(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත් වන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
තමන් මෙම අවස්ථාවේදී වැඩි කාලයක් වැය කරන්නේ ප්‍රහාරවලින් විපතට පත් ජනතාවගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසිද්ධිය වෙනුවෙන් බැවින් තේරීම් කාරක සභාව වෙනුවෙන් කාලය වැය කිරීම ගැටලූවක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තේරීම් කාරක සභාවෙන් ඉවත්වුවත් එයට දිය යුතු අදහස් හා එහිදී නැගිය යුතු ප්‍රශ්න ලිඛිතව ඒ වෙත ලබාදීමට තමන් කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා කීවේය.
මෙම තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පත්කර ඇති අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රවී කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, කාවින්ද ජයවර්ධන, මහාචාර්ය ආශු මාරසිරංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් පත්කරනු ලැබ ඇත.
ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම තේරීම් කාරක සභාව වර්ජනය කිරීමට තීරණය කර ඇති අතර මෙහි විපක්ෂය නියෝජනය කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා පමණි.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කාවින්ද විශේෂ තේරීම්කාරක සභාවෙන් ඉවත් වෙයි
Amith Friday, 24 May 2019 06:37 AM
ඕකට බදියුදීන් දාන්න තිබ්බේ !!!
උදයFriday, 24 May 2019 08:33 AM
තව සාලි මහත්තයයි, හිස්බුල්ලයි දෙන්නවත් ගන්න තේරීම්කාරක සභාවට තේ අල්ලන්න.
max Friday, 24 May 2019 07:05 AM
අනේ මහත්තයෝ, ඔබතුමා එක තැනක පොහොට්ටුවට බනිනවා තේරීම් කාරක සභාවට එන්නේ නැහැ කියලා. දැන් ඔබතුමාත් ඒකෙන් කර අරිනවනේ. (දෙපැත්තම බේරා ගන්න එපැයි නේද)
සනෝජ් හලාවත Friday, 24 May 2019 09:24 AM
හරිම කැත වැඩක්... තමන්ගේ පක්ෂය තමන්ගේ ආණ්ඩුව පත්කරන තේරීම් කාරක සභාවෙන් මග අරින එක මුළු පාක්ෂික ජනතාවම පාවාදීමක්...