහුවම...
thilak Monday, 20 May 2019 02:04 PM
මේ මනුස්සයට තියෙන එකම හයිය එයාගේ තාත්තගේ නම විතරයි. හරියට අපේ රටේ බණ්ඩාරනායකලා, සේනානායකලා වගේ. මුළු කැනඩාවේම ලාංකික දෙමළ සම්භවයක් ඇති අය ඉන්නේ 150,000ක් පමණ වන අතර, එය මිලියන 37කට වැඩි මුළු ජනගහනයෙන් ඉතා කුඩා ප්‍රතිශතයක්... එවැනි සුළුජන කොට්ඨාශයකට මැතිවරණවලදී කළහැකි බලපෑම ඉතා අල්පයි.
Bamunuarachchi Monday, 20 May 2019 05:37 PM
ඔහෙට ඊළඟ ඉලෙක්ෂන් එකේදී දුවන්න වදිනවා කියලා ආරංචී.
Chanak los angeles Monday, 20 May 2019 09:47 PM
ඔය දිගුකාලීන සාමය ද්‍රවිඩ ජනයාට වඩා අනෙකුත් ජාතීන් යුද්ධය පවතින වකවානුවේ අයැද සිටියා නමුත් බෙදුම්වාදීන් හා ඔවුන්ට හිතවත් කම පාපු වුන් එයට හරස් වුනා . මට මතකයි බෙදුම්වාදීන් බලවත් වී සිටි අවස්තාවේදී එක්තරා සාම සාකච්චා මේසයේදී අතර මග බෙදුම්වාදීන් අනෙක් පාර්ශවයට තර්ජනය කරමින් නැගිට ගිය අකාරය ඔවුන් යන අවස්ථාවේදීත් නිමල් සිරිපාල ඔවුන්ට අතට අත දීමට ගිය විට බෙදුම්වාදීන් එයට පිළිකෙව් කරමින් හැසිරුණු අකාරය . මම අහන්නේ ඔවුන් දිගු කාලීන සාමය බලාපොරොත්තු වුනානම් මේවාට විරුද්ධව එදා ඔවුන් එලියට නාවේ ඇයි? කැනේඩියානු අගමැතිලා එදා එලියට නාවේ ඇයි ?කව්රුන් ළඟ හරි තිබෙනවානම් එදා කොටුවේ දුම්රියපොළේ තරුණ බේස්බෝල් ක්‍රීඩකයන් බෙදුම්වාදීන්ගේ බෝම්බයට බිලිවී ඔවුන්ගේ පව්ලේ පිරිස් තබපු අන්දොනාවේ වීඩියෝ එක කැනේඩියානු අගමැතිට යවන්න හැකිනම් සුදුහුණු ගාන එම බෙදුම්වාදීන්ට ඔහු සාපකරනු ඇත.
Gamini Tuesday, 21 May 2019 07:22 AM
මේ වෙලාවේ රට බේරා ගන්න පුළුවන් නායකයෝ සුළු දෙනයි ඉන්නේ. ගෝඨාභය, සරත් ෆොන්සේකා , පාටලී, සජිත්
kamani Wednesday, 22 May 2019 01:45 PM
ගාමිණි, ඔයාගේ මොලේ අවුල්ද ?
Bamunuarachchi Wednesday, 22 May 2019 03:31 PM
සජිත්? මොනවා බේරා ගන්නද? කබලෙන් ලිපට වැටෙන්න වගේ....
Bamunuarachchi Wednesday, 22 May 2019 03:32 PM
පාඨලී? මොන පාටද? එයා ඉගිලෙන කාලේ අපි එයාගේ පාට දැක්කා...
Bamunuarachchi Wednesday, 22 May 2019 03:35 PM
දිගු කාලීන සාමයට අත දුන්නා නම් තාම ප්රභාකරන් ජීවතුන් අතර...
Bandula Friday, 24 May 2019 02:19 AM
රවීද්‍ර ඔබ හරි දෙමළ කැනේඩියානුවන් පමණක් මුණ ගැසී ඔවුන්ට පක්ෂපාති ලෙස හැසිරෙනවාද නැද්ද යන්න කිනම් බුද්ධි මට්ටමක කෙනෙකුට වුවද තේරුම් ගැනීමට එතරම් අපහසු නොවන්නේය.