(තිළිණි ද සිල්වා )
ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම හෙවත් එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණයක් ගෙන ඇති බව නීතිපතිවරයා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
එසේම මෙම ගිවිසුමට අත්සන තැබීම සම්බන්ධයෙන් ද රජය අවසන් තීන්දුවක් ගෙන නැතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව දැනුම් දුන්නේ ඇමෙරිකාවේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය මගින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක මුදලක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය ලබා දීමේ ගිවිසුම අත්සන් කිරීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන උල්ලංඝණය වන බව ප‍්‍රකාශ කරන ලෙසද , එම ගිවිසුම ක‍්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (13) සළකා බලමිනි.
මෙම පෙත්සම් බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු, එස්.තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.
එම කරුණු දැක්වීම පිළිගත පංච පුද්ගල විනිසුරු මඬුල්ල පෙත්සම් සළකා බැලීම ලබන මාර්තු 25 වැනිදා තෙක් කල් තබන ලදී.
අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, නීතීඥ දර්ශන වේරදූවගේ මහත්වරුන් වෙන වෙනම ගොනු කරනු ලැබූ මෙම පෙත්සම් හි වගඋත්තරකරුවන් ලෙස නීතිපති, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා,අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
එම්සීසී ගිවිසුම ගැන යළි සමාලෝචනයක් කරන්න රජය තීරණය කරයි
Deepal Nirosh Friday, 13 December 2019 06:22 AM
අත්සන් නො කරන ගිවිසුමක් ගැන මොකට ද සමාලෝචනයක්? බළලා මල්ලෙන් ඒළියට පැන්න ද?
sharm warn Friday, 13 December 2019 06:30 AM
සමාලෝචනය කරන්න ... අධ්‍යයනය කරන්න ... හැබැයි රට විනාශ කරන තීන්දුවකට එන්න එපා. කොළ පාටින් වෙන්න ගිය සහාසික අපරාධය කුරක්කන් පාටින් වෙන්න දෙන්න එපා එච්චරයි. මොකද මේ රටේ ඉන්නේ බහුතරය ලංකාවේ පුරවැසිකම විතරක් තියෙන අය ...අපි ද්විත්ව පුරවැසියෝ නෙමෙයි .
Praba Friday, 13 December 2019 07:37 AM
ඩොක්ටර් පාදෙණිය මහත්තයෝ... මේ මොකක්ද මේ වෙන්න යන්නේ..
ටොමී Friday, 13 December 2019 11:18 AM
මේ ගිවිසුමේ තිබෙන යහපත් දේවල් යූ.එන්.පී , ජේ.වී.පී. සගයින් කවද්ද තේරුම්ගන්නේ...?
siriFriday, 13 December 2019 01:23 PM
ඒ වගේම අර දොස්තර සංගම් වල අය, උපකාරක පන්ති පවත්වන අය, සමහර නායක ස්වාමීන් වහන්සේලා මේ ගිවිසුමේ තියෙන යහපත් දේවල් දැන් නම් ඕනෑවටත් වැඩිය තේරුම් අරගෙන වගෙයි පෙනෙන්නේ.... ඡන්දෙට ඉස්සර වෙලා දඟලපු දැඟලිල්ල දැන් කොහේ ගිහිල්ලද කියලා පෙනෙන්න නැහැ.
siri Friday, 13 December 2019 11:29 AM
අර සිතියමක් ඇඳගෙන දස අතේ මොර දුන්නු අමතර පන්ති ගුරුවරු, දොස්තරවරු වගේම ස්වාමීන් වහන්සේලා එහෙම දැන් මොනවා කියයිද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ...
Nimal ... Friday, 13 December 2019 12:53 PM
අන්තිමට වෙන්නේ මොනවත් නෙමෙයි කබරගොයා තලගොයා වෙන එකයි. අර අරගොල්ලෝ වල්ගේ කොහේදෝ ගහගෙන ඉඳීවි. ජනතාවට උඩබලාගෙන ඉන්නවෙයි.
Champa Friday, 13 December 2019 12:57 PM
මිනිස්සු ඡන්දෙ දුන්නේ MCC ගිවිසුම සමාලෝචනය කරන්න නෙමෙයි. එකහෙලා ප්‍රතික්ෂේප කරන්න. මම දන්නා විදිහට තාම MCC ආයතනය මේ ආණ්ඩුවත් එක්ක ඔය ගිවිසුම අත්සන් කරනවා කියලා නැහැ. ඔය දැන් කතා කරන්නේ රනිල්ගේ වහල් ආණ්ඩුව අත්සන් කරන්න හදපු මුළු රටම විරුද්ධ වුණු MCC ගිවිසුම ගැන. මේ සමාලෝචනය කරන්න හදන්නේ රටම විරුද්ධ වුණු කාරණයක්. මේක තනිකරම මහජන මතය නොසලකා හැරීමක්. වහල් ආණ්ඩුව අත්සන් කරන්න ගිය ගිවිසුම ගැන කතා කිරීමම ද්‍රෝහීකමක්...
රවින් වීරසිංහ Friday, 13 December 2019 03:25 PM
ඔබ විහිළු සපයන්නියක් කියලයි අපිට හිතෙන්නේ... රනිල්ගේ වහල් ආණ්ඩුවක් තිබුනේ නැහැ. වහල්ලු, ගෝත්‍රිකයන් තමයි අලුතෙන් පත්වුණු ආණ්ඩුව පත්කරගත්තේ... ගෝත්‍රිකයින් දන්නේ නැහැ MCC කියන්නේ මොකක්ද කියලා. ඔවුන්ට සිල් රෙදි කෑල්ලක්, ටකරමක්, අරක්කු ටිකක් දුන්නාම ඡන්දෙ විකුණනවා. MCC බිල්ලා මවපු ගම්මන්පිලලා දැන් මොනවද කියන්නේ..? වීරවංශ කතා නැහැ. වාසු යනවා කියනවා. යන එකයි ඇත්තේ කියලා මහින්ද කියනවා. එහෙම කියන ගමන් ඔය ගිවිසුම අත්සන් කරලා ඒ අයට දෙන කොමිස් එක සාක්කුවට දමාගන්නවා. රටට හෙන ගැහුවත් මේ හොරුන්ට ප්‍රශ්නයක් නැහැ. යුද්ධය කාලේ හොරකම් කරපු කොටින්ගේ සල්ලියි, රත්තරනුයි ඇතිවෙන්න හංගාගෙන ඉන්නේ...
rathnasiriFriday, 13 December 2019 09:51 PM
චම්පා, අපිට තේරෙන්නේ නැහැ ඔබ අදහස් කරන වහල් ආණ්ඩුව මොකක්ද කියලා.ඡන්දෙ කාලේ ඉඳලාම වහල්ලු , ගෝත්‍රිකයින් ලෙස හැඳින්නුවේ මේ අලුත් රජයට ඡන්දෙ දාපු අය.එසේ හැඳින්වීමත් නරක නැහැ..මොකද මේ රජය දැනට අවුරුදු 5 කට කලින් කළ දුෂණ වංචා ගැන ඒ තැනැත්තන්ට කිසිම හැඟීමක් තිබුනේ නැහැ.ඒ මානසිකත්වය තෙබෙන්නේ සම්ප්‍රදායික ගෝත්‍රිකයින්ට පමණයි.තවමත් මේ සමාජයේ නොසැහෙන්න ගෝත්‍රිකයින් සිටින බව උගත් බුද්ධිමත් අය දන්නවා.රනිල්ගේ ආණ්ඩුවට වහල් ආණ්ඩුව කියන්නේ ඔබම පමණයි.ඒ කියන්නේ ඔබ සම්ප්‍රදායික ගෝත්‍රික ගැහැනියක් බව ඔබ නොකියා කියනවා.ඔබට මහින්දගෙන් වැසිකිලි පෝච්චියක් ලැබුනාද..?බලාගෙන ඒක මුණ හෝදන්න ගන්න එපා.ඒක වෙන තැනක් හෝදන එකක්.ඔබ අනුන්ගේ දේවල් වලට කට දාන්න එපා.ගෙදරටවෙලා හාල් මැස්සෝ ටිකක් තෙල් දාලා හවසට කසිප්පු බීගෙන එන මිනිහාට බයිට් එකක් හදලා දෙන්න.එතකොට එයා ඔයාව බයිට් එකට ගන්නේ නැහැ.එහෙම නැතිවුනොත් ඉතින් ඊයේ වගේම හෙටත් හැන්දෑවට මිනිහාගෙන් බැස්ටිය හම්බවේවි මදි නොකියන්නම.
Don Friday, 13 December 2019 01:51 PM
ජනාධිපතිවරණයට කලින් දැක්ක යකා දැන් වැඩිය කළු නැද්ද? අර උපවාස කරපු චණ්ඩියා දැන් මොකද කියන්නේ?
sudeshFriday, 13 December 2019 04:12 PM
ඔක්කොම වහල්ලු ... පෙරලුන පිට හොඳයි කියන ගෝත්‍රිකයින් ඉන්න රටක් මේක.
kanchana de silvaFriday, 13 December 2019 09:52 PM
ගෝත්‍රිකයින් කියන්නේ අමුම අමු මෝල්ලු.බයියෝ.
Mahee Friday, 13 December 2019 02:24 PM
එක්තරා විකට ටෙලි නාට්‍යයක ගැහැණියක් යාලුවෙකුට කියනවා "මං මේ වැඩේට මගේ මිනිහව මරනවා' කියලා, යාළුවා කියනවා "එහෙම කරන්න එපා, එයා කියන දේටත් කන් දීපන්..." කියලා, අර ගැහැණු එක්කෙනා කියනවා, "හොඳයි, උඹ කියනවා නම් මං කන්දෙන්නම්... කන්දීලා ඉවරවෙලා එයාව මරනවා" කියලා. ඒ වගේ මේ ගිවිසුමටත් කරන්න ඕනෑදේ තීරණය වෙලා ඉවරයි. ඒ වුණාට මිනිස්සු කෑගහන හින්දා සමාලෝචනය කරලා ඉවරවෙලාම අත්සන් කරනවා...