IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඕස්ට්‍රේලියාවෙන් ඇවිත් ශ්‍රී ලංකාවේ වෙරළ පිරිසිදු කරති

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ගල්කිස්ස මුහුදුතීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 360 පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
 
ඕස්ට්‍රේලියාවේ ඉගෙනුම ලැබූ ආදි විද්‍යාර්ථීහු, ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකා නිලධාරීහු, ග්‍රීන් මැප් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජිතයෝ සහ ධීවරයෝ පිරිසක්ද  මීට සහභාගී වූහ.
 
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙහි අභිවෘද්ධිය වෙනුවෙන් පිරිසිදු වෙරළ තීරයන් පැවතීම අතිශය වැදගත් බවත්, ගල්කිස්ස වෙරළතීරය පිරිසිදුකිරීම සතුටට කරුණක් බවත්, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජෝන් පිලිප් මහතා පැවසුවේය.



අදහස් (24)

ඕස්ට්‍රේලියාවෙන් ඇවිත් ශ්‍රී ලංකාවේ වෙරළ පිරිසිදු කරති

රජින්ද Monday, 25 March 2019 11:56 AM

පිටරට මහකොමසාරිස් කාර්යාලයක් මැදිහත්ව අපේ රටේ පරිසරය සුරැකීමට සිදුවීම ගැන ලංකාවේ මිනිස්සු, දේශපාලකයෝ සියලුම දෙනා මහත් ලැජ්ජාවටත්, කලකිරීමටත් පත්විය යුතුය. තමන්ගේ රටවත් තමන්ට පිරිසිදුව තබා ගැනීමට නොහැකි මිනිස්සු කවදා පිරිසිදු දේශපාලකයින් මේ රටේ බිහි කරාවිද?

:       27       531

ChandimaTuesday, 26 March 2019 04:40 AM

අපේ රටේ දෙසපාලුවන්ට ලැජ්ජාව කියල දෙයක් තියෙනවා කියල හිතනවද? එහෙම ලැජ්ජාවක් හිතෙන්න නම් යම් කිසි උගත් කමක් තියෙන්න ඕනි. මේ ගොඩක් දෙනාට ඒවා නැහැ. තමන්ගේ වාසිය විතරයි. ලැජ්ජාව ජනතාව වන අපිටයි. දැන් බලන්න අර පරිසරය වෙනුවෙන් කියල අපේ වාහන වලින් දුම් බද්දක් ගත්තට වායු ගෝල පරිසරයේ කාබන් ඉවත් කරන්න කිසිම වැඩ පිළිවෙලක් නැහැනේ. ඒ සල්ලි වෙන වෙන වැඩට ගන්නවා.

:       0       138

chandima Monday, 25 March 2019 12:53 PM

මෙව්වා කෙරෙන්න ඕන වැඩ. අපේ රටේ උගත්තු අරන් ගිහින් එහෙ වැඩ කරව ගන්නවට වන්දි විදියට මෙහෙම පැය කිහිපයක් ඡායාරුප වලට වැටෙන්නවත් සේවයක් කරපු එක ඉතාම හොඳ දෙයක්.

:       621       215

menna Monday, 25 March 2019 12:53 PM

වෙරල ලස්සන වෙලා, එත් මේ කුණු කොහෙටද දාන්නේ? මුහුදටද?

:       185       2

smn Monday, 25 March 2019 01:14 PM

කැන්ගරුවන් ලංකාවට කරපු අපහාසය හුඟාක් වටිනවා.

:       130       40

ධම්ම Monday, 25 March 2019 04:42 PM

අපේ අදාළ දෙපාර්තමේන්තු ඔවුන්ගේ රාජකාරිය හරියට කරන්නේ නැහැ කියලා නේද මේ කියන්නේ? මේවා ඉතින් සුද්දෝම පෙන්නලා දෙන්න ඕන අපේ මිනිසුන්ට.

:       9       244

Ajith Monday, 25 March 2019 04:55 PM

දෙහිවල -ගල්කිස්ස නගර සභාව නිදි, බදු විතරය, ඔස්ට්‍රේලියාව එන්න ඕන පිරිසුදු කරන්න.

:       1       250

rohana kumara mendis Monday, 25 March 2019 05:26 PM

අපේ අය මේ දවස්වල විල්පත්තු මුර කරනවා ඒකයි නැත්නම් එනවා සුද්ද කරන්න

:       62       242

ප්‍රීති Monday, 25 March 2019 08:30 PM

අපේ අය ඔස්ට්‍රේලියාවට ගිහින් එහෙ තියන කුණු සුද්ද කරන ඒවා ෆොටෝ ගහලා පෙන්වන්න තමයි කවුරුත් නැත්තේ? අපේ අය සුද්දන්ට කරන සේවයේ හැටියට සුද්දෝ අපිට ඔහොම කරලා මදි?

:       1       0

sarath perth Tuesday, 26 March 2019 01:56 AM

දෙහිවල ගල්කිස්ස නගරාදිපති මර නින්දේද? දැන්වත් අවදිවෙනවා හලෝ

:       2       56

Chathura Tuesday, 26 March 2019 03:30 AM

ඉහත කාර්යය ඉතා අගය කල යුතුය. රට තුළ සිටින මිනිසුන්ගේ ආකල්ප සංවර්ධනය වන තාක් කල් මුහුදු වෙරල පමණක් නොව කිසිදු දෙයක් රැක ගත නොහැක. තමන් ගැන පමණක් නොසිතා තමා මෙන්ම අනික් අය ගැනද සිතන්නේ නම් වෙරළ පමණක් නොව සියලුදේම ආරක්ෂා කරගත හැකිවනු ඇත.

:       0       46

චතුරංග Tuesday, 26 March 2019 03:54 AM

ලංකාවෙ මිනිස්සු තේරුම් නොගන්න කාරණයක් තමයි ලංකාව කොච්චර ලස්සන කොච්චර සුන්දර රටක්ද කියන එක. ඒ ස්වභාවික වටිනාකම ගැන කිසි හැගීමක් නෑ. පරිසරය කියන්නෙ තමන්ගෙ ජීවිතයේම කොටසක්. එය රැකබලා ගැනීම හැම කෙනාගෙම වගකීමක්. ලෝකෙ මිනිස්සු කොයිතරම්නම් දුක් විදිනවද මේ ස්වභාවික සම්පත් නැතිව.

:       0       0

abiya Tuesday, 26 March 2019 04:49 AM

පාර්ලිමේන්තුවේ ඉන්න මහාජන නියෝජිතයෝ 225 මේ වැඩේට ගන්න බැරිද?

:       0       2

MaheeTuesday, 26 March 2019 06:43 AM

පුළුවන්. කුණු එකතු කරලා කරත්තවලට පැටෙව්වහම ඒ කරත්තවලට බඳින්න කට්ටිය එපාය.

:       0       151

sarat Tuesday, 26 March 2019 05:55 AM

ආණ්ඩුවට උනන්දුව තියෙනවනම් ප්ලාස්ටික් බීම බෝතල් සම්පුර්ණයෙන් තහනම් කරන්න පුළුවන්.අර සශේ කියල පොඩි පැකට් තියෙන පාවිච්චියෙන් පාරටමයි විසික් කරලා දාන්නේ . ලංකාවේ ඉස්සර බීම බෝතල් තිබ්බේ වීදුරු වලින් ,ඇති වෙනකල් භාවිතා කළා. 2020 දී යුරෝපයේ සියලුම ප්ලාස්ටික් ඇසුරුම් තහනම් කිරීමට යෝජනා වී තියෙනවා.මිනිස්සුත් හිතන්නේ තමන්ගේ වත්තෙන් එලියට ප්ලාස්ටික් ටික ගිහින් දැම්මහම ඔක්කොම ඉවරයි කියල. දැනටමත් ලංකාවේ අපි බොන ජලය / පරිසරය අපිරිසිදු වෙලා තියෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් හින්ද විතරමයි !

:       32       35

kapila Tuesday, 26 March 2019 07:28 AM

අපේ ඔෆිස් එකෙන් හැම අවුරුද්දකම මුහුදු වෙරළ පිරිසිදු කරනවා....ඒ්ත් මෙහෙම ප්‍රසිද්ධිය දෙන්නේ නෑ..

:       0       0

Samathasena A . Aluthgamage. Tuesday, 26 March 2019 08:14 AM

ලැජ්ජාවක් වුනත්, ඕස්ට්‍රේලියානුවන් අප හට කියාදුන් පාඩම ඉතාමත්ම අගනේය. මහා ලොකුවට මන්ත්‍රීවරුන් පුරවාගෙන ඒ සභා මේ සභා තියෙනවා. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ රාජ්‍ය හා අනෙකුත් තැන් තියෙනවා. ඒත්, අවශ්‍යම දේවල් පේනවාද? නැහැ නේද? විදේශිකයන් කුණු කසල තැන තැන දමන්නේ නැත. ඒත්, අපේ බොහෝ මිනිසුන් කිසිදු චාරයක් නැතිව තැන තැන කුණු කසල දැමීමට පුරුදුව ඇත. දැන් හෝ මේවාට දඬුවම් දිය යුතුය. දඩ ගැසිය යුතුය. කෙසේ හෝ අපට හා අපේ වගකිවයුතු ඇත්තන්ට සත්‍ය වටහා දුන් විදේශිකයන්ට ස්තුති වේවා !!!

:       0       65

upasena Tuesday, 26 March 2019 09:01 AM

සුද්ධ පවිත්‍ර කිරීම අඩු කුලයේ මිනිසුන්ගේ වැඩක් කියල ලංකා සමාජයේ තිබෙන පටු ආකල්පය දුරු කරන්න මේවා හොඳ අදහස් ...

:       0       2

chinthaka perera Tuesday, 26 March 2019 10:09 AM

ඇයි මේ ලංකාවටම ඇවිත් කහලගොඩවල් සුද්ධ කරන්නේ..? පලයල්ලකෝ ඉන්දියාවට. ලංකාවේ වගේ සියගුණයක් කිලුටුයි. ඇයි උඹලට ඒවා පේන්නේ නැත්තේ..? ඉන්දියාවේ නායකයෝ ලංකාවේ අපි වගේ හැම එකාටම මගුල් නටන්න එන්න දෙන්නේ නෑ. අපේ ඉන්න මෝඩ පරගැති පාලකයෝ ඕනේ එකෙකුට අපේ රටේ දේවල්වලට ඇඟිලි ගහන්න ඉඩ දීලා උන් මහජන සල්ලි හොරකමේ යනවා. මෙහෙම පිටරටින් ඇවිත් සුද්ද කළාට රටක් දියුණු වෙන්නේ නෑ. අපේ මෝඩයින්ට එ්ක තේරෙන්නේ නෑ. කහල ගොඩවල් අපේ මිනිස්සුම සුද්ධ කරන්න ඕනේ නම් එකට නීතියක් දාලා, කහල එකතු කරන භාජන තියලා, ඒවා එකතු කරන්න ක්‍රමයක් හදලා, ප්‍රතිචක්‍රීය කරන්න ෆැක්ටරි හදලා, ක්‍රමයක් නිර්මාණය කරන්න ඕනේ. මේ පෝර උරයකට කහල එකතු කළා කියලා කොහොම ඉවර කරන්නද?

:       0       1

dias Tuesday, 26 March 2019 10:44 AM

මේකට කාටවත් බැනල වැඩක් නැහැ. බොහෝ ලාංකිකයින් පුරුදුවී ඇත්තේ තමන්ගේ කුණු අපිලිවෙලින් තමන්ගේ පරිසරයට විසිකර දැමීමටයි. එබැවින් කල යුත්තේ අනුන්ට ඇඟිල්ල දික් කිරීමට පෙර, තමන් හැදී සිටීමයි.

:       0       0

bandula Tuesday, 26 March 2019 10:53 AM

ලංකාවේ කව්රුත් කැමති සුට් ගහගෙන පුටු උඩට වෙලා ඉන්න. ගර්ම කලාපිය රටක් වන ලංකාවේ තරම් කරපටි (neck Tie ) භාවිතා කරන අය මුළු ඔස්ට්‍රලිවෙවත් නැහැ. ආයතන ප්‍රධානියා පවා ටයි දාන්නේ උත්සව වල පමණි.

:       0       0

පුෂ්පකුමාර Tuesday, 26 March 2019 08:48 PM

අපේ එවුන්ට සුද්දෙක් කරන දේ ලොකුවට පෙනුනට, ඕස්ට්‍රේලියානුවන් පැවත එන්නේ, එංගලන්ත සිරකරුවන්ගෙන් ගෙන් බව අපේ රටේ බොහෝ දෙනා නොදන්නවා ඇති. කුමන වේශයෙන් උජාරුව පෑවත් එංගලන්තේ හිරකාරයින්ටත් අන්ත ජාතියක් බව දැන්වත්, අප පිළිගත යුතු වෙනවා.

:       0       1

නීල් පෙරේරා Wednesday, 27 March 2019 06:18 AM

චන්දිමගේ අදහස හරිම වටිනවා, අපේ රටේ මීහරක් සහ බූරුවන් නිසා රට හදන්නට බැරිබව තේරුම්ගැනීමට.

:       0       24

Deepal Wednesday, 27 March 2019 07:03 PM

නීතිගරුක පුරවැසියන් නැතිවීම, හීනමානය, ආකල්පමය අඩුව, බුද්ධිමත්භාවයේ අඩුව, අපිරිසිදුකම තමා ඔක්කොටම හේතුව

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 14 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 84 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 420 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 14 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 167 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 158 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site