IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එම්.සී.සී. ගිවිසුම වළක්වන්න’යි ඉල්ලූ පෙත්සම් සලකා බැලීම ජනවාරි 31 දා

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
ඇමරිකානු එක්සත් ජනපදය සමඟ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්  ගිවිසුම වළක්වාලන  නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා  ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන සලකා බැලීමට  ලබන ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද(13) නියම කළේය.

මෙම පෙත්සම් අද(13) බුවනෙක අලුවිහාරේ, එල්.ටී. බී.දෙහිදෙනිය, එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවිණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක  සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකාර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මෙම නඩුවට අදාළ නොතීසි  ලැබී නොමැති බවය. ඒ අනුව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටියාය.

එහිදී පෙත්සම් ඉදිරිපත් කළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය හදිසි කටයුත්තක් සේ සලකා විභාගයට ගත යුතු පෙත්සමක් බව පෙන්වා දුන්නේය. රජය අත්සන් කිරීමට යෝජිත ගිවිසුම් මගින් මෙරට ජාතික ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන අතිශය සංවේදී ගිවිසුම් බවද ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා මහතා කීය.

එලෙස පැමිණෙන ඇමරිකානු හමුදාවන් මෙරට හෝ ජාත්‍යන්තර කිසිදු නීතියකට යටත් නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙරට ඉඩම් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ බලය ඇමරිකාවට හිමිවන බවද පෙන්වා දුන්නේය.

සියලු කරුණු සලකා බැලු  පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 31 වනදා සිදු කරන බවත් වගඋත්තරකරුවන්ට අවශ්‍ය කරනු ලබන ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුමඬුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට  දැනුම් දුන්නේය. අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ යන පාර්ශව විසින් පෙත්සම් ගොනු කර තිබූණි.

පෙත්සම්කරුවන් කියාසිටින්නේ  මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්  වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු රජය සමග හමුදාවන් ස්ථානගත කිරීමේ ගිවිසුම, අත්පත් කර ගැනීම හා අන්තර් සේවා සැපයීමේ ගිවිසුම සහ සහස්‍ර අභියෝග සංස්ථා සංයුක්ත ගිවිසුම යන ගිවිසුම් කීපයකට එළැඹීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බවට ඉකුත් 30වන දා පළ වූ මාධ්‍ය වාර්තා වලින් දැන ගත් බවයි.

පාර්ලිමේන්තුවේ සහ මහජනතාවගෙන් කිසිදු අනුමැතියකින් තොරව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුම තුළින් රටේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට බරපතළ අගතියක්  සිදුවිය හැකි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව කියා සිටියි.

එබැවින් මෙම ගිවිසුම් මාලාවට එළඹීමට රජය විසින් ගෙන ඇති තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ගිවිසුම් වලට අත්සන් තැබීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන සහ  මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.



අදහස් (6)

එම්.සී.සී. ගිවිසුම වළක්වන්න’යි ඉල්ලූ පෙත්සම් සලකා බැලීම ජනවාරි 31 දා

de silva Wednesday, 13 November 2019 07:24 AM

ඔය ගිවිසුමෙන් වැඩක් නැහැ. මේකෙන් වෙන්නේ කොමිස් ගහන දේශපාලකයා පොහොසත් වෙන එක සහ අන්තිමට රටේ තිබෙන ඉඩම් කොටසක අයිතිය අපට අහිමි වෙන එක පමණි.

:       34       152

asanka Wednesday, 13 November 2019 07:44 AM

අන්න හොඳයි ...

:       0       38

සෙනෙවිරත්න Wednesday, 13 November 2019 08:50 AM

ඇමෙරිකන්කාරය පුදුම වෙයි. අපේ නඩු අහන ඉක්මන දැකලා, ජනවාරි 31දාට ඕක කල්යයි ජුනි 30ට, ඇමරිකන් කාරයා එපාවෙලා වැඩේ අත්හරීවි. වැඩේ ගොඩයි. අපිත් දිනුම් ඇමරිකන් කාරයත් දිනුම්...

:       95       98

KANDEPOLA Wednesday, 13 November 2019 09:15 AM

ඇයි අප්පා මෙච්චර ළඟ දිනයක් දැම්මේ? ගිවිසුම අත්සන් කරලම පස්සේ හෙමිහිට පෙත්සම සලකා බැලුවනම් ඉවරයිනේ.

:       1       11

පි. ගමනායක Wednesday, 13 November 2019 09:19 AM

වෛද්‍ය නිලධාරි සංගමයට අන්තර්ජාතික ගිවිසුම් ගැන උසාවි යන එකට වැඩිය ගමේ රෝහල්වල ප්‍රශ්න හොයල බලන්න පුළුවන්. මේක ගොටාභය සතුටු කරන්න පාදෙණිය කරන නාට්‍යයක්.

:       158       93

බද්රානි Wednesday, 13 November 2019 09:41 AM

ජනාධිපතිවරණයෙන් කුමන අපේක්ෂකයෙක් ජයග්‍රහණය කළත්, මේ MCC ගිවිසුම අත්සන් කොට ක්‍රියාත්මක කරනවා. දේශපාලකයින්ට ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් මෝඩ ජනතාව රැවැට්ටුවාට.. මෝඩ ජනතාවට බුද්ධිමත් දේශපාලකයින්ව නවත්වන්න බැහැ. ඔය කවුරුත් අවසානයේ කියන්නේ" අහිතකර වගන්ති ඉවත්කොට අප මේ ගිවිසුම අත්සන් කිරීමට තීරණය කළා" එලෙස දේශප්‍රේමී, පාලකයින් පැවසූවිට, හුරේ දමන මෝඩ ජනතාවට නුදුරු අනාගතයේදී ඔබට සියැසින්ම දැකබලා ගත හැකිවේවි... ඊට එහා වෙන මොනවා කියන්නද?

:       28       4

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 54 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 251 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 556 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 988 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 696 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1547 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site