IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කටුනායකට පැමිණි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට

(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේ දී කොරෝනා වෛරසය පිළිබඳ ආසාදිත තත්වයෙන් පසු වූ නිසා වැඩිදුර  ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යොමු කළ බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.

මොවුන් දෙදෙනා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට අද (26) සවස 3.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් යානයේ පැමිණි 47 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් ගුවන් යානයේ ගුවන් සේවිකාවක් අමතා තමාට සීතල ගතියක් දැනෙන බවත් හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතින බවත් දන්වා තිබේ.

ගුවන් සේවිකාව වහාම මේ බව ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත දැනුම් දීමෙන් පසුව ඔහු කටුනායක ගුවන් තොටුපළ පාලක මැදිරිය දැනුවත් කර ඇත.

ඒ අනුව මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මෙම ගුවන් මගී කාන්තාව භාර ගෙන ඇයගේ සිරුරේ උණ රෝගී තත්වය පරීක්ෂා කර බැලීමේදී එහි අගය ෆැරන්හයිට්  101° ක් බවට වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම ගුවන් මගී කාන්තාව වහාම විශේෂ ගිලන් රියකින් කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.

මෙම ගුවන් මගී කාන්තාව කටුනායක ගුවන් තොටුපළ සිට මැදපෙරදිග බලා යෑමට පැමිණි කාන්තාවකි.

එම ගුවන් යානයෙන්ම පැමිණි 37 හැවිරිදි පාකිස්තානු ජාතික ගුවන් මගියෙකු ද ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස්  උණ රෝගී තත්ත්වය මැන පරීක්ෂා කර  බැලීමේ දී  ඔහුට ද ෆැරන්හයිට් 102° ට උණ ඇති බවට වාර්තා වී තිබුණි.

එම ගුවන් මගියා ද සවස 4.15 ට පමණ විශේෂ ගිලන් රියකින් කොළඹ අයි.ඩී.එච්.උණ රෝහල වෙත යවා තිබේ.

 

 



අදහස් (0)

කටුනායකට පැමිණි සංක්‍රමණික ගුවන් මගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1113 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 222 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1219 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1237 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1475 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1343 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site