IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරු 97 ක් සජිත්ව යෝජනා කරති

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ පෙරමුණේ අපේක්ෂකයා ලෙස පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළයුතුයැයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 97 දෙනෙක් අද (20) ඒකමතිකව යෝජනා කළ බව අජිත් පී. පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමඟ පැවති මෙම සාකච්ජාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් 123 දෙනාගෙන් 97 දෙනෙකුම සහභාගී වූ බව අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා නියෝජිතයන් අතර මෙම හමුව තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේදී පැවැත්විණි.

මෙහිදී එජාප පළාත් සභා මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානයකින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉතා පහසුවෙන්ම ජයග්‍රණය කිරීමට හැකියාව පවතින බවයි.

මෙම විශේෂ සාකච්ජාව සඳහා තලතා අතුකෝරළ, චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරියන්ද ඉරාන් වික්‍රමරත්න,නලින් බණ්ඩාර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද එස්.එම් මරික්කාර් සහ හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සහභාගී වී තිබේ.



අදහස් (12)

එජාපයේ පළාත් සභා මන්ත්‍රීවරු 97 ක් සජිත්ව යෝජනා කරති

chandima Tuesday, 20 August 2019 06:19 PM

අර ගෙම්ම්බා පිම්බිල වුනු වැඩේ වෙයිද?

:       454       753

ලසන්තWednesday, 21 August 2019 01:18 AM

ඒකට හොඳටම ඉඩ තියෙනවා

:       1       219

purawasiyaa Tuesday, 20 August 2019 11:15 PM

පළාත් සභා අකර්මන්‍ය වී ඇති මොහොතක ඉදිරිපත් කරන ගණන් හිලව් ශුන්‍ය වේ.

:       1       3

Sanjeev Wednesday, 21 August 2019 01:55 AM

ඇවිල්ල ඉඳල තියෙන්නේ 50ට වඩා අඩු ගානක්. අදයි දන්නේ අජිත් පෙරේරා ගණන් දන්නේ නැ කියල. කාවද මේ රවට්ටන්නේ?

:       2       147

Saththaya Wednesday, 21 August 2019 02:42 AM

මේ මෑත යුගයේදී බිහිවුන සියලු ගුණධර්ම වලින් පිරුණු උගත්, බුද්ධිමත් ආධාර්ශමත් නියම සමාජ සේවයකයෝ පිරිසක් වෙන්න ඇති .

:       0       525

lalithm Wednesday, 21 August 2019 03:01 AM

ඔක්කොම ගෙම්බෝ තමා. ඒත් පාක්ෂිකයෝ බහුතරයක් ඉල්ලන ගෙම්බා ඕනේ. එතකොට ලිඳෙන් එලියට පැනල ලෝකේ දිහා බලන්න පුළුවන් වෙයි.

:       118       62

Sanka Wednesday, 21 August 2019 03:54 AM

මෑත දේශපාලන කාලය තුල ගමේ දුප්පතාට ගෙයක් දීල සෙතක් වෙන දෙයක් කරපු එකම කෙනා සජිත් විතරමයි. මේක අද මුළු රටම දන්නවා.

:       431       390

de silva berlin Wednesday, 21 August 2019 04:48 AM

සජිත්ට ජනපතිවරණය දින්නන්න පුළුවන් කියල 100% සහතිකයක් දෙන්න මට බැහැ , නමුත් එජාපෙ ඉන්න වැඩිම ඡන්ද ප්‍රමාණයක් ගන්න පුළුවන් ජනපති අපේක්ෂකයා සජිත් බව අනිවාර්යයෙන් සදහන් කරන්න ඕනේ . රනිල් , රවී කරුණානායක වැනි පුද්ගලයෙකුට ඡන්ද ලක්ෂ 10 ක්වත් ගන්න බැහැ ,

:       339       230

warunaWednesday, 21 August 2019 09:10 AM

මෙයා මොන ලෝකෙද ඉන්නේ? රනිල් ඉදිරිපත් වන්නෙත් නැහැ. රවීට දෙන්නෙත් නැහැ. රටක නායකත්වයට සුදුසුකම් සහිත සංධානයේ නායකයින්ගේ හා සිවිල් සංවිධානවල පිළිගැනීම් තිබෙන දිනන නායකයෙක් ඉදිරිපත්කිරීමට රනිල් කටයුතු කරන්නේ. රනිල් කියන්නේ පරිණත නායකයෙක්, නිවැරදි තීරකයෙක්...

:       319       509

ලකිත් ශ්‍යාමන් Wednesday, 21 August 2019 05:11 AM

මේ මන්ත්‍රීතුමාට ගණන් බෑ වගේ. එතන උන්නේ මන්ත්‍රීවරු 28ක් මිසක 97 ක් නෙමේ. පුටු නම් 95 ක් හිස්ව තිබුණා තමා.

:       4       206

Nihal Silva Wednesday, 21 August 2019 08:38 AM

කලිනුත් මේ අයද ජනාධිපති අපේක්ෂයව තේරුවේ ?

:       0       0

sirisena Wednesday, 21 August 2019 09:31 AM

සජිත් ගෙවල් දුන්නේ එයාගේ පුද්ගලික සල්ලි වලින් නොවේ. ආණ්ඩුවේ වැඩපිළිවෙල යටතේ. 2015 රනිල් නිවැරදි තීරණයක් අරගෙන ජය නොගත්තා නම් ගෙවල් දෙන්නේ කොහොමද?

:       0       106

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 873 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 988 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 569 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1514 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 78 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site