IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු නිලධාරීහු කෝප් කමිටුවෙන් සමාව ඉල්ලති

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

කෝප් කමිටුව හමුවට කැඳවූ දිනයේදී පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු එහි නිලධාරීහු කෝප් කමිටුවෙන් සමාව ඉල්ලුහ.

කෝප් කමිටු විමර්ශනයක් සඳහා ඉකුත් සැප්තැම්බර් 3 වැනිදා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ එයට නොපැමිණීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට එම කමිටුව කර තිබූ දැනුම් දීමකට අනුව අද (18) එහි පැමිණි නිලධාරීහු මෙලෙස සමාව ඉල්ලා සිටියහ.

ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, උප සභාපති රවීන් වික‍්‍රමරත්න, භාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල හා ප‍්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා යන මහත්වරු අද කෝප් කමිටුව හමුවට පැමිණ සිටියහ.

ක්‍රිකට් ආයතනය කැඳවූ දිනයේදී සභාපතිවරයා නොපැමිණි බැවින් විමර්ශනයට සහභාගී වූ නිලධාරීන් කමිටුවේ ප‍්‍රශ්න හමුවේ එකිනෙකාගේ මුහුණ බලා ගැනීම හැර වෙනත් දෙයක් නොකළ බව කෝප් කමිටු සාමාජික අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙහිදී පැවසීය.

ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා එහිදී පැවසුවේ ආසියානු ක්‍රිකට් කවුන්සිල රැස්වීමට සහභාගීවීම හේතුවෙන් කෝප් කමිටුව හමුවට එදින පැමිණීමට නොහැකි වූ බවයි.

එම දිනවල පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ තරඟ පැවති බැවින් තමාට සහභාගීවීමට නොහැකි වූ බව ප‍්‍රධාන පරිපාලන නිලධාරී අරුණ ද සිල්වා පැවසීය.

භාණ්ඩාගාරික ලලිත් රඹුක්වැල්ල මහතා වෛද්‍ය සහතිකයක් කමිටුවට ඉදිරිපත් කළේය.

කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා එම අවස්ථාවේ පැවසුවේ විමර්ශනයට සහභාගී වන ලෙසට ක්‍රිකට් ආයතනයට සිව් වතාවක් දින ලබාදුන් බවයි.

විමර්ශනයට පැමිණීමට නොහැකිවීම සම්බන්ධයෙන් ක්‍රිකට් නිලධාරීන් දැක්වූ කරුණු වගකීම් විරහිත බවත්, ඔවුන් ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන ආකාරය දුර්වල බවත් කෝප් කමිටු සාමාජිකයෝ මෙහිදී පැවසූහ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයට පසුගිය වසර හතර තුළ සහභාගී වූ අය කවුද එමගින් ලැබුණු ප‍්‍රතිලාභ මොනවාද යන්න ගැන වාර්තාවක් කමිටුවට ලබාදෙන ලෙස එම නිලධාරීන්ට කෝප් කමිටුව මෙහිදී දැනුම් දුන්නේය.



අදහස් (4)

ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු නිලධාරීහු කෝප් කමිටුවෙන් සමාව ඉල්ලති

මාවිල්මඩ වජිර හිමි Wednesday, 18 September 2019 06:18 PM

ඔබේ කාර්යභාරය විශිෂ්ඨයි, හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා. දැන් මේ රටට ඇති එකම බලාපොරොත්තුව ජවිපෙ විතරයි.

:       0       265

rim Thursday, 19 September 2019 05:24 AM

ඇත්තටම ඔබම කිව්වා වගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවත් ඔබ කරන්නාවූ සේවය පාර්ලිමේන්තුවේ කතාකිරීම වැනි දේවල් බලපුවාම ඇත්තටම ඔබ ගැන ආඩම්බරයි. එ්කට ඡන්දෙන් පත්වෙච්ච ගොනුන් ටික දිහා බලනකොට අපි ගැනම අපිට දුකක් ඇතිවෙනවා මොන කරුමයක්ද කියලා?

:       0       178

Mahee Thursday, 19 September 2019 07:37 AM

කෝප් කමිටුවක් තියෙනව කියල දැනුනෙත් හඳුන්නෙත්ති නිසා තමයි. ඔබේ වැඩ පිළිවෙල විශේෂයෙන්ම 20 වැනි සංශෝධනයේදී දැක්වූ දෙබිඩි රට වට්ටවන වැඩේ නිසා මං නම් ඉන්නේ ජ. ත. වී. පෙ ගැන කලකිරීමෙන්. කොහොම වුනත් බලතල කෝප් කමිටුවටදිය යුතුමයි.

:       0       1

Mahinda Thursday, 19 September 2019 09:11 AM

නායක කතා මොනවා වුණත් කෝප් එක ඕපන් කළ අපට...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 72 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 6 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 351 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3056 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 635 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1316 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site