උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් මෙම අගෝස්තු මාසය වන විට නිම කර එහි ප්රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.
ව්‍යාපෘතියේ ඉදිකිරීම් 92 ක් පමණ මේ වන විට අවසන්ව තිබෙන අතර ඉදිරි කටයුතු ද කඩිනමින් සම්පූර්ණ කරන ලෙස ජනාධිපති ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින්ට දැනුම් දුන්නේ ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ නිරික්ෂණ චාරිකාවකට අද (22) එක් වෙමිනි.
මෙරට ක්‍රියාත්මක විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියක් වන උමාඔය ව්‍යාපෘතිය සඳහා අයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 535 කි.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන භූගත විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය. ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 120ක විදුලිබල ධාරිතාවක් එක් කෙරෙන මෙම බලාගාරයේ ඉදිකිරීම් මේ වන නිම වෙමින් පවතී.
උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් දකුණේ සහ නිරිතදිග වියළි කලාපයේ ඉඩම් අක්කර 5000 කට යල මහ කන්නයේ වාරි ජලය සැපයීමට සැලසුම් කර තිබේ. එමෙන්ම වැල්ලවාය, මොණරාගල පළාත්වල කුඩා වැව් 300 ක් පමණ මෙමගින් පෝෂණය කිරීමට නියමිතය.
ජලාශයේ ප්‍රධාන උමගේ ඉදිකිරීම් ද අද ජනාධිපතිතුමාගේ නිරික්ෂණට ලක් විය.
ව්‍යාපෘතිය හරහා පුහුල්පොල දී සහ ඩයරබා දී ජලාශ දෙකක් ඉදි කෙරෙන අතර එම ඉදිකිරීම් ද ජනාධිපති නිරික්ෂණය කරනු ලැබීය.
පාරිසරික බලපෑම් පිළිබද නිසි ඇගැයීම් සිදු කරමින් සහ නිරන්තර අවධානය යොමු කරමින් ව්‍යාපෘතියේ කටයුතු සිදුකෙරෙමින් පවතී.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු නිලධාරින් ද ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිසක් ජනාධිපති සමඟ මෙම නිරික්ෂණ චාරිකාවට එක්ව සිටියහ.
(28535)
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
උමාඔය ඉදිකිරිම් අගෝස්තුවේ නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
de silva Friday, 22 February 2019 02:02 PM
ජනාධිපතිතුමා උත්සහ කරන්නේ තම ධුර කාලය මේ අවුරුද්ද අවසානෙදි ඉවර වෙන නිසා ඕක හදිස්සියට කරලා විවෘත කරන්න. ඕවා හදිස්සියට කරන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ බදු ගෙවන අපි සහ ප්‍රදේශවාසි ජනතාව ඕව සෙමින් සෙමින් හරි නිසි ප්‍රමිතියට ඉදිකරන්න.
RaveendraFriday, 22 February 2019 02:44 PM
de silva කමක් නැහැ ඔබේ, මගේ, අපේ බදුමුදල් නේ එක ශතයක්වත් 225 ක් වූ ගව රෑනගෙ නෙවෙයිනේ. මෙයා තමයි සෑම දේශපාලුවෙකුගේම එකම එකපැතුම... එපමණක් නොවේ කාලකන්නින්ගේ නම් ගම් ටිකත් හරියට ලියලා තියෙන්න ඕනේ... අහවල් මහජන නියෝජිතයා වන මාගේ ගෙදරින් ගෙනාපු මුදල් වලින් සාදා නිමකරන ලදී. දේශපාලුවා යනු දේශය පාලුකරන මූසලයන් බව මෙයත් එක හොඳ උදාහරණයකි. මෙය දියවන්නා ඔයේ 225ක් සත්ව රෑනටම පොදු සාධකයකි. මම කෙසේ හෝ මගේ නම ලියා ගන්නවා හොඳේ... වැලිගම යනකොට ඒ බෝඩ් ලෑලිත්, කොන්ක්‍රීට් බෝඩ් අරගෙනම මම යනවා.. කාටද ආඩම්බර...? අමතක නොකරන්න. මේක මෙයාට විතරක් නොවේ... අනිත් 224ටත් මේ කාලකන්නි උණ තමයි තියෙන්නේ..
senaSaturday, 23 February 2019 07:11 AM
සිල්වා මහත්තයා හරියටම හරි, දේශපාලන නියාය පත්තරවලට වැඩ කරන්න ගියාම තත්වය බාල වෙනවා විතරක් නෙවෙයි "ප්‍රොජෙක්ට් අක්සලරේෂන් චාජස්" කියලා විශාල මුදලක් ගෙවන්න වෙනවා - මට මතකයි මහවැලිය කාලේ දේශපාලකයෙක් ඔය වගේ ලොකුමුදලක් ගෙව්වා කියලා පත්තරවල තිබුණා. ඒ කාලේ කොමිස් කන්න කියලා සැකයක් එම ලියුම් කරුවෝ මතුකරලා තිබුණා.
සමන්ති Saturday, 23 February 2019 01:28 AM
පහුගියකාලේ පලාබබෙක් වතුර කාන්දුවෙනවා. ජනතාවට පීඩාකාරියි කියකියා යටිගිරියෙන් කෑගැහුවා නේද? පිකටින් කලානේද? දැන් ඒ ප්‍රශ්න ඉවරද කියන්න...
RaveendraSaturday, 23 February 2019 04:48 AM
ඒ නිකන් ගානක් කප්පම් ගන්න වෙන්න ඇති. සල්ලි දැක්ක ගමන් "කටයි වසුරු පිටකරන "පැත්තයි වහගෙන " මොනවද කාපු " රිලව් වගේ ඉන්නවා ඇති...
Buddika Saturday, 23 February 2019 05:45 AM
ඔව් ඔව්.., ඉවර කරන්න වෙනවා. මොකද දෙසැම්බර් මාසෙන් පස්සේ මෙයා ගෙදර යන නිසා...
Gerami Saturday, 23 February 2019 10:14 AM
මෙයා මේ පවුලේ අයත් එක්ක ඔතනට ගිහින් බැම්මේ කොනකින් වාඩිවෙලා පොටෝ කීපයක් අරන් පත්තරේට දාගන්න ඔය දඟල්ලනේ...
rocky Saturday, 23 February 2019 02:00 PM
මට ඕන දවසට වැඩේ ඉවරකරපල්ලා..! මම තමයි ලෝකෙට ලොක්කා...!
Kumar Saturday, 23 February 2019 06:20 PM
ලංකාවේ ජනාධිපතිතුමා හිතන්නේ මේ ව්‍යාපෘති කේක් හදනවා වගේ කියලා වෙන්න ඇති. එහෙම නැතිනම් කවුරු හරි කියන්න ඇති අගොස්තුව විතර මේ ගොඩනැගීම් අවසාන කරනවා කියලා. ඒ කෙසේ වෙතත් ලබන මෝසමට කලින් නිමකරනවා නම් ලංකාවට යහපතක් සිදුවෙයි.
Rohana Sunday, 24 February 2019 01:43 AM
දේශපාලකයන් විවෘත කිරීම් වලට මෙතරම් ආශා කරන්නේ මොකද මන්ද. ඕව කරන්න ගිහිල්ල ප්‍රමිතිය නැතිවෙලා විශාල පාඩුවක් වෙන්න බැරිද?