(නිමල කොඩිතුවක්කු)
රාජපක්ෂ විරුද්ධ බලවේග සියල්ලක්ම එකතු කරගෙන ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් 2015 ට වඩා පුළුල් සන්ධානයක් ලබන 5 වැනිදා ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.
2015 මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණු බොහෝ පිරිසක් මෙම පුළුල් සන්ධානය වටා එක්රැස් වී ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීය.
‘‘මෙයට වසර පහකට පමණ පෙර රාජපක්ෂවරුන් රටේ විශාල පාලන බලයක් හෙබවූවා. මහින්ද රාජපක්ෂ රටේ ජනාධිපති ලෙස කටයුතු කළා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් බලයක් ඔවුන්ට තිබුනා. පළාත් සභා බලය, පළාත් පාලන ආයතනවල බලය ආදී අති දැවැන්ත බලයක් සහිතව ඔවුන් මේ රට පාලනය කළා.
ඒ කාලයේ ආණ්ඩුව පෙරලනවා කියලා එක්සත් ජාතික පක්ෂ නායකයින් කිව්වහම ගොඩක් අය හිනා වුණා. ගොඩක් අය හිතුවේ මහින්ද රාජපක්ෂ තුන්වන වතාවටත් ජනාධිපති කරලා බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන්න ඔවුන් සැලසුම් කරලා තිබුණා.
මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සිවිල් සංවිධාන, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පුළුල් දේශපාලන පක්ෂ ගණනාවක් එක්ව පුළුල් සන්ධානයකින් කවදාවත් හිතපු නැති විදියට රාජපක්ෂ බලය මේ රටින් අතුගා දාන්න අපිට හැකියාව ලැබුණා.
දැන් මේ අවුරුද්ද අවසානයේ දී යළිත් ජනාධිපතිවරණයක් එනවා. මේ අවුරුද්ද අවසානයේ එන ජනාධිපතිවරණයත් එක්ක අපි මේ රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ තවත් අවුරුදු 5 කින් ඉදිරියට ගෙනයනවා. ඒ සඳහා 2015 ඇතිකරගත් පුළුල් සන්ධානයට වඩා පුළුල් සන්ධානයක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සන්ධානය ලබන 5 දා ජනතාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
රාජපක්ෂ විරුද්ධ සියලූ බලවේග එකතු කරගෙන ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන ඒ පුළුල් සන්ධානය අපි ගොඩනගනවා. 2015 දී අපිට සහයෝගය ලබා නොදුන් බලවේගත් අපිත් එක්ක එකතු වෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. අපිත් එක්ක එකතුවෙන්න ඉන්න බලවේග දිහා බලපුවහම තමුන්නාන්සේලා පුදුම වෙයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයෙක් මේ රටේ ජනාධිපති වෙනවා කියලා කවුරු හරි හිතනවානම් ඒක සිහිනයක් පමණයි කියලා අපි කියනවා’’ යැයි ද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එජාපයෙන් රාජපක්ෂ විරෝධී පුළුල් සන්ධානයක්
සේන Monday, 22 July 2019 09:44 AM
මෙතනයි වැරදි තැන. රටේ ජාතියේ උන්නතිය උදෙසා බලය ගන්නවා වෙනුවට පෞද්ගලිකව කෙනෙකු හට විරුද්ධව නැවතත් රටම රවටන්නයි සූදානම. අන්තවාදීන්, ත්රස්තවාදීන්, නිවටයින්, කපටින්, හොරුන් එකට එක්වී ජනයා මුලා කීරීම තමයි.
rama Monday, 22 July 2019 09:46 AM
අපිත් බලාගෙන ඉන්නේ ඔයාලට බලය දීලා තව පහක් නොකා නොබී දුක්විඳින්න..., එන්නකෝ 2020දී අපි බලමු.
athuraMonday, 22 July 2019 12:01 PM
ඇයි රජ පාලනේ තියනකොට ගහපු ඒවා දැන් හිඳිලම ගිහින්ද මහත්මයා...
rama Monday, 22 July 2019 10:07 AM
ඉස්සෙල්ලා ඡන්දෙ තියන්නකෝ, අපි බලාගෙන ඉන්නේ හොදට සලකන්න.
thushara Monday, 22 July 2019 10:10 AM
ඔයාලට ඕනේ බලය රැකගෙන සුඛ විහිරණ ලබන්න රට ජාතියට ආගම විනාශයට ගියාට කමක් නැහැ. ඔයාල එකතු කරගන්න හදන්නේ සුළු ජාතික ඡන්ද ටිකනේ. කොහොමත් ඔයාල එක්ක එයාල දීග කන්න කැමති ඉල්ලන ඉල්ලන දේ දෙනවනේ..අවුරු 30 යුද්දේ කරේ ඕකට තමා පින්වතුනි...
Bandara Monday, 22 July 2019 10:14 AM
සූත්තර පුංචාව එළවාගන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. එච්චරටම කපටියි.
sirimal Monday, 22 July 2019 11:28 AM
ඔතෙන්ට අර කළුතර පැත්තේ කටට බ්රේක් නැති බලවතාත් එක්වෙනවා කියන්නේ ඇත්තක්ද?
Demuni de silva Monday, 22 July 2019 11:48 AM
මිනිසුන් එක්රැස්වී සිටින්නේ නාගා සමගයි. එ්ක තමයි අලුත් නැඹුරුතාවය..
Bandula. Monday, 22 July 2019 11:49 AM
ඔය මොන වෙට්ටු දැම්මත් ඔය 225න් වැඩි හරියක් මෙදා පාර ගෙදර තමයි. නිකන් හීන දකින්න එපා...